අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

Prado ගෙන්වීමට එරෙහිව සජිත් කට නොඇරීම අභිරහසක්

Prado ගෙන්වීමට එරෙහිව සජිත් කට නොඇරීම අභිරහසක්

සියල්ලට එරෙහිව ඇරෙන සජිත්ගේ කට "Prado"වලට වැහුණේ ඇයි..? "Prado" ගෙන්වීම අත්හිටවූ කතාව ප්‍රෝඩාවක් ආණ්ඩුව නිදි-හැබැයි රට වැසියා අවදියෙන්..! ආණ්ඩුවේ සියලු දේට එරෙහිව කට අරින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…

සියල්ලට එරෙහිව ඇරෙන සජිත්ගේ කට "Prado"වලට වැහුණේ ඇයි..?

"Prado" ගෙන්වීම අත්හිටවූ කතාව ප්‍රෝඩාවක් 

ආණ්ඩුව නිදි-හැබැයි රට වැසියා අවදියෙන්..!

Prado ගෙන්වීමට එරෙහිව සජිත් කට නොඇරීම අභිරහසක්

ආණ්ඩුවේ සියලු දේට එරෙහිව කට අරින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රධාන ඔහුගේ මන්ත්‍රී කණ්ඩායම, රුපියල් කෝටි 350ක් වියදම් කර "Prado" වර්ගයේ අති සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමට ආණ්ඩුව ගත් ජනතා විරෝධී තීරණයට එරෙහි නොවී ඒ සම්බන්ධයෙන් මුනිවත රකිමින් කට පියා ගෙන සිටීම අභිරහසක් යැයි මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා අවධාරණය කර සිටියි.

මේ සම්බන්ධයෙන් "lankanewsweek" අදහස් දක්වමින් මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා වැඩි දුරටත් කියා සිටියේ, රටේ තිබෙන තත්ත්වය සලකා බලා එම වාහන ආනයනය කිරීම අත්හිටු වීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවට ආණ්ඩුව විවිධ කතාන්දර කියමින් ජනතාව රැවටීමට උත්සහ කළත් අදාළ වාහන තොගය නිසි වෙලාවට නැවෙන් ගොඩබානු ඇති බවය.

දැන්වීම

එවිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කර මන්ත්‍රීවරුන් 225 ම කිසිම හිරිකිතයකින් තොරව එම අති සුඛෝපභෝගී වාහන ලබා ගනු ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ නිර්මාතෘ සහ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා මෙසේද කීය.      

"රටම විනාශයක අභිමුව සිටිය දී රුපියල් කෝටි 350ක් (AstraZeneca එන්නත් ලක්ෂ 80ක් මිල දී ගත හැකි මුදලක්) වියදම් කොට අති සුඛෝපභෝගී V-8 වර්ගයේ "Prado" වාහන තොගයක් ආනයනය කිරීම සඳහා අතිශය රහසිගත ලෙස 2021 අප්‍රේල් මස 29 වැනිදා ණයවර ලිපි (L/C) විවෘත කළ ආණ්ඩුව හදිසියේම සිහිනයෙන් අවදි වූවා සේ අපට දේශනා කරන්නේ රටේ තිබෙන තත්ත්වය සලකා බලා එම ගනුදෙනුව අත්හිටු වීමට කැබිනට් තීරණයක් ගත් බවයි. 

ඒ අනුව බලන විට 2021 අප්‍රේල් මස 29 වැනිදා සහ එම ගනුදෙනුවට කැබිනට් අනුමැතිය ලැබුණු දිනවල කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩුව නිදා ගෙන සිට ඇත. ඒ මක් නිසාද යත් රටේ භයානක සෞඛ්‍ය සහ ආර්ථික වාතාවරණයක් තිබෙන බව රජය නොදැන සිටීමය. රජය සහ ඊට සම්බන්ධ වියතුන් නිදා ගෙන සිටියත් රට වැසියා අවදියෙන් සහ සිහියෙන් සිටින බව මතක් කර දිය යුතුයි. 

දැනටමත් මෙම වාහන ඇණවුම් කර අවසන්ය. එබැවින් මේ කියන අත්හිට වීම නිෂ්ඵල කතාන්දර පමණි. එම වාහන නිසි වෙලාවට නැවෙන් ගොඩබානු ඇත. එවිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කර මන්ත්‍රීවරුන් 225 ම මෙම අති සුඛෝපභෝගී වාහන ලබා ගනු ඇත. ආණ්ඩුවේ සියල්ලට එරෙහිව කට අරින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ මන්ත්‍රී කණ්ඩායම මේ සම්බන්ධයෙන් මුනිවත රකිමින් කට පියා ගෙන සිටීම අභිරහසක් බව කිව යුතුයි. 

රුපියල් 5000ක බඩු මල්ලක් නොලැබ සා ගින්නේ ලක්ෂ ගණන් දූ දරුවන්, මව්වරුන්, පියවරුන්, වැඩිහිටියන් සහ රෝගීන් ඇතුළු අසරණයින් සිටින විටෙක ආණ්ඩුවට නින්දෙන් සැප විඳීමට අයිතියක් නැහැ. ආණ්ඩුව මතක තබා ගත යුතු කාරණය වන්නේ ආණ්ඩුව නිදන අතරේ රට වැසියා අවදියෙන් සිටින බවයි."

Prado ගෙන්වීමට එරෙහිව සජිත් කට නොඇරීම අභිරහසක්

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න