අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“lankanewsweek” අනාවැකිය සනාථ වෙයි-එජාපය බහුතරය පෙන්වයි..!

“lankanewsweek” අනාවැකිය සනාථ වෙයි-එජාපය බහුතරය පෙන්වයි..!

(සුජිත් මංගල ද සිල්වා) “lankanewsweek” පළ කළ සියලු අනාවැකි සනාථ කරමින් එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරුන් 122ක බහුතරයක් පාර්ලිමේන්තුවේදී තහවුරු කර පෙන්වීමට අද (14) සමත් විය. ඒ අග්‍රාමාත්‍ය මහින්ද…

(සුජිත් මංගල ද සිල්වා)

“lankanewsweek” පළ කළ සියලු අනාවැකි සනාථ කරමින් එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරුන් 122ක බහුතරයක් පාර්ලිමේන්තුවේදී තහවුරු කර පෙන්වීමට අද (14) සමත් විය.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරමින් සිය බහුතරය පාර්ලිමේන්තුවේ සනාථ කරමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සිය විශ්වාසය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122ක් අත්සන් තැබූ විශේෂ ලේඛනයක් එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන දේශපාලන පක්ෂ මගින් කතානායක කරු ජයසූරිය මහතා වෙත භාර දෙනු ලැබ තිබේ.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ යුත්තේ එක්සත් ජාතික පෙරමුණට හිමි පාර්ලිමේන්තු බහුතරය පිළි ගෙන අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

“එජාපයට දැනටම 121ක බහුතරයක්” යන ශීර්ෂය යටතේ 2018 නොවැම්බර් මස 6 වැනිදා ද, “රනිල් බහුතරය පෙන්වයි-මහින්ද ඉල්ලා අස්වෙයි-මෛත්‍රීට දෝෂාභියෝගයක්” යන ශීර්ෂය යටතේ 2018 නොවැම්බර් මස 13 වැනිදා ද “lankanewsweek” මේ සියලු තොරතුරු සියල්ලන්ට ප්‍රථම සිය පාඨකයින් වෙත හෙළිදරව් කළ බව අපි කණ්ඩායම සිහිපත් කර සිටිමු.එම ප්‍රවෘත්ති ඔබගේ දැන ගැනීම සඳහා මෙසේය.

එජාපයට දැනටම 121ක බහුතරයක්..!

November 6, 2018 lankanewsweek GALLARY, News 0

“lankanewsweek” අනාවැකිය සනාථ වෙයි-එජාපය බහුතරය පෙන්වයි..!

අතයි පොහොට්ටුවයි අතහැර තවත් 12ක් පනින ලකුණු..?

සම්බන්ධන්-හකීම්-රිෂාඩ් රනිල් එක්ක..!

එජාප -ශ්‍රීලනිප “බහුතරය” චිත්‍රපටයේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරය එජාපයට..!

“lankanewsweek” අනාවැකිය සනාථ වෙයි-එජාපය බහුතරය පෙන්වයි..!

(සුජිත් මංගල ද සිල්වා)

රටේ ජාතිකදේශපාලනය සහ පාර්ලිමේන්තුවේ උද්ගත වී තිබු අර්බුදකාරී තත්වය උඩු යටිකුරු කරමින් පාර්ලිමේන්තුවේ බහුතරයසහතික කර ගෙන රටත් පාර්ලිමේන්තුවත් ස්ථාවර කර ගැනීමට එක්සත් ජාතික පෙරමුණ සමත්ව සිටි.

කතානායකවරයා නොමැතිව එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අසන 105ක් හිමිව තිබු අතර එම පෙරමුණ නියෝජනය කළ විජයදාස රාජපක්ෂ,දුනේෂ් ගන්කන්ද, අශෝක ප්‍රියන්ත, වසන්ත සේනානායක, අතුරලියේ රතන,වඩුවේල් සුරේෂ් සහ ආනන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට සහය පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීමත් සමග එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ හිමිව තිබු ආසන සංඛ්‍යාව 98 දක්වා අඩු වී තිබිණ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හත් දෙනාගේද,   ශ්‍රී ලංකා වතු කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනාගේද, ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයාගේදසහය ඇතිව එක්සත් ජාතික නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ හිමිව තිබු මන්ත්‍රී සංඛ්‍යාව 95 සිට 107 දක්වා ඉහළගොස් තිබිණ.

කෙසේ නමුත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනාගේද ,ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනාගේද සහය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන බවට මේ වනවිට නිල වශයෙන් එම නායකයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ සහතික වී තිබේ.

ඊට අමතරව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ මනුෂ නානායක්කාර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී එක්සත් ජාතික පෙරමුණට එක් විය.

එමෙන්ම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන රාහුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතුමන්ත්‍රීවරුන් හත් දෙනෙක් සහිතශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසය ද රිෂාඩ් බද්‍යුදීන් මහතාගේ නායකත්වයෙන් ඉස්ලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයද සිය පුර්ණ සහය පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දෙන බවට නිල වශයෙන් සහතික වී තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණට ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දහසයදෙනාගේද,  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනාගේද,   සහය ඇතිව එක්සත් ජාතික පෙරමුණට මේ වනවිට පමණක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 121ක බහුතරයකගේ සහය හිමිව තිබේ.

ඊට අමතරව එක්සත් ජාතික පෙරමුණේ සිට එක්සත් ජාතික නිදහස් සන්ධානයට එක්වූ මන්ත්‍රීවරුන් හත් දෙනාගෙන් කිහිප දෙනෙකුම යළිත්සිය පක්ෂයට එක්වීමට සුදානමින් සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙක්දඑක්සත් ජාතික පෙරමුණට එක්වීමට නියමිතව සිටිති.

රනිල් බහුතරය පෙන්වයි-මහින්ද ඉල්ලා අස්වෙයි-මෛත්‍රීට දෝෂාභියෝගයක්..?

November 13, 2018 lankanewsweek GALLARY, News 0

“lankanewsweek” අනාවැකිය සනාථ වෙයි-එජාපය බහුතරය පෙන්වයි..!

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුවේදී හෙට (14) සිය බහුතර බලය පෙන්වීමට සුදානමින් සිටියි.

පාර්ලිමේන්තුව විසිරුවාහරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ඉදිරිපත් කෙරුණු පෙත්සම් සලකාබලා ශ්‍රේෂ්ඨාධිකරණය ඊට ලබා දුන් අතුරු තහනම් නියෝගය ද,“පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති ‍හෙයින් ඔවුනට හානව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකි වනතුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කරමි.” යනුවෙන් ද, “රජයේ නීත්‍යානුකූල භාවය පිළිබඳව තීරණයක් ගනු සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්විය යුතු බවට මන්ත්‍රීවරු 124 දෙනෙකුගෙන් 116 දෙනෙකු මා පෞද්ගලිකව හමුවී ඉල්ලාසිටි අතර තවත් 08 දෙනෙක් දුරකථනයෙන් මා අමතා මෙම යෝජනාවට පක්ෂපාතීත්වය පළකොට සිටියහ. සියවස් ගණනක් තිස්සේ අපගේ පූර්වගාමී කථානායකවරුන් අනුගමනය කරමින් මන්ත්‍රී බහුතරය හා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සතු අයිතිය සුරක්ෂිත කරනු සඳහා ඔවුන්ගේ ඉල්ලීමට ඉඩ දීමෙහි එකඟ වෙමින් මම සභාවේ ඡන්දයක් ගතයුතු බව ප්‍රකාශ කරමි” යනුවෙන් ද සඳහන් කරමින් කතානයාවරයා නිකුත් කර ඇතිඅති විශේෂ නිවේදන දෙකට අනුවද ක්‍රියා කරමින් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාටද නැතිනම් මහින්ද රාජපක්ෂ මහතාටද යන්න පිළිබඳඅවසන් තීරණයක් ගැනෙනු ඇතැයිඉහලම පෙලේ දේශපාලන ආරංචි මාර්ගසඳහන් කර සිටියි.

පාර්ලිමේන්තුව හෙට (14) උදේ 10.00 රැස්වන අතර ඊට පෙර කතානායක කරු ජයසුරිය මහතා විසින් උදෑසන 8.30ට දේශපාලන පක්ෂ නායකයින්ගේ පක්ෂ රැස්වීමක් කැඳවා තිබෙන්නේ මේ සම්බන්ධයෙන්කරුණු සාකච්ඡා කර ස්ථිර විසදුමකට පැමිණි ම සඳහාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග “lankanewsweek” සමග හෙළිකර සිටියේ මහින්ද රාජපක්ෂ මහතා මේ දේශපාලන ව්‍යකුලත්වයට හසුවී සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති බවය.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් ගණනාවක් “lankanewsweek “සමග පැවසුවේ උද්ගත් වී තිබෙන තත්වය හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම කෙරෙහි සාකච්ඡා ආරම්භ වී තිබෙන බවය.

“lankanewsweek” අනාවැකිය සනාථ වෙයි-එජාපය බහුතරය පෙන්වයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
“lankanewsweek” අනාවැකිය සනාථ වෙයි-එජාපය බහුතරය පෙන්වයි..! | Lanka Newsweek