අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

Online පනත ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට විරුද්ධයි

Online පනත ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට විරුද්ධයි

"මාර්ග ගත ක්‍රමවේදවල සුරක්ෂිතභාවය" පිළිබද පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ස්ථාවර නියෝගවලටත් පටහැනි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ…

"මාර්ග ගත ක්‍රමවේදවල සුරක්ෂිතභාවය" පිළිබද පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ස්ථාවර නියෝගවලටත් පටහැනි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (23) පැවති විවාදයට එක් වෙමිනි. 

පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමේ කාර්යපටිපාටිය ගැන ස්ථාවර නියෝගවල පැහැදිලිව සදහන් ඇති බවත් ස්ථාවර නියෝග 50 (2) යටතේ කෙටුම්පතක් පළමු වර කියැවිම සිදුවූ වහාම ආංශික අධීක්ෂණ කාරකසභාවට යොමු කළ යුතු බවත් කාරකසභාව විසින් පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීම මෙන්ම කාරකසභාව විසින් පාර්ලිමේන්තුවට නැවත වාර්තා කරන තෙක් හෝ පාර්ලිමේන්තුව විසින් එසේ වාර්තා කිරිමට ලබා දී ඇති කාලය ඉකුත් වන තෙක් පාර්ලිමේන්තුව විසින් ඒ සම්බන්යෙන් පියවරක් නොගත යුතු බවට එහි සඳහන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වීම

වාර්තාවක් නොමැතිව මෙම ක්‍රියාදායමය ව්‍යවස්ථානුකූලව සහ ස්ථාවර නියෝගවලට අනුකූලව ඉදිරියට යා නොහැකි බවත් මෙම මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්දයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාව ලබා දුන් වාර්තාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධනවලට යටත්ව එකඟව මෙය ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳ කාරකසභා වාර්තාව එහි සභාපතිවරයා විසින් 2024 ජනවාරි 23 වැනි දා පාර්ලිමේන්තුවට පිළිගැන්විය යුතු යැයිද තීරණය කර ඇති මුත් එම වාර්තාව මේ වන තෙක් ලැබී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේ 225 දෙනාම මෝඩයෝ නොවන බැවින් මේ සභාවේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සම්බන්ධ ස්ථාවර නියෝගවල පැහැදිලිව තිබුණත් ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව නොමැති බැවින් මෙම විවාදයේ වැඩකටයුතු ස්ථාවර නියෝග සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ටිරාන් අලස් මැතිතුමා පත් කළ විශේෂඥ කමිටුවේ නිර්දේශවලට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ආංශික අධික්ෂණ කාරක සභාවේ සියලු දෙනාම එකතු වුවත් නීතිපතිවරා විසින් කියා ඇත්තේ මේ අවස්ථාවේ මෙය ව්‍යවස්ථාවට පටහැනි නිසා කළ නොහැකි බවයි. එබැවින් මෙය ව්‍යවස්ථානුකූලව සහ ස්ථාවර නියෝගවලට පටහැනි වීමත් ටිරාන් අලස් මහතාගේ විශේෂඥ කමිටුවේ නිර්දේශත් ඇතුළත් කර නව පනතක් ගෙන ආ යුතු බවත් මෙහි සිදුව ඇති සංශෝධන ගැන දැනුමක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තොරතුරු සගවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවගේ නිදහස සමග සෙල්ලම් නොකරන ලෙසත් ශ්‍රී ලංකාව ඒකාධිපති රටක් නොවන නිසා භාෂණයේ නිදහස් වැදගත් බැවින් එය ආරක්ෂා කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය භාෂණයේ නිදහස් මූලික අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් මෙම පනත් කෙටුම්පත නැවත සලකා බැලීමට කල් දමන ලෙසත්ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
Online පනත ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට විරුද්ධයි | Lanka Newsweek