අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

Navy House වෙත හෙළිකොප්ටරයකින් ආවේ කවුද..?

Navy House වෙත හෙළිකොප්ටරයකින් ආවේ කවුද..?

මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ද..? හෙළිකොප්ටර් දෙකක් ගොඩ බස්සලා ත්‍රිකුණාමලයේ නාවික හමුදා නිල නිවස්නය (Navy House) වෙත අඟහරුවාදා (10) උදේ 6.00 ට සහ උදේ 9.30 ට ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටර් යානා දෙකක්…

මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ද..?

හෙළිකොප්ටර් දෙකක් ගොඩ බස්සලා  

Navy House වෙත හෙළිකොප්ටරයකින් ආවේ කවුද..?

ත්‍රිකුණාමලයේ නාවික හමුදා නිල නිවස්නය (Navy House) වෙත අඟහරුවාදා (10) උදේ 6.00 ට සහ උදේ 9.30 ට ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටර් යානා දෙකක් ගොඩ බෑ බවට තොරතුරු වාර්තා වේ.

සුද්දන්ගේ පාලන කාලයේ දී ඉදි කර ඇති මෙම අති සුඛෝපභෝගී නාවික හමුදා නිල නිවස්නය රාජ්‍ය තාන්ත්‍රික නිල නිවසනයක් වන අතර එම මන්දිරය පිහිටා තිබෙන්නේ ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර අභ්‍යන්තරයේ හෙවත් අධි ආරක්‍ෂිත කලාපයකය. 

දැන්වීම

මේ අතර කොළඹ අරලිය ගහ මන්දිරයෙන් අඟහරුවාදා (10) අලුයම 2.00 ට පමණ එළියට පැමිණ ඇති හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස හෙළිකොප්ටර් යානයකින් කොළඹින් පිටව ගිය බව ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් "lankanewsweek" වෙත තහවුරු කර සිටියේය.     

හිටපුන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අරලිය ගහ මන්දිරයෙන් පිටව ගොස් තිබෙන්නේ, අතිරේක හමුදා බල ඇණි තුනක් කැඳවා, අරලිය ගහ මන්දිරය වට කර ගෙන සිටී විරෝධතාකරුවන් ඉවත් කිරීමෙන් පසුව බව ආරක්ෂක අංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

Navy House වෙත හෙළිකොප්ටරයකින් ආවේ කවුද..?

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
Navy House වෙත හෙළිකොප්ටරයකින් ආවේ කවුද..? | Lanka Newsweek