අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

GOMAට පිසලිය හැකි ජපුරේ දුක් කඳුළු

GOMAට පිසලිය හැකි ජපුරේ දුක් කඳුළු

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA) කියන්නේ අපේ රටේ තියන අතිශයින් ප්‍රබල වෘත්තීය සමිතියක්.වෘත්තිය සමිතියක ප්‍රබලත්වයට බලපාන හේතු කීපයක් තියනවා.එකක් ඒ වෘත්තීය සමිතිය සතු පිරිස් බලය,අනික අදාල…

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA) කියන්නේ අපේ රටේ තියන අතිශයින් ප්‍රබල වෘත්තීය සමිතියක්.වෘත්තිය සමිතියක ප්‍රබලත්වයට බලපාන හේතු කීපයක් තියනවා.එකක් ඒ වෘත්තීය සමිතිය සතු පිරිස් බලය,අනික අදාල ක්ෂේත්‍රය හරහා එයාලට කරන්න පුළුවන් බලපෑම.ඒක හින්දයි අපේ රටේ වෘත්තිය සමිති ව්‍යාපාරය ඇතුලේ වරාය,විදුලි,ඛණිජ තෙල්, ප්‍රවාහන,ගුරු - විදුහල්පති,වෛද්‍ය,හෙදි වගේ ඒවා බලවත්වෙලා තියෙන්නේ.

ඒ කාලේ ඔයාලට මතක ඇති රන්ජන් ජයලාල්ලා තර්ජනය කරනවා අහවල් දවසට රටම අඳුරේ තියනවා කියලා.ඇත්තටම මේ කියන ගොඩක් ක්ෂේත්‍රවල වෘත්තිය සමිතිවල බලය තිබුණේ ජවිපෙට.රටේ රාළ කියපු ඔය ක්ෂේත්‍ර ටික ගත්තත් GOMA,දුම්රිය ස්ථනාධිපතිවරුන්ගේ සංගමය වගේ කීපයක් හැරුණම අනිත් ඒවයේ බහූතර බලය තිබුණේ ජවිපෙට.හැබැයි අද ජවිපෙ විසින් නායකත්වය දෙන මාලිමා ආණ්ඩුව යටතේ ජවිපෙ සියලු වෘත්තිය සමිති කුඩුපට්ටං වෙලා ගිහින්.පුළුවන්නං රන්ජන් ජයලාල්ලට වෘත්ති සමිති සාමාජිකයෝ හම්බවෙලා එන්න කියන්න.

මහින්ද ජයසිංහට ගුරු - විදුහල්පතිවරු හම්බවෙන්න යන්න කියන්න.ගියොත් එයාලගේ සාමාජිකයන්ගෙන් බඩ කට පිරෙන්න කාලා තමයි එන්න වෙන්නේ.ඒකට හේතුව තමයි වෘත්තිය සමිතියක ශක්තිය රඳා පවතින්නේ සාමාජිකයන් ප්‍රමාණය මත නෙවෙයි.යම් වෙලාවක එයාලට ඒ ක්ෂේත්‍රයට කරන්න පුළුවන් බලපෑම මතත් නෙවෙයි.ඒක ඒ අවස්ථාවට සාපේක්ෂයි.හැබැයි එයාලා කරන වෘත්තිය සටන ඉතිහාසයට,වර්තමානයට සහ අනාගතයටත් සාධාරණ නං එතන තමයි වෘත්තීය සමිතියේ ශක්තිය තියෙන්නේ.ඒ කියන්නේ සටන යුක්ති සහගත එකක් වෙන්න ඕනි.සටන යුක්ති සහගත නම් ලොකු පිරිසක් ඕනි නෑ.

දැන්වීම

සටන දිනන්න පුළුවන්.හරි වෙලාවේ හරි උපක්‍රම තෝරන්න ඕනි එච්චරයි.රටේ රාළ ජපුර සටනේදී තනිවෙලා නෑ.තනි උනත් රටේ රාළට දැන් ආපහු හැරෙන්න බෑ.මොකද ජපුර වෙනුවෙන් රටේ රාළ කරන සටන යුක්ති සහගතයි.හැබැයි ජපුර රෝහලේ ජවිපෙ නොවන වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් තියනවා.වෛද්‍ය, හෙද,කණිෂ්ඨ සේවය සංගම් තියනවා.මේ වෘත්තිය සමිති ඇතුලේ ඉන්න පුද්ගලයෝ රටේ රාළ කතා කරනවා.හෙට CID ගෙනිහින් එල්ලලා ගැහුවත් ඒ කිසිකෙනක් පාවලා දෙන්නේ නෑ.

හැබැයි ජපුරේ තියන වගකීම් සහගත එක වෘත්තිය සමිතියක්වත් තවම කතා කළේ නෑ.රටේ රාළ කියන්නේ රටේ රාළත් එක්ක කතා කරන්න කියලා නෙවෙයි.රටට කතා කරන්න. එක පාරට නිදාගෙන ඇහැරිලා ලියුමක් ගහලා ආය නිදාගන්න තැනට ඔයාලා පත්වුනේ ඇයි?ජපුර රැකගැනීමේ සටනේදී රටේ රාළ තියෙන්නේ පුරවැසියෙක් විදිහට වගකීමක් විතරයි.හැබැයි ඔයාලට පුරවැසි වගකීම වගේම වෘත්තීයමය වගකීමකුත් තියනවා.අපිට මෙතනදී GOMA කීයටවත් අමතක කරලා කතා කරන්න බෑ.එයාලා කියන්නේ එයාලා තමයි දකුණු ආසියාවේ විශාලතම trade union එක කියලා.

ගොඩක් ඉන්න වෘත්තීය සමිතිවල ඔක්කොම එක පාර නින්දට වැටුනම ඔක්කොම නිදි කියලා පේනවා.එකෙක් දෙන්නෙක් හිටියා නම් එහෙම පේන්නේ නෑ.දකුණ ආසියාවේ ලොකුම trade union එක නිදි නම් කාටද පේන්නේ නැත්තේ.රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ජයවර්ධනපුර රෝහල් ශාඛාවක් තියනවා.සෞඛ්‍ය ඇමති විදිහට රාජිත ඉන්න කාලේ සහ කෙහෙලිය ඉන්න කාලේ GOMA පට්ට සක්‍රීයයි.හැබැයි දැන් GOMA නිෂ්ක්‍රීයයි.එහෙම නං GOMA රටට කියන්නේ ඕනි සටන් කරන්න තරම් දෙයක් දැන් ඉතිරිවෙලා නෑ.

අනුරයි - නලින්දයි සෞඛ්‍ය ක්ෂේත්‍රයට හොඳටම කරලා තියෙන්නේ කියලා.හැබැයි අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාගෙන වැටෙන විදිහ,ජපුර වගේ රෝහලක් බාලා ඉදිද්දී කඩා වැටෙන විදිහ දකින්න බැරිනං එක වෙලාවකට ඒ සෞඛ්‍ය සේවකයෝ මොකටද කියලත් හිතෙනවා.කමක් නෑ.රටේ රාළ GOMA එක්ක තරහා නෑ.හැබැයි මෙතනදී ඇත්තටම රටේ රාළට මතක් වෙන්නේ Dr අනුරුද්ධ පාදෙනිය.රටේ රාළ පාදෙනියගේ දේශපාලනට විරුද්ධයි.

Dr පාදෙනිය තමන් නොදන්න රසායනික පොහොර කතාවකුයි, රසායනික පොහොරවලින් වකුගඩු රෝග හැදෙනවා කියලා විද්‍යාත්මකව තහවුරු නොකල කතාවතුයි එකතු කරලා ගෝඨාභයගේ කාබනික පොහොර project එකට මෝඩ තියරි හදලා දුන්නා.එදා රටේ රාළ පාදෙනියගේ ඒ දෙමුහුන් දේශපාලන තියරියට කොන්දේසි විරහිතව ගැහුවා.හැබැයි රටේ රාළ කවදාවත් පාදෙනියගේ වෛද්‍ය වෘත්තියට සහ වෘත්තිය සමිති නායකත්වයට ගැහුවේ නෑ.අද පාදෙනිය ඔතන හිටියා නම් GOMAට ඔහොම නිදා ගන්න නං දෙන්නේ නැති බව සියට දාහක් ෂුවර්.

පාදෙනියගේ ඇඟ ඇතුලේ හොඳ දොස්තර මහත්තයෙක් හිටියා. අද GMOA එකට පාදෙනිය කෙනෙක් ඕනි වෙලා.රටේ රාළ ජපුරේ සටනට සම්බන්ධ වෙන්නේ මහේෂිගේ ප්‍රශ්නයත් එක්ක. කවදාවත් මහේෂි ගැන අහලා,දැකලා,කතා කරලා නෑ.ඇයි රටේ රාළ නොදන්නා ගැහැනියක් වෙනුවෙන් සටනට ගියේ?ඒකට හේතු දෙකක් තිබුණා.මහේෂි හරිද,වැරදිද කියන එක අධිකරණයෙන් තිරණය කරයි.හැබැයි Ward round යන මහේෂි කවුරු උස්සගෙන ගීයත් ඒ අරන් ගියේ ඉන්දියානු බාල බෙහෙත් මාෆියාවේ උවමනාවට බව රටේ රාළ දැනගෙන හිටියා.

එදා රටේ රාළ ඒක කියනකොට ගොඩක් අය කිව්වා උඹට පිස්සු කියලයි.හැබැයි අද ඒක මේ මහ පොලොව උඩ යථාර්ථයක් වෙලා තියනවා.මහේෂි වෙනුවෙන් මේ විදිහටම කොන්දේසි විරහිතව හැපෙන්න රටේ රාළ තීරණය කළේ මගේෂිගේ දුව අපේ රටේ තක්කඩි නිළධාරීන් කීපදෙනෙක් හැරස් කරපු විදිහ ඒ වයසේ දුවෙක් ඉන්න අප්පච්චී කෙනෙක් විදිහට නිහඩව බලා ඉන්න බැරි හින්දයි.මගේෂිවත්,දුවවත් අඩුම ගානේ රටේ රාළට ස්තුති කරන්නවත් කතා කළේ නෑ.රටේ රාළට එහෙම විශේෂ ස්තුතියක් ඕනිත් නෑ.

මොකද රටේ රාළ කරපු ඒ සටන ඉතිහාසය ඇතුලේ,වර්තමාන ඇතුලේ වගේම අනාගතය ඇතුලේත් යුක්ති සහගතයි.රටේ රාළ කියන්නේ නෑ ජපුර සම්බන්ධව GOMA මොකුත්ම කළේ නෑ කියලා. රටේ රාළ අහන්නේ මෙච්චරයි,ජපුරේ නෙවෙයි ඕනිම රෝහලක සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ කේන්ද්‍රීය සාධකය වෙන්නේ වෛද්‍යවරු.රෝහලේ අභිවෘද්ධිය වෙනුවෙන් පරිපාලනය එක්ක කරට කර හැපෙන්න වැඩිම හැකියාව තියෙන්නේ ඩොක්ටර්ස්ලට. ඇත්තටම වෛද්‍යවරු නියෝජනය කරන වෘත්තිය සමිති ව්‍යාපාරය විදිහට ජපුරේ උද්ගතවී තියන තත්වයට අවම සාධාරණයවත් GOMA ඉෂ්ඨ කළාද?

ඒ ප්‍රශ්නය ඔයාලගේ හෘද සාක්ෂියෙන් අහන්න.අර තුට්ටු දෙකේ විදුලි කාර්මික වෘත්තිය සමිතිකාරයත් වඩම්මගෙන තමරලා, ධම්මිකලා,ෆර්මිලාලා ward round යනකොට ඔයාගෙත් රෙදි ගැලවෙන්නේ නැද්ද?එතකොට දකුණු ආසියාවේ බලවත්ම trade union එකත් විදුලි කාර්මිකයාගේ ගොන් පාට්වලට බයයිද?නැත්තං තමර,ධම්මික,ෆර්මිලාලගේ වගේම ඔයාගෙත් කොදු කඩලද?අඩුම ගානේ ජපුරේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තේරීම වෙනුවෙන් ජපුරේ ඉන්න වෛද්‍යවරුන්ට සම අවස්ථාව අරන් දෙන්න සටන් නොකළේ ඇයි?

ඒකට එරෙහි එක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකින් වරඳ නිවැරදි කරන්න තිබුණේ නැද්ද?

මේ වගේ තත්වයක් යටතේ ජපුරේ සම්බන්ධව සහ රටේ සමස්ථ සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීම සම්බන්ධව ඔයාලා තියලා තියන බර ප්‍රමාණවත්ද?රටේ රාළට අකමැත්තෙන් උනත් කියන්න කතාවක් තියනවා.ඒක සාක්ෂි සහිතවම කියන්නම්.මාලිමාව බලය ගත්තට පස්සේ එයාලා ටාගට් කරපු වෘත්තිය සමිති දෙකක් තිබ්බා.එකක් GOMA.අනික දුම්රිය ස්ථනාධිපතිවරුන්ගේ සංගමය.Station Mastersලට තියන එකම වෘත්තිය සමිතිය ඒක.ඒකට දේශපාලන පක්ෂයක නියෝජනයක් තිබුණේ නෑ.

හැබැයි මාලිමාව ඒකට ෂොට් එක දෙන්න ආවා.දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලවරණයට මාලිමා ටීම් එකක් දැම්මා.හැබැයි මාලිමා ටීම් එක ඇඩ්රස් නැතිවෙන්න පරාද කරලා තමන්ගේ වෘත්තීය සමිතියේ ස්වධීනත්වය රැකගන්න සහ එයාලගේ කොන්ද නිරෝගීව තියන බව පෙන්නන්න එදා station mastersලට පුළුවන් වුනා.එදා පාදෙනියලා හදපු දකුණු ආසියාවේ විශාලම trade union එක බෙදලා අද කොටසක් මාලිමාවට ලියාගෙන,අනිත් අයගේ කොන්දු කඩලා.

ඕක තමයි මෙයාලා විපක්ෂය ඇතුළු හැම ආණ්ඩු විරෝධී බලවේගයවලට කරන්නේ.ඇත්තටම GMOA තවමත් පරක්කු නෑ. හෙටම පටන් ගන්න.අඩුම ගානේ ජපුරේ කඳුළු කතාව කොන්ද කෙලින් තියාගෙන රටට කියන්න.මේ ප්‍රශ්නයේදී GOMA ජපුරට බර නොවී ආණ්ඩුවට බරව තීරණ ගත්තොත් GOMAටත් අන්තිමට වෙන්නේ නැට්ටේ ඉඳන් ගොම ගාගෙන වේදිකාවෙන් බැහැලා යන්න.

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න