අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

Online පනත ගැන ඇමරිකාව කණස්සල්ලෙන්

Online පනත ගැන ඇමරිකාව කණස්සල්ලෙන්

"Digital" ආර්ථිකයට-ආයෝජනවලට බාධා එල්ල විය හැකියි දැඩි නීති මගින් ජනතා හඬ යටපත් නොකරනු ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය "Twitter" පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත…

"Digital" ආර්ථිකයට-ආයෝජනවලට බාධා එල්ල විය හැකියි 

දැඩි නීති මගින් ජනතා හඬ යටපත් නොකරනු 

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය "Twitter" පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු "මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය" පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සිය කණස්සල්ල පළ කර සිටියි.

"මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය" පිළිබඳ පනත මගින් ප්‍රකාශනයේ නිදහසට, නවෝත්පාදනයට සහ පෞද්ගලිකත්වයට එල්ල විය හැකි තර්ජන සේම බලපෑම් සම්බන්ධයෙන් "Digital" ආර්ථික සේවා සපයන සමාගම් සහ සිවිල් සමාජය ප්‍රධාන පාර්ශව කරුවන් ඉදිරිපත් කළ අදහස් සහ යෝජනා ඇතුළත් නොකර සම්මත කර ඇති එම පනත මගින් විශාල බලපෑමක් එල්ල විය හැකි යැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය "Twitter" පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නීය. 

ඒ අනුව මේ පනතෙහි අන්තර් ගත නොපැහැදිලි සහ දැඩි නීති හේතුවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික වර්ධනය අඩාල වී ආයෝජනයට සහ "Digital" ආර්ථිකයේ සංවර්ධනයට බාධාවක් එල්ල විය හැකි අතර එමගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් ද  අනතුරට පත් වනු ඇතැයි එම "Twitter" පණිවුඩයේ දැක්වේ.  

එම නිසා විනිවිධ භාවයට ප්‍රමුඛත්වය දී කිසිදු නීති සම්පාදනයක් මගින් ජනතාවගේ හඬ යටපත් නොකරන බවට සහතික වන ලෙස ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව ද ජූලි චන්ග් මහත්මිය නිකුත් කර ඇති එම "Twitter" පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
Online පනත ගැන ඇමරිකාව කණස්සල්ලෙන් | Lanka Newsweek