Knight Kingගෙන් ආභාෂය ලැබූ Vecna

Stranger Things කතා මාලාව ඇසුරින් (එරංදි කෞශල්‍යා) Film එකක හරි ටීවී සීරීස් එකක හරි දැකපු අමුතු අමුතු චරිත නිර්මාණය කරලා තියෙන විදිහ, ඒ ප්‍රොසෙස් එක ගැන හොයන එක මට මාරම ඉන්ටරෙස්ටින් වැඩක්. මං ඒ වගේ…
Stranger Things කතා මාලාව ඇසුරින්
(එරංදි කෞශල්‍යා)
Film එකක හරි ටීවී සීරීස් එකක හරි දැකපු අමුතු අමුතු චරිත නිර්මාණය කරලා තියෙන විදිහ, ඒ ප්‍රොසෙස් එක ගැන හොයන එක මට මාරම ඉන්ටරෙස්ටින් වැඩක්. මං ඒ වගේ ලිපි ගණනාවක් මේ සමූහයේ පලකරලා තියෙනවා. එහෙම ක්ෂණික ආසාවක් ඇති වෙලා හොයපු තවත් කැරැක්ටර් එකක් තමයි Stranger Things එකේ Vecna. Demogorgon, Mind Flayer දෙන්නටම වඩා හතරවෙනි සීසන් එකේ හිටපු වෙක්නා තරමක් විශේෂ වුණා.
වෙක්නාගේ මේක්අප් ප්‍රොසෙස් එකත් හරිම ඉන්ටරෙස්ටින්. මුලින්ම වෙක්නා කියන්නෙ කවුද කිව්වොත් එයා ඇත්තටම Eleven වගේම මානසික හැකියාවන් තියෙන, හෝකින්ස් ලැබ් එකේ පරීක්ෂණවලට යොදාගත්ත පළවෙනි පිරිමි ළමයා. ඔහු හෙන්රි ක්‍රීල්. Eleven හෙන්රිව සටනකින් පස්සෙ Upside Down වෙත යැව්වට පස්සෙ ඒ පරිසරය එක්ක ඔහු බිහිසුණු Vecna බවට පරිවර්තනය වෙනවා. හෙන්රි ක්‍රීල්ට වගේම වෙක්නාට පණ දෙන්නෙ ජේමී කෑම්ප්බල්.
එතකොට මේ Vecnaට ඉන්ස්පයර් වුණේ කවුද?
වෙක්නාට ඉන්ස්පයර් වෙලා තියෙන්නෙ Game of Thrones කතාමාලාවේ එන Night King. Night King, Children of the forest, Vecna, White Walkers, The House of dragons එකේ King Viserys, The Last of us එකේ ෆන්ගල් ක්රියේචර්ස්ලා මේ හැම වේෂ නිරූපණයක්ම කරලා තියෙන්නෙත් එකම කෙනා. ඒ, සම්මානලාභී විශිෂ්ඨ පොස්තටික් ශිල්පියෙක් වෙන බැරී ගොවර්. බැරීගේ නායකත්වයෙන් යුත් වේශ නිරූපණ කණ්ඩායම වෙක්නාගේ අද්විතීය පෙනුම නිර්මාණය කරන්නට මාස ගණනක වෙහෙසක් දරනවා. මේ වෙහෙසකරභාවයට හේතුව Upside Down හි ඇති මුල් සහ වැල් වෙක්නාගේ ඇඟටත් ඇතුළත් කරන්නට සිදුවීම. ඒ වගේම විවිධාකාර අඳුරු වර්ණයන්ගෙන් සමන්විත වෙක්නාගේ සම නිර්මාණය. Vecna කියන්නෙ තනිකරම වේශ නිරූපණයක් මිස CGI නිර්මාණයක් නෙවෙයි.
දැන්වීම
ජේමිට වෙක්නා මේක්අප් එක කරන්න කණ්ඩායමට පළවෙනි දවසෙ පැය අටකට ආසන්න කාලයක් ගතවෙලා තියෙනවා. බැරී ගවර්ගේ BGFX සමාගම ආරම්භ කරපු අවුරුදු දහය ඇතුළත කරපු කෘතිම වේශ නිරූපණයන් අතරින් පුළුල්ම ප්‍රමාණයේ වේශ නිරූපණය Vecna කියලයි බැරී කියන්නෙ. මේක Night king makeup process එකට සමාන process එකක් වුණත් පරිමාණයෙන් බොහෝ විශාලයි.
Vecnaගේ ඇඳුම අවසන් වුණේ ෆෝම්, රබර් සහ සිලිකන් වලින් හදපු විවිධ කොටස් 25ක එකතුවකින්. උරහිසට යෙදුණු පොස්තටික් තට්ටුව විතරක් කිලෝග්‍රෑම් පහක බරකින් යුතු වුණා. විවිධ ශරීර කොටස් වෙනුවෙන් සැලසුම් අනුමත වුණාට පස්සෙ කණ්ඩායමට වෙක්නාට කෘතිම කොටස් යොදන ආකාරය නිසා, සෑම දිනකම එක් එක් කෑලිවල පිටපත් 25ක් සාදන්න සිදුවුණා. කිලෝ ගාණක් මේ තරම් සංකීර්ණ වේශ නිරූපණයක් දවස පුරාම දරාගෙන ඉන්න ජේමිගේ සුවපහසුව ගැනත් බැරී හිතලා තිබුණා. ඔහු වෙක්නා වෙනුවෙන් වේශ නිරූපණය සිදු කළේ ජේමීට ඕනම වෙලාවක සිය ශරීර කෘත්‍යයන් සිදුකරගන්නටත් පහසු වෙන විදිහටයි.
රූගත කිරීම් ආරම්භ වූ පසු, ගෝවර් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ වැඩ කළ අතර, ඔවුන් සෑම දිනකම අලුයම 2 හෝ 3 ට ජේමිට කෘතිම පාදය යෙදීම ආරම්භ කළා. හැකි ඉක්මනින් සම්පූර්ණ වේශ නිරූපණය අවසන් කිරීමට ඔවුන් උත්සාහ කළා. පළමු දිනයේ සියල්ල ඇලවීමට පැය අටහමාරක් ගත වුවත් අවසානයේ ඔවුන් එය පැය හයක් සහ විනාඩි 20 ක් දක්වා අඩු කරගන්නට සමත් වුණා.