අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

CIA ප්‍රධානියා ලෙස කාන්තාවක් පත් කෙරේ

CIA ප්‍රධානියා ලෙස කාන්තාවක් පත් කෙරේ

(නිලන්ති චන්ද්‍රසේන) අමෙරිකානු CIA සංවිධානයේ ප්‍රධානියා ලෙස පළමු වරට කාන්තාවක පත් කර තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස සී.අයි.ඒ. ප්‍රධානියා ලෙස පත් කර ඇත්තේ ජිනා හැස්පෙල්ය. ඇයට මේ සඳහා…

(නිලන්ති චන්ද්‍රසේන)

අමෙරිකානු CIA සංවිධානයේ ප්‍රධානියා ලෙස පළමු වරට කාන්තාවක පත් කර තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.

 මෙලෙස සී.අයි.ඒ. ප්‍රධානියා ලෙස පත් කර ඇත්තේ ජිනා හැස්පෙල්ය. ඇයට මේ සඳහා පක්ෂව ඡන්ද 54ක් හිමි වී ඇත. විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 45කි.  ඒ අනුව සෙනෙට් සභාව ඇයගේ පත්වීම අනුමත කර ඇති බව වාර්තාවේ.

ජිනා හැස්පෙල් සැප්තැම්බර් 11 ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළ ඔත්තු සේවා භූමිකාව ද හොබවමින් සිටියදී සෙනෙට් මණ්ඩලය මෙය අනුමත කර ඇත.

ජිනා හැස්පෙල් සී.අයි.ඒ. ප්‍රධානියා ලෙස පත් වීමට ප්‍රථම , මයික් පොම්පියෝ මෙම තනතුරේ කටයුතු කර ඇති අතර ඔහු අමෙරිකානු ආරක්ෂක ලේකම් තනතුරට පත් කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
CIA ප්‍රධානියා ලෙස කාන්තාවක් පත් කෙරේ | Lanka Newsweek