අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

CID සරණං ගච්ඡාමී

CID සරණං ගච්ඡාමී

මාලිමා ආණ්ඩුව තමන්ගේ ඕනෑම බැරියාවක් වහගන්නට යොදන අලුත්ම උපක්‍රමය (ආණ්ඩුව + ජාමුනි + CID) ලෙස දැක්වන්නට පුළුවන්ය ආණ්ඩුව පත්වූ දින සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කරන්නට යන්නේ රජයට…

මාලිමා ආණ්ඩුව තමන්ගේ ඕනෑම බැරියාවක් වහගන්නට යොදන අලුත්ම උපක්‍රමය (ආණ්ඩුව + ජාමුනි + CID) ලෙස දැක්වන්නට පුළුවන්ය

ආණ්ඩුව පත්වූ දින සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කරන්නට යන්නේ රජයට සම්බන්ධ පුද්ගලයින්ය.

ගෙවුණු මාස කිහිපය විමසා බැලුවොත්,

* මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි CID යයි.

දැන්වීම

මාලිමා ආණ්ඩුවේ මුලින්ම CID ගියේ නිලන්ති කොට්ටහච්චිය මන්ත්‍රීවරිය වූ අතර ඒ සමාජ මාධ්‍යවලින් තමන්ට අපහාස කරන බව කියමින්ය.

* CID ගිය ඇමති හර්ෂණ නානායක්කර

පාර්ලිමේන්තුවේ කථානායක පුටුවට පත්වූ අශෝක සපුමල් රංවලගේ හොර ජපන් උපාධිය සමඟ ගොඩනැගුණු සංවාදය යටපත් කරගත්තේ, අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර විසින් තම නමට ආචාර්ය පට්ටමක් යෙදීම පිටුපස කුමන්ත්‍රණයක් ඇති බව කියා CID යේ පැමිණිල්ලක් කිරීමෙන් පසුවය.

සැබවින්ම හර්ෂණ නානායක්කාරට ආචාර්ය නම යොදා තිබුණේ තමන්ගේ පක්ෂයේම සභානායක වන බිමල් රත්නායකගේ කාර්යාලයෙන්මය.

දැන් ඒ CID පරීක්ෂණවලට වෙච්ච දෙයක් නැතිය.

* මාලිමා මන්ත්‍රීවරියකගේ සහ මන්ත්‍රීවරයකුගේ ප්‍රාඩෝ ආදරය.

මාලිමාවේ මන්ත්‍රීවරියක් සහ මන්ත්‍රීවරයෙක් අනියම් සම්බන්ධතාවක් පවත්වන බවත්, තමන්ට අයත් ප්‍රාඩෝ රථය බලහත්කාරයෙන් ළඟ තබාගෙන සිටින බවත් කියමින් මන්ත්‍රීවරයාගේ බිරිඳ පැවරූ නඩුව කරළියට ආ සැණින් වෙනත් මන්ත්‍රීවරියක් තමන්ට අපහාස කරන බව කියමින් CID ගියේය.

ඒක CID පැමිණිල්ල මාධ්‍යයට ප්‍රසිද්ධ කර මාලිමාව අනියම් ලව් හුටපටය යන්තම් රටට අමතක කළේය.

දැන් ඒ CID පරීක්ෂණ ගැන මීක් සද්දයක් නැත්තේය.

* බහාලුම් 323 රේගුවෙන් පිට කිරීම.

රතු ලේබල් සහිතව අනිවාර්ය පරීක්ෂාවට ලක් කළ යුතු බහාලුම් 323ක් හොර රහසේ රේගුවෙන් පිට කිරීම රටේ ප්‍රධාන පුවතක් වෙද්දීම වහාම ක්‍රියාත්මක වූ ජවිපේ රේගු වෘත්තීය සමිතිය CID ගියේය.

ඒ පිටකළ බහාලුම් ගැන සොයන්නට නොව, වරාය තදබදය නිසා නැව් හරවාගෙන ගියේයැයි කියූ කතාවක් ගැන පරීක්ෂා කරන්නැයි කියමින්ය.

දැනට ඒ පැමිණිල්ලට මාසයකටත් වඩා ගතවී ඇතත් තවමත් ඒ CID පරීක්ෂණ ගැන වගේ වගක් නැතිය.

CID යට පිං සිද්ධ වෙන්නට බහාලුම් පිට කිරීමේ ප්‍රශ්ණය යන්නමට ජනතාවගේ මනසින් ඈත් කරගත්තේය.

* විදුලිය බිඳ වැටීම

පහුගිය දවසක විදුලිය බිඳ වැටීමත් සමඟ රටටම අඳුරේ සිටීමට සිදුවිය. විදුලි බල ඇමති කුමාර ජයකොඩි කිව්වේ පානදුරේ වඳුරකු නිසා රටටම විදුලිය බිඳ වැටුණු බවය.

අන්තිමට විදුලි බිඳ වැටීම ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් දැයි විමර්ශන කරන්න කියා CID යට පැමිණිල්ලක් ගියේය.

දැන් ඒ CID විමර්ශන ගැනත් මිනිසුන්ට අමතකය.

ඒ දින කිහිපයේ මිනිස්සු කට ඇරන් බලන් හිටියේ මොකක්ද මේ කඩාකප්පල්කරී වැඩේ කියාය.

* රට පුරා ඉන්ධන බෙදාහැරීම අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක්.

ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලීටරයකින් ලැබුණු 3% වට්ටම අහෝසි කිරීම නිසා තෙල් ඇනවුම් නොකිරීමේ පසුබිමක් තුළ පසුගිය සිකුරාදා පිරවුම්හල් අසල දිගු රථවාහන පොලිම් නිර්මාණය විය.

ඒ ඉන්ධන හිඟයක් රට තුළ ඇතිවේදෝයි යන සැකය මහජනතාව තුළ ඇති වූ නිසාය.

අන්තිමට යළිත් පොලිම් යුගයක් ලෙස සමාජ මාධ්‍යයේ සහ ජනමාධ්‍යයේ ප්‍රචාරයවීමෙන් ආණ්ඩුවට එල්ලවූ කළු පැල්ලම සිදු කරගන්නට යළිත් ජාමුනි කමන්ත තුෂාරට කොන්ත්‍රාත්තුව පැවරුවේය.

ඒ කොන්ත්‍රාත්තුවේ බර තමන්ගේ සාක්කුවට දැණුන ජාමුනි ඊයේ යළිත් CID යට දිව ගියේ මේ තෙල් බෙදාහැරීම අඩපණ කරන්නට කුමන්ත්‍රණයක් දියත් වූවේ දැයි සොයන්නට කියා පැමිණිල්ලක් කරන්නටය.

මාලිමා ආණ්ඩුව පත්වූ මුල් දවස්වල මැති ඇමතිවරු CID ගිය අතර ඒ නාටකය ප්‍රායෝගික නොවන කළ දැන් ඒ ෆයිල්එක උස්සන් යාමට ජාමුනිව තෝරාගෙන ඇත්තේය.

හෙට දවසේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වර්ජනයකට සැරසෙන අතර මෙයත් රෝහල් පද්ධතිය කඩාකප්පල් කරමින් ආණ්ඩුව අපහසුතාවට පත් කරන කුමන්ක්‍රණයක් කියමින් ජාමුනි ඉදිරි දිනක CID යන්නට පුළුවන්ය.

ජාමුනිලා නොදන්නවා වුනාට, මේ වෛද්‍යවරුන් කියන්නේ තමන්ගේ අමතර රාජකාරි දීමනාව 1/80 සහ නිවාඩු දීමනාව 1/20 එලෙසින්ම ලබාදෙන්නැයි කියාය.

ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම උදෙසා විකිණෙන ජාමුනිලා වැන්නවුන් සැබවින්ම CID යා යුත්තේ මෙන්න මේ දේවල් හොයන්නැයි කියාය.

* අනිවාර්ය පරීක්ෂාවට ලක්විය යුතුව තිබූ බහාලුම් 323 පිට කළේ කවුද? / ඒවායේ තිබුණේ මොනවාද?/ ඒවා ගෙන්වා තිබුණේ කවුරුන්ද? යන්න සොයා ගන්නටය.

* ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කරමින් මන්නාරමේ සුලං බලාගාරයක් හේලීස් සමාගමට දුන්නේ කොහොමද? කියා සොයන්නටය.

* සූර්ය බලයෙන් නිපදවන මෙගාවොට් 1400 විදුලිය ගෙවුණු දින කිහිපයේ පද්ධතියට සම්බන්ධ කිරීම අඩු කිරීම පිටුපස ඉන්නේ කවුද? කියා සොයන්නටය.

මෙවැනි වැරදි ගැන ජාමුනි වගේම 2024.09.21 පෙර කිඹුල් කඳුළු හෙලපු බොහෝ අයත් අද මීක් සද්දයක් නොමැත්තේය. ඒ සාක්කුවේ බර කොයි තරම්ද කියා තමන්ට දැනෙන නිසාම විය යුතුය.

(Next Politics)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න