අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

COVID-19 හේතුවෙන් 6 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ වසා දමයි

COVID-19 හේතුවෙන් 6 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ වසා දමයි

ලාන්ස් කෝප්‍රල්වරයෙකුට වෛරසය ආසාදනය වෙලා කොළඹ, කොම්පඤ්ඤවීදීය පොලිස් වසමේ, මැලේ වීදියේ අංක 35 දරන ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ 06 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ COVID - 19 වසංගතය හේතුවෙන් මේ…

ලාන්ස් කෝප්‍රල්වරයෙකුට වෛරසය ආසාදනය වෙලා   

කොළඹ, කොම්පඤ්ඤවීදීය පොලිස් වසමේ, මැලේ වීදියේ අංක 35 දරන ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ  06 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ COVID - 19 වසංගතය හේතුවෙන් මේ වන විට වසා දමා ඇත. 

ඊට හේතුව එම රෙජිමේන්තුවේ සේවය කළ  සෙබළ අංක "00621" දරන ලාන්ස් කෝප්‍රල් ප්‍රනාන්දු  ඩබ්.එල්.ආර්. මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී තිබීමය.  ලාන්ස් කෝප්‍රල් ප්‍රනාන්දු  ඩබ්.එල්.ආර්. මහතා 2020 අප්‍රේල් 10 වන දින නිවාඩු ලබා කදවුරෙන් පිටව ගොස්, අංක 40/01, නාරම්මල පාර, අලව්ව, ලිපිනය දරන නිවසේ සිටිය දී COVID - 19 හෙවත් කොරෝනා රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් රෝහලට ගොස් ප්‍රතිකාර  ලබා ගෙන ඇත.  

රෝහලේ දී කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව පවසා දින 14 ක් නිවසේ දී නිරෝධායනය වන ලෙසට  උපදෙස් ලබා දී ඇති අතර පසුව නිවසේ නිරෝධායනය වෙමින් සිටිය දී නැවත රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් රෝහල් ගත කර ඇත. ඔහු එසේ රෝහල් ගතව ප්‍රතිකාර ගනිමින් සිටිය දී  2020 අප්‍රේල් 25 වන දින ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගෙන ඇති අතර දැනට ඔහු අයි.ඩී.එච් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
COVID-19 හේතුවෙන් 6 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ වසා දමයි | Lanka Newsweek