අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

Foreconns Canneries සමාගම NCE රන් සම්මානයෙන් පිදුම් ලබයි.

Foreconns Canneries සමාගම NCE රන් සම්මානයෙන් පිදුම් ලබයි.

Foreconns වෙළෙඳ නාමයෙන් දේශීය ආහාර නිෂ්පාදන අපනයනය කරන Foreconns Canneries( www.foreconnscanneries.com ) සමාගම ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2017 සම්මාන උළෙලේදී කෘෂිකාර්මික අගය එකතු…

Foreconns වෙළෙඳ නාමයෙන් දේශීය ආහාර නිෂ්පාදන අපනයනය කරන Foreconns Canneries(www.foreconnscanneries.com) සමාගම ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2017 සම්මාන උළෙලේදී කෘෂිකාර්මික අගය එකතු කළ අංශයේ, ටින් හා බෝතල් කළ සැකැසූ ආහාර කාණ්ඩයේ, මධ්‍යම පරිමාණ ක්ෂේත‍්‍රයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. බි‍්‍රතාන්‍යය,  ඕස්ටේ‍්‍රලියාව, ඉතාලිය, කොරියාව, ජර්මනිය, ජපානය ආදී රටවල් රැසකට නිෂ්පාදන අපනයන කරන ඔවුන්ට SLS, ISO 22000,HACCP තත්ත්ව සහතිකද, 1998 සිට අඛණ්ඩව NCE සම්මාන සහ 2007දී ජනාධිපති සම්මානයද ඔවුන්ට හිමි විය. මාළු ටින් කිරීමේ කර්මාන්තශාලා අතර යුරෝපා සංගමයේ අනුමැතිය ලත් පළමු කර්මාන්තශාලාව මෙයයි.

මාළු ආශ‍්‍රිත පිසූ ආහාර අලෙවියේ ප‍්‍රමුඛයකු වන ඔවූහු බල හා ලින්නා  ඇඹුල්තියල්, කරවල බැදුම්, වියළි කරවල සහ කොස්, දෙල්, පොලොස්, කජු ආදී ව්‍යංජන රැසක් මෙන්ම කට්ට සම්බල්, සීනි සම්බල්, පොල් සම්බල්, චට්නි, මෝජු සහ කුකුල් මස්, මාළු හා එළවළු ෆ‍්‍රයිඞ් රයිස්ද අපනයනය කරයි.  මේ බොහෝ නිෂ්පාදන වසර දෙකක් කල් තබා ගත හැකිය.

1989 සිට ව්‍යාපාරවල නිරත වන Foreconns Canneries සෑමවිටම පර්යේෂණ සහ සංවර්ධන කටයුතු කරමින් ගුණාත්මකභාවයෙන් සහ ප‍්‍රමිතියෙන් උසස් නිෂ්පාදන පිරිනමයි. මේ නිෂ්පාදන කොළඹ 05 පිහිටි Foreconns  අලෙවිසැලෙන් (0710980980ල 0718466000) මිල දී ගත හැකිය. ”සෑම විටම පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යය පිළිබඳව සිතා උසස් නිෂ්පාදන සැපැයීම Foreconns නිෂ්පාදන වේගයෙන් ජනප‍්‍රිය වීමට හේතුවයි. විදේශවලට දේශීය නිෂ්පාදන රැගෙන යන්න හැකි වීම විශාල සතුටක්. සේවකයන්ගේ කැපවීම සහ උනන්දුව මේ ජයග‍්‍රහණයට විශාල හේතුවක්.” Foreconns Canneries   කළමනාකාර අධ්‍යක්ෂ නිමල් ජයසූරිය මහතා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
Foreconns Canneries සමාගම NCE රන් සම්මානයෙන් පිදුම් ලබයි. | Lanka Newsweek