අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

La-Dalu Gardens-ජාතික කෘෂි විප්ලවයේ නියමු ව්‍යාපෘතියක්..!

La-Dalu Gardens-ජාතික කෘෂි විප්ලවයේ නියමු ව්‍යාපෘතියක්..!

කෘෂි අංශයට අවශ්‍ය සියල්ල එකම වහලක් යටින් කෘෂි වෙළෙඳ ක්ෂේත්‍රයේ පෙරැළියක් රට ආහාරවලින් ස්වයං පෝෂිත කරන රජයේ මෙහෙයුම උත්කර්ශවත් කිරීම අරමුණයි පළාත් නමයට-වෙළෙඳ සංකීරණ නමයක් (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී…

කෘෂි අංශයට අවශ්‍ය සියල්ල එකම වහලක් යටින් 

කෘෂි වෙළෙඳ ක්ෂේත්‍රයේ පෙරැළියක් 

රට ආහාරවලින් ස්වයං පෝෂිත කරන රජයේ මෙහෙයුම උත්කර්ශවත් කිරීම අරමුණයි

පළාත් නමයට-වෙළෙඳ සංකීරණ නමයක්

(සුජිත් මංගල ද සිල්වා) 

ශ්‍රී ලාංකික ජාතික කෘෂි කාර්මික ක්ෂේත්‍රයට අදාළ සියලු අවශ්‍යතා, පහසුකම් සහ සේවා එකම වහලක් යටින් සපුරාලීමේ අරමුණ ඇතිව රට පුරා පළාත් මට්ටමෙන් විශේෂ කෘෂි වෙළෙඳ සේවා සංකීරණ ආරම්භ කිරීමට "La Dalu Gardens Agri Ventures" පෞද්ගලික සමාගම කටයුතු යොදා තිබේ.

"La Dalu Gardens" නමින් හැඳින් වෙන එම ජාතික කෘෂි වෙළෙඳ සේවා සංකීරණ පද්ධතියේ ප්‍රධාන වෙළෙඳ සංකීරණය සහ කාර්යාලය විවෘත කිරීමේ සමාරම්භක උත්සවය වැවිලි කර්මාන්ත අමාත්‍ය දොස්තර රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතාගේ විශේෂ සහභාගීත්වයෙන් 2020 දෙසැම්බර් මස 17 වැනිදා පෙරවරු 10.00 ට යෙදී තිබෙන සුභ මොහොතින් කොළඹ, නාරාහේන්පිට, නාවල පාර, අංක 100/10 ලිපිනය දරන ස්ථානයේ දී අභිමානවත් අයුරින් සිදු කෙරේ.

මේ අනුව, සිය කාබනික සහ කාබනික නොවන කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය පැල වර්ග, බීජ වර්ග, පොහොර, කෘමි නාශක, කෘෂිකාර්මික උපකරණ, යන්ත්‍ර සූත්‍ර, නවීන තාක්ෂණය, උපදේශනය, මඟ පෙන්වීම සහ සේවා ඉතා සාධාරණ මිලකට "La Dalu Gardens" වෙතින් එකම වහලක් යටින් මිල දී ගැනීමට ගොවි ජනයාට, කෘෂි ව්‍යවසායකයින්ට, ගෙවතු වගාවන් හී නිරත වූවන්ට, සේම රාජ්‍ය සහ පෞද්ගලික කෘෂි ආයතනවලට අවස්ථාව උදා වන බව "La Dalu Gardens Agri Ventures" පෞද්ගලික සමාගම පෙන්වා දෙයි.

දැන්වීම

ශ්‍රී ලාංකික ජාතික කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරැළියක් සිදු කිරීම සඳහා "La Dalu Gardens Agri Ventures" සමාගම මෙම විශේෂ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ, ජාතික කෘෂිකර්මාන්තය දියුණු කරමින් රට ආහාරවලින් ස්වයං පෝෂිත කරන අතර නිෂ්පාදන ආර්ථිකයට පණ පොවමින් රට සංවර්ධනය කරා මෙහෙයවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන රජය ක්‍රියාත්මක කර තිබෙන ජාතික වැඩ පිළිවෙළ උත්කර්ශවත් කිරීමේ අරමුණිනි.

"La Dalu Gardens Agri Ventures" සමාගමේ මෙම විශේෂ ජාතික කෘෂි වෙළෙඳ සේවය සමග, ශ්‍රී ලාංකික ජාතික කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ආයතන එකට ඒකාබද්ධ වී සිටින අතර මේ අනුව කෘෂි කර්මයේ යෙදී සිටින ගොවි ජනයාට, කෘෂි ව්‍යවසායකයින්ට, ගෙවතු වගාවන් හී නිරත වූවන්ට, සේම රාජ්‍ය සහ පෞද්ගලික කෘෂි ආයතනවලට නවමු අත්දැකීමක් ලබා ගත හැකි වනු ඇත.         

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
La-Dalu Gardens-ජාතික කෘෂි විප්ලවයේ නියමු ව්‍යාපෘතියක්..! | Lanka Newsweek