අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

76 අවුරුදු සාපයේ ජවිපෙ පංගුව

76 අවුරුදු සාපයේ ජවිපෙ පංගුව

" අනුර දේශපාලන ස්වයංවින්දනයක " ලිපියෙන් රටේ රාළ කිව්වේ පහුගිය අවුරද්දක කාලය ඇතුලේ අනුර ප්‍රමුඛ මාලිමාව මේ රටට අත්කරලා දීලා තියන අභාග්‍ය සම්පන්න ඉරණම ගැනයි. මෙච්චර කාලයක් සියලු විනාශයන් සම්බන්ධව…

" අනුර දේශපාලන ස්වයංවින්දනයක " ලිපියෙන් රටේ රාළ කිව්වේ පහුගිය අවුරද්දක කාලය ඇතුලේ අනුර ප්‍රමුඛ මාලිමාව මේ රටට අත්කරලා දීලා තියන අභාග්‍ය සම්පන්න ඉරණම ගැනයි. මෙච්චර කාලයක් සියලු විනාශයන් සම්බන්ධව අනුන්ට චෝදනා කරමින් හිටපු ජවිපෙට දැන් ඒ විනාශයේ තමන්ගේ පංගුව බාරගන්න වෙලා තියනවා.76 අවුරදු සාපයේ ජවිපෙ පංගුව ජවිපෙ ගිණුමට බැරවීම දැන් නවත්තන්න බෑ.

උදාහරණයක් ගත්තොත් කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස කිව්වේ පහුගිය කාලේ විවිධ හේතු නිසා පටන් ගන්න බැරිවුන ව්‍යාපෘති 17ක වැඩ නැවත පටන් ගන්නවා කියලා.ඒවා එදා නිසි කලට වෙලාවට පටන් ගත්තා නම් ඒවාට යන මුදල රුපියල් බිලියන 29 ක් කියලා නලින්ද කිව්වා.හැබැයි දැන් ඒ ව්‍යාපෘතිවලට රුපියල් බිලියන 59 ක් යනවාලු.එතකොට පාඩුව රුපියල් බිලියන 30ක්.මේ ව්‍යාපෘතිය කලට වෙලාවට පටන් ගන්න නොදුන්නේ කවුද කියලා නලින්ද නොකිව්වාට රටම දන්නවා ඒ අපරාධය කළේ ජනතා විමුක්ති පෙරමුණ කියලා.

එතකොට ඔයාලට තේරෙන්න ඕනි මුළු ව්‍යාපෘතියවලට යන්න තිබුණ රුපියල් බිලියන 29ය ජවිපෙ විසින් බිලියන 59 ක් කරලා තීයනවා.ඒ කියන්නේ සමස්ථ ව්‍යාපෘතිවල වියදමට වැඩි පාඩුවක් ජවිපෙ රටට කරලා තියනවා.මේ විදිහට 76 අවුරුදු සාපය ඒ පක්ෂවල කොටස බෙදුවොත් ලොකුම පංගුව එන්නේ ජවිපෙට.ඒ විතරක් නෙවෙයි පහුගිය අවුරද්ද ඇතුලේ මේ රටට වැදිලා තියන සාපයේ වගකීම ජවිපෙ විසින් තනියෙන් බාරගන්න ඕනි.

දැන්වීම

මේ දෙකේ එකතුව ගත්තට පස්සේ ජවිපෙ සහ ජවිපෙ නායකයන් තවත් ආත්ම ගාණක් මේ රටට ණයයි.ඒ ණය ගෙවන්න අනුරලට තව සාරාසංඛෙයිය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවත් බෑ.රටේ රාළ එහෙම කියන්නේ නිකන් නෙවෙයි.ජවිපෙ විසින් විනාශ කරපු භෞතික දේවල් මිල කරන්න පුළුවන්,හැබැයි ජවිපෙ නිසා විනාශ වුන ලක්ෂයක් ජවිපෙ පාක්ෂිකයන්ගේ සහ අනෙක් දේශපාලන පක්ෂ සාමාජිකයන් දස දහස් ගාණකගේ ජීවිතවල වටිනාකම කොහොමද මිල කරන්නේ.

එතන මොන තරම් දක්ෂයෝ හිටියද?එයාලගේ සේවය මේ සමාජයේ එකතු කරන්න බැරිවුනේ ජවිපෙ හින්දා නෙවෙයිද?ඒ වගේම එයාලාගේ ජීවිත නැතිවීම විසින් අසරණ වුන උන අම්මලා, තාත්තලා,බිරින්දෑවරු,ස්වාමි පුරුෂයන්,දු දරුවන්ගේ ජීවිත කොහොමද මිල කරන්නේ.ඒ වගේම ජවිපෙ විසින් මේ සමාජය මත වපුරපු වෛරය විසින් නිර්මාණය කරලා තියන සමාජ ඛේදවාචකය මිල කරන්නේ කොහොමද?

ඒ විතරක් නෙවෙයි මෙහෙම බොරුව සමාජගත කිරීමෙන් එකිනෙකා අතර නිර්මාණය කරලා තියන අවිශ්වාසය විසින් අපිව සමාජයක් විදිහට ඉස්සරහට යන්න බැරි තැනට තල්ලු කරලා තියනවා. මේවා මිල කරන්නේ කොහොමද?ඒකයි මේ සමාජමය වන්දිය ගෙවන්න ජවිපෙට සාරාසංඛෙයි කල්ප ලක්ෂයක් පෙරුම් පුරලත් බෑ කියන්නේ.ඇත්තටම ජවිපෙ ඒ ණය ගෙවන්න අවස්ථාව ආවත් ජවිපෙ නායකයන්ගේ තියන ග්‍රාම්‍ය බව,වැඩවසම් චින්තනය,කුහකකම සහ වෛරය විසින් ඒ අවස්ථාව ගිලිහිලා ගියා.

ජවිපෙට තිබුණේ බලය ගත්ත වහාම සියලු දෙනාගේම සහය ගනිමින් රට හදන වැඩේ පටන් ගන්න.ඇත්තටම එහෙම අවස්ථාවක් නිර්මාණය වෙලා තිබුණා.රට ගොඩනැගීම වෙනුවෙන් සියලු දෙනා එක්කර ගත්ත ගමනකට ඕනි තරම් ඉඩ තිබුණා.ජවිපෙ කියන දේශපාලන පක්ෂය හැදුවේ රට වෙනුවෙන් නම් රට ඉස්සරහා අනෙක් සියල්ල දෙවෙනි කරන්න ජවිපෙට පුළුවන් වෙන්න ඕනි.හැබැයි බලය ගන්නවත් එක්ක ජවිපෙ එහෙම හිතුවේ නෑ,

ටිල්වින් ඇතුලු ජවිපෙ නායකයන් වැඩේ පටන් ගත්තේම පරණ ඇරියස් කවර් කරන්න හිතාගෙන.ජවිපෙ බලයට එනකොට ජවිපෙට බේරගන්න ඇරියස් ගොඩකුත් තිබුණා.බටලන්දේ ඇරියස් එක රනිල් එක්ක තිබුණා.ජවිපෙ හැරගිය අයගෙන් ගන්න වෙනම ඇරියස් එකක් තිබුණා,වමේ පක්ෂ සියල්ල බිමට හාන්සි කරලා එකම වම වෙන්න ජවිපෙ දරපු උත්සාහයේ පරණ ඇරියස් එක තියනවා. ජවිපෙ දේශපාලනය ඇතුලේ දියවෙලා ගිය තමන්ගේ තාරුණ්‍යයේ ආලිංගන ඇරියස් එක අල්ලන්න එයාලට ඕනිවෙලා තියනවා.

ඒ වගේම තමන් නැතිවුන සැපවත් ජීවිතය ඉක්මනින් උදා කරගනිමේ පිපාසය ජවිපෙ නායකයින්ට තියනවා.ඒ හැර රට හදන කතා,සමාජ පරිවර්තන කතා,system change කතා නං පට්ටපල් බොරු.හැබැයි මේ නායකයෝ තමන්ගේ වැඩ ටික ගොඩදාගෙන තියෙනානේ එකිනෙකාට හොරෙන්.ටිල්වින්ට පක්ෂයි නම් මොන වරද කලත් අවුලක් නෑ.ටිල්වින්ට පක්ෂ නැත්තං මේ වෙනකොට හදුනෙත්තිට ජවිපෙ ඇතුලේ ඉන්න බෑ.හදුනෙත්ති දැන් බයිලා ගැහුවට ජවිපෙ ඇතුලේ දැඩි සදාචාර උල්ලංඝණයන් කරපු කෙනෙක්.

ටිල්වින්ගේ තල්ලුව නැත්තං හදුන් එලියට දාලා ගොඩක් කල්.හදුන් ජවිපෙ ඇතුලේ ඉන්නේ ටිල්වින්ගේ ගොට්ටෙක් විදිහට. මොකද ඒ සකලවිධ වැරදි කිරීමේ අයිතිය තිබුණේ ටිල්වින්ට.ටිල්වින් ඒවා කරන ගමන් පහලට බොරු කිව්වා,වංචා කළා. පක්ෂයේ ගොඩක් සහෝදරියන්ට අසාධාරණකම් කළා.හැබැයි ටිල්වින්ලගේ බල පරාක්‍රමය ඉස්සරහා ඔය හැම කෙනාම දණ ගැහුවා.ජවිපෙ ඔක්කොම මතුපිටින් සාන්තුවරු උනාට ඇතුලතින් අපරාධකාරයෝ.ඇත්තටම සංවිධානාත්මක අපරාධකාරයෝ.

මූල්‍ය අපරාධකාරයෝ,කාමාතුරයෝ.රටේ රාළ කෙලින්ම ඒ චෝදනාව කරනවා. කවුරු හරි අභියෝග කරනවා නං ටිල්වින්ගේ ඉඳන් පහලට සියල්ල හෙලි කරන්න ලෑස්තියි.මොකද ජවිපෙ අපි කරපු දේශපාලන කියන්නේ හරියට සුදු රෙද්දක් වගේ.එක කළු පැල්ලමක් නෑ.එක චෝදනාවක් නෑ.ජවිපෙ විසින් රටේ රාළ දුන්න හැම ඉලක්කයක් සම්පුර්ණ කරලා ඇති.ඒවට සාක්ෂි විදිහට ඉන්නේ අනුර, ටිල්වින්,විජිත,බිමල්,හදුන්ලාම තමයි.

අද ජවිපෙ නැති අයගෙන් ප්‍රේම කුමාර ගුණරත්නම්,ජී කුලරත්න,නන්දන ගුණතිලක වගේ සහෝදරවරුත් ඊට සාක්ෂි දරයි.ඇත්තටම ජවිපෙ ඇතුලේ අද ඉතිරිවෙලා ඉන්නේ ආත්ම වංචාකාරයෝ පිරිසක් විතරයි.තමන්ගේ හෘද සාක්ෂියටත් වංචා කරන අයට පක්ෂයට වංචා කරන එක මොකද්ද?පක්ෂ සාමාජිකයට බොරු කියන එක මොකද්ද?ජවිපෙ ගැන වසරකට උඩදී මේ රටේ ජනතාව තියපු විශ්වාසය දැන මහ පොලොවට සමතලාවෙලා ඉවරයි.

ආයෙත් මේ මහ පොළොව උඩ ජවිපෙයක් පවතින්න විදිහක් නෑ.රටේ රාළ කියන්නේ මෙච්චරයි.රට පුරා තැනින් තැන සිද්ධීන් සිදුවෙමින් පවතිනවා.ඒවාට ජවිපෙ ප්‍රතිචාර දක්වමින් ඉන්නවා.හැබැයි මේක ක්ෂණික පුපුරා යෑමක් වෙන්න තියන ඉඩ වැඩියි.නේපාල පන්නයේ පුපුරා යෑමකට අවශ්‍ය විෂය මූලික වටපිටාව නිර්මාණය වෙමින් තියනවා.අවසානයේදී ජවිපෙ මලගම ජවිපෙ විසින්ම කරගත්තා කියලා තමයි ඉතාසයේ ලියන්න වෙන්නේ.

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න