Port City ය සම්මත කළ හැටි ජාත්‍යන්තරයේ විවේචනයට

රට-ජනතාව ගැන හිතන රජයක් මෙලෙස පනත් සම්මත කරන්නේ නැහැ න්‍යාය පත්‍රය බැසිල් රාජපක්ෂගේ හිටපු නීතිපතියි ආණ්ඩුවයි රට නොමඟ යැව්වා "Port City" පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය…
රට-ජනතාව ගැන හිතන රජයක් මෙලෙස පනත් සම්මත කරන්නේ නැහැ
න්‍යාය පත්‍රය බැසිල් රාජපක්ෂගේ
හිටපු නීතිපතියි ආණ්ඩුවයි රට නොමඟ යැව්වා
"Port City" පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් බහුතරයක් විවේචනයට ලක් කරමින් සිටින්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.
ප්‍රජාතන්ත්‍රවාදය අංශු මාත්‍රයක්වත් ඇති රටක් ජාතික වැදගත්කමකින් යුතු සහ අනාගත පරම්පරා ගණනාවකට බලපාන පනතක් මේ ආකාරයට පැය කිහිපයකින් අනුමත නොකරන බව ද ඔහු පෙන්වා දෙයි.
දේශබන්දු කරු ජයසූරිය මහතා මේ මේ බව පැවැසුවේ, "වරාය නගර කොමිෂන් සභා පනත සම්මත කර ගැනීමෙන් පසු" යන තේමාව යටතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මඟින් "ZOOM" තාක්ෂණය ඔස්සේ අඟහරුවාදා (25) සංවිධානය කෙරුණු සංවාදයේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
"Port City" පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කළ ආකාරය සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් බොහෝ ගණනකගේ විවේචනයට ලක් වුණා. ප්‍රජාතන්ත්‍රවාදය අංශු මාත්‍රයක්වත් ඇති රටක් ජාතික වැදගත්කමින් යුතු සහ අනාගත පරම්පරා ගණනාවකට බලපාන පනතක් මේ ආකාරයට පැය කිහිපයකින් අනුමත කරන්නේ නැහැ.
දැන්වීම
රජය එම අවස්ථාවේ දී සිටියේ සහ ක්‍රියා කළේ පාර්ලිමේන්තුවේ සිය තුනෙන් දෙකක බලයෙන් සහ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ රශ්මියෙන් මත් වෙලා. මේ සියල්ලටම වඩා ජනතාව කුපිත වී සිටින්නේ, මෙම පනත ව්‍යවස්ථාවට අනුකූල බවට රජය සහ හිටපු නීතිපතිවරයා රටට හමුවේ වගේම දේශීය සහ විදේශීය ආයෝජකයින් හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නිසයි. මේ සම්බන්ධයෙන් රජය සිය ස්ථාවරය වහාම පැහැදිලි කළ යුතුයි. මේ ක්‍රියාවලිය මඟින් රටත්, ජනතාවත්, දේශීය සහ විදේශීය ආයෝජකයින්නුත් මුළුමනින්ම නොමඟ යැවීමක් සිදු වුණා.
එමෙන්ම මේ පනත සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් ආරම්භ කර ඊට සුදුසු කොන්දේසි ඇතුළත් කරමින් එම පනත වෘත්තීමය වශයෙන් සකස් කර 2020 මහා මැතිවරණය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යහ පාලන රජය කටයුතු කර තිබුණා. ඒ අනුව වත්මන් රජය කළ යුතුව තිබුණේ ලෝකයේ පිළි ගත හැකි කොන්දේසිවලට යටත්ව විපක්ෂය සමග ද එකට එක්ව සහයෝගයෙන් යුතුව රටට හිතෛෂී ලෙස එම පනත සකස් කර සම්මත කර ගැනීමයි.
නමුත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව රජයට අවශ්‍ය වූයේ, වරාය නගර ව්‍යාපෘතිය සහ ඊට අදාළ පනත සිය ගජ මිතුරන් වෙනුවෙන් ක්‍රියා කරන ව්‍යාපෘතියක් බවට පත් කර ගැනීම සඳහා එම ව්‍යාපෘතිය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමේ ආධිපත්‍යයට යටත් කර ගැනීමටයි. ඒ අනුව විපක්ෂය මෙම පනතට විරුද්ධ බවට ආණ්ඩුව රටේ සාවද්‍ය මතයක් ඇති කළා. නමුත් වර්තමාන විපක්ෂය සෑම විටම සඳහන් කළේ, මෙම ව්‍යාපෘතියට අදාළ කොන්දේසි එක දේශපාලන පක්ෂයකට අවශ්‍ය ආකාරයට නොව අන්තර්ජාතික ක්‍රමවේද අනුව ඉදිරිපත් කරන්නේ නම් සිය කණ්ඩායම ඊට පූර්ණ සහයෝගය ලබා දෙන බවයි. ඒ අනුව නිසි පරිදි සකස් කළ පනතකට ඉදිරියේ දී හෝ විපක්ෂයේ සහයෝගය ලබා ගත හැකියි.
වරාය නගර ව්‍යාපෘතියට අදාළ පනතෙහි සඳහන් වගන්ති 25 ක් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන අතර එහි ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ බහුතරයකින් වගේම ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට සිය මතය ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් ලබා දුන් බව රටම දන්නවා. එසේ තිබිය දී එම පනත රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව මුල සිටම කියමින් රජය සහ හිටපු නීතිපතිවරයා කළේ රටත් ජනතාවත් නොමඟ යැවීම බව ජන සමාජයේ බහුතරයේ මතයයි. මේ අනුව අපගේ ප්‍රශ්නය වනුයේ අනාගතයේ දී මෙවැනි බලධාරීන්ගෙන් රට රැක ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි.
"Port City" පනත සම්පූර්ණයෙන් දේශපාලනයට ලක් වූ බව කිසිවෙකුට රහසක් නොවේ. විපක්ෂය විසින් ඉතා ශීලාචාර අන්දමින් ඉදිරිපත් කළ සංශෝධන කිසිම ආකාරයකින් සලකා නොබලා නින්දිත අන්දමින් ඉවත ලෑම ප්‍රජාතන්ත්‍රවාදයට කළ නිගාවක් බව කිව යුතුයි.
අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් පොරොන්දුවක් දුන්නා. නමුත් මෙම ව්‍යාපෘතියට අදාළව සභාපති සහ අධ්‍යක්ෂවරුන් පත් කිරීමේදී විශේෂ අවධානය යොමු කරන බවට පැහැදිලි ප්‍රකාශයක් කර නැහැ. අප දන්නා පරිදි නිල බලයෙන් අධ්‍යක්ෂවරුන් පත් කිරීම පිළිබඳ නිසි තීරණයක් නැහැ. ඒ අනුව එහෙයියන් ගැත්තන්, මිත්‍රයින් සහ දේශපාලකයින් පත් කිරීම පහසුවෙන් සිදු විය හැකියි.
එමෙන්ම මෙම පනත සකස් කළේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව නොව පිට රට සමාගමක නීතිඥවරියක් බවට විපක්ෂනායකවරයා චෝදනා කර සිටියා.මෙහි සත්‍යතාවයක් තිබේ නම් එම ක්‍රියාව පාර්ලිමේන්තුවට කළ බලවත් අපහාසයක් බව කිව යුතුයි. ගරු මන්ත්‍රීතුමන්ලා මේ තත්ත්වය සුළුවට සලකන්න එපා. ගරු මන්ත්‍රීවරුන්ගේ ගෞරවයට හානි කරන්න ඉඩ දෙන්න එපා. ඔබට ඉදිරිය දේශපාලන අනාගතයක් තිබෙනවා. රට ගිනි ගෙන ඇති අවස්ථාවක අපට අවශ්‍ය මෙම ගැටලුව මිත්‍රශීලීව විසඳා ගැනීමටයි. නමුත් රටේත් ජනතාවගේත් අවාසනාවකට එවැනි පරිසරයක් තවම නිර්මාණය වී නැහැ.