අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

IMF ණය රජයේ ප්‍රමුඛ අවශ්‍යතා සඳහා යොදා ගත හැකියි

IMF ණය රජයේ ප්‍රමුඛ අවශ්‍යතා සඳහා යොදා ගත හැකියි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මීට පෙර අවස්ථාවලදී ලැබුණු ණය වගේ නොව රජයේ ප්‍රමුඛ අවශ්‍යතා සඳහා යොදා ගැනීමට හැකි බවත්, එම ණය මුදල අයවැයට සහය වීමට ලැබුණු ණය මුදලක් බැවින් එම මුදල මූලික අවශ්‍යතා…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මීට පෙර අවස්ථාවලදී ලැබුණු ණය වගේ නොව රජයේ ප්‍රමුඛ අවශ්‍යතා සඳහා යොදා ගැනීමට හැකි බවත්, එම ණය මුදල අයවැයට සහය වීමට ලැබුණු ණය මුදලක් බැවින් එම මුදල මූලික අවශ්‍යතා සඳහා යොදා ගැනීමෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

විදේශ ණය ගෙවීම රටක් ලෙස සිදු කළ යුතු බවත්, මෙම ලැබෙන ණය මුදලෙන් ඉන්දීය ණය ගෙවීම හෝ වෙනත් දේශීය කටයුතු සඳහා යොදා ගන්නවා ද යන්න රජය තීරණය කළ යුතු බවත්, කෙසේ වුව ද එම මුදල් යොදා ගැනීමේ කිසිදු වරදක් නොමැති බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.

රටේ පවතින උද්ධමන තත්වය තව දුරටත් 50%ක් පමණ වනු ඇති අතර ඉදිරියේදී මෙම උද්ධමන තත්ත්වය 50% ට වඩා අඩු වනු ඇති බවත් ඉදිරි මාසය ඇතුළත දී එම තත්ත්වය හොඳින් දැක ගන්නට හැකි වනු ඇති බවත් ආචාර්ය නන්ද ලාල් වීරසිංහ මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න