22 වැනි සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ කෙලසනවා

- විපක්ෂ නායක චෝදනා කරයි - පක්ෂ මුලස්ථානවලට අවශ්‍ය ආකාරයට යෞවන සමාජ, සිවිල් ආරක්ෂක කමිටු පත් කිරීම ආදී ජනතාවගේ මුලික අයිතිවාසිතම් උල්ලංඝනය වන යුගයක් අද ඇති බවත් මෙය 22 වැනි සංශෝධනය නිසා තවත් උල්ලංඝනය…
- විපක්ෂ නායක චෝදනා කරයි -
පක්ෂ මුලස්ථානවලට අවශ්‍ය ආකාරයට යෞවන සමාජ, සිවිල් ආරක්ෂක කමිටු පත් කිරීම ආදී ජනතාවගේ මුලික අයිතිවාසිතම් උල්ලංඝනය වන යුගයක් අද ඇති බවත් මෙය 22 වැනි සංශෝධනය නිසා තවත් උල්ලංඝනය වන බවත් ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසා අධිකරණයට අපහාස කර යුක්තිය පසිදලිමේ ක්‍රියාවලියට බලපැම් සිදු කරන විට එය තවත් සනාථ වන බවත් අද ආර්ථික සංකෝචනයට අමතරව ප්‍රජතන්ත්‍රවාදය සමාජය සංකෝචනය වී කොන්දේසි දමා මිනිසුන් හිරකර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සඳුදා (31) සිවිල් සංවිධාන සමග පැවැති හමුවකදීය
රටක දියුණුවේ, සංවර්ධනයේ, ආපදාවේ අවදානමේ, ව්‍යවසනයේ, සෞභාග්‍යයේ ප්‍රධාන කොටස්කරුවකු ලෙස සිවිල් සංවිධාන,දේශීය රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කරන බවත් පිරිවැය හා ප්‍රතිලාභය ගැන විශ්ලේෂණයක් කළහොත් සමුහයක් ලෙස රාජ්‍ය නොවන සංවිධාන හරහා සිදුවන සේවාව ඉහල සේම හානිය අඩු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන්වීම
රාජ්‍ය නොවන සංවිධානවල සේවාව අනර්ගයි
මෙරට රාජ්‍ය නොවන සංවිධාන නියාමනය හා අධීක්ෂණය ගැන නිවැරදි නෛතික ඉතිහාසය අවශ්‍ය බවත් යුද්ධ කාලේ මේ රාජ්‍ය නොවන සංවිධාන ගැන වඩාත් සාකච්ඡාවට ලක්වු බවත් ආධාර ලබා දිමේ දී එකී සංවිධාන රාජ්‍ය යාන්ත්‍රනයට සාපේක්ෂව මේ රාජ්‍ය නොවන සංවිධාන විශ්වාස කරන බවත් ඒ නිසා බොහෝ ජාත්‍යන්තර ආධාර දේශීය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හරහා ජනතාවට බහුලව දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
කියන දේ ක්‍රියාත්මක විය යුතුයි
ප්‍රකාශිත ප්‍රතිපත්ති හා ක්‍රියාත්මක ප්‍රතිපත්ති අතර බොහෝ ආණ්ඩුවල වෙනසක් ඇති බවත් රාජ්‍ය බලය ලබා ගැනීමේ දී මේ වෙනස අවම කරන්න අපේක්ෂා කරන බවත් ගම්උදා වැඩසටහනට පවා සර්වෝදය වැනි විවිධ දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන උදව් කළ බවත් රජයකට තනිව ගැටලු විසදිය නොහැකි බවත් එයට රාජ්‍ය නොවන ක්ෂේත්‍රය වැදගත් බවත් එම නිසා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නියාමනය සහ අධීක්ෂණය සිදුවිය යුත බවත් එසේ නොමැතිව බලහත්කාරයෙන් නියාමනය කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද ගොවියට වගා තහංචි පවා දමන රජයක්
වත්මන් රජය බලයට ආවේ 76 වසරක් පැවැති ක්‍රමයේ වෙනසක් කරනවා කියා වුවත් අද ජන සමාජයේ ගොවි ධීවර කර්මාන්ත ව්‍යවසායකයන් දක්වා බරපතල රාජ්‍ය පීඩනයක් එල්ල කරන බවත් දැන් තියෙන ගොවි බිම්වලට වඩා වැඩියෙන් වගා කරන්න නොදෙන බවට කෘෂිකර්ම ඇමතිවරයා පවසන බවත් කෘෂිකර්ම ඇමති ජනතාවගේ මානව හා මුලික අයිතිය උල්ලංඝනය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පවතින බිම්වලින් වැඩි ඵලදාවක් ලබා ගැනිම හොඳ වුවත් ගුණාතමකභාවයෙන් ඉහළ බිත්තර වී, පොහොර, කෘෂි රසායන නොමැතිව එවැනි වගාවක් කළ නොහැකි බවත් මීට අමතරව අලි මිනිස් ගැටුම පවා ඇති බවත් ඒ නිසා වගාහානි දේපලහානි ජිවිත හානි පවා සිදුවන විට පවා වැඩිපුර වගා කරන්න ඉඩ නොදෙන බවට රජය පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ මර්දනයට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතුයි
එම නිසා ජනතාව එකට පෙළ ගැසි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතු බවත් 22 වැනි සංශෝධනය තුළින් පොහොසත් රටක් නිර්මාණය නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමට පෙනී සිටින බවත් ඒ වෙනුවෙන් සිවිල් සමාජ සමග එකට සිටගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපි හැමදාම ගරු විනිසුරුවරුන් ආරක්ෂා කළා
සමගි ජන බලවේගයේ සිටින්නේ ශිරානි බණ්ඩානායක මහත්මිය එලවු අය නොවන බවත් පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කරන විට එය එසේ ක්‍රියාත්මත විය යුතු බවට ගරු විනිසුරුවන් කියු විට ඔවුන් තේරීම් කාරක සභාවට ගෙන ඒමට පවා විරුද්ධ වුයේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසිය.
එල්නිනෝ තත්ත්වය විසදුම් රජයට පමණක් සොයන්න බැහැ
දැනටමත් එල්නිනෝ ලානිනා තත්ත්වය නිර්මාණය වී ඇති බවත් මෙයට රජයට පමණක් විසදුම් දිය නොහැකි බවත් එයට සිවිල් සමාජ ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ද වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.