David Peiris ආයතනය රු ලක්ෂ විස්සක් අරගෙන මග නතර වෙන ත්‍රී රෝද රථ විකුණනවාද..?

(අචින්ත මධුර) ඕනෑම අයෙක් Brand new වාහනයක් ගන්නේ වසර කිහිපයක් හෝ මග නතර වෙන්නේ නැතුව නිදහසේ තම වැඩ කටයුතු කර ගැනීමට ඇති උවමනාව නිසයි. ලංකාවේ වාහන මිල මෙතරම් ඉහළ ගොස් තිබියදීත් කෙසේ හෝ Brand new…
(අචින්ත මධුර)
ඕනෑම අයෙක් Brand new වාහනයක් ගන්නේ වසර කිහිපයක් හෝ මග නතර වෙන්නේ නැතුව නිදහසේ තම වැඩ කටයුතු කර ගැනීමට ඇති උවමනාව නිසයි. ලංකාවේ වාහන මිල මෙතරම් ඉහළ ගොස් තිබියදීත් කෙසේ හෝ Brand new වාහනයක්ම ගන්න බලන්නෙත්, අරගෙන ඉවරයක් නැති අලුත් වැඩියාවකට යන්න ඇති අකමැත්ත නිසයි.
ත්‍රී රෝද රථයක මිලද මෙපමණ ඉහළ ගොස් තිබියදීත්, අපේ රටේ අහිංසක මිනිස්සු ත්‍රී රෝද රථයක් ගන්නේ සමහරවිට පට්ට ගහලා තියෙන රෝද හතරක් ගන්න තියෙන අකමැත්ත නිසාත්, නොතිමී යාමට ඇති උවමනාව නිසාත් විය හැකියි.
නමුත් මෙපමණ ඉහළ මිලක් ගෙවා අලුතින්ම ලබාගන්නා ත්‍රී රෝද රථයෙනුත් එවැනිම අත්දැකීමක් ලැබුණොත් එය කොතරම් ඛේදවාචකයක්ද..?
දැන්වීම
වාර්තාවන අන්දමට අලුතින් ත්‍රී රෝද රථ මිලදී ගත් බොහෝ පිරිසකට එවැනි අත්දැකීමට මුහුණ දීමට සිදුවීම කනගාටුවට කරුණක්..!
එසේම ඒ පිළිබඳව David Peiries ආයතනයට දැනුම් දුන් විට, ඔවුන් ඒ සඳහා විවිධ හේතු කියමින් අසරණ පාරිභෝගිකයන්ව 5,6 වතාවක් රස්තියාදු කිරීමද තවත් බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.
අප සමග කරුණු අනාවරණය කළ කිහිපදෙනෙකු පැවසුවේ, යම් Sensor එකක තිබෙන ගැටළුවක් නිසා මෙවැන්නක් සිදුවන බව ඔවුන් හොඳටම දන්නා බවත්, එය Replace කිරීමෙන් එම දෝෂය නිවැරදි කළ හැකි බව ඔවුන් දන්නා නමුත් එවැන්නක් සිදු නොකර කෙසේ හෝ වගකීම් කාලය වන මාස 6ක කාලය ඉක්මවීමට කටයුතු කරමින් සිටින බවයි. මන්ද ඉන් පසුව එය පාරිභෝගිකයාගේ පෞද්ගලික වියදමින් සිදු කරගත යුතු නිසා David Peiries ආයතනය එසේ කරන බවයි අත්දැකීමට මුහුණ දුන් කිහිප දෙනෙකුම අප සමග පැවසුවෙ.
Engine Check-up light එක පවා Indicate කරන විට ආයතනය එම Error code එක පමණක් delete කර නැවත වහනය පාරිභෝගිකයාට ලබා දෙන බවටයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
අලුත් ඕනෑම වාහනයක යම් යම් සුළු කාර්මික දෝෂ ඇතිවිය හැකි බව පිළිගත හැකි මුත් මෙලෙස පාරිභෝගිකයන් රැවටීමට ලක් කොට අපහසුතාවයට පත් කිරීම කෙතරම් දුරට සාධාරණද..?
අනෙක් අතට Toyota Lanka ආයතනය මුල් කාලයේ Hybrid වාහන වල බැටරිය පවා නොමිලයේ Replace කර දුන්නේ ඔවුන් පාරිභෝගිකයන්ට දක්වන සැලකිල්ල ඉස්මතු කරමින්.
තවත් මෙවැනි හෙළිදරව් කිරීම් කිහිපයකින් නැවත හමුවෙමු.