අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විනෝදාස්වාද

41 වන සිග්නිස් සම්මාන උළෙල අද

41 වන සිග්නිස් සම්මාන උළෙල අද

41 වන සිග්නිස් සම්මාන උළෙල අද (25) සවස 6.30ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. 2017 වසරේ තිරගත වූ චිත්‍රපට සහ විකාශය වූ ටෙලිනාට්‍ය අතරින් නිර්මාණාත්මක සහ ප්‍රශස්ත මට්ටමේ…

41 වන සිග්නිස් සම්මාන උළෙල අද (25) සවස 6.30ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

2017 වසරේ තිරගත වූ චිත්‍රපට සහ විකාශය වූ ටෙලිනාට්‍ය අතරින් නිර්මාණාත්මක සහ ප්‍රශස්ත මට්ටමේ නිර්මාණ මෙහිදී සම්මානයට පාත්‍ර කිරීමට නියමිත ය.

සිග්නිස් සම්මාන උළෙලේදී කලා ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දුන් කලාකරුවන් තිදෙනෙකු වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන උපහාර උත්තමාචාර සම්මාන පිරිනැමීමට නියමිත ය.

ඒ අනුව කාන්ති ලංකා, සුමනා අමරසිංහ, තිස්ස නාගොඩවිතාන යන ප්‍රවිණ කලාකරුවන් වෙනුවෙන් මෙවර සම්මාන පිරිනැමෙනු ඇති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න