අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

22 වැනි සංශෝධනය යනු දිට්වා වගේම තවත් දරුණු ව්‍යවසනයක්

22 වැනි සංශෝධනය යනු දිට්වා වගේම තවත් දරුණු ව්‍යවසනයක්

-විපක්ෂ නායක - දිට්වා වගේම තවත් දරුණු ව්‍යවසනයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීම බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරන්න රජය කටයුතු කරන බවත්…

-විපක්ෂ නායක - 

දිට්වා වගේම තවත් දරුණු ව්‍යවසනයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීම බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරන්න රජය කටයුතු කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ප්‍රධාන කුළුණු තුන වන ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන කුළුණු තුන අඩපණ කර අධිකරණය අඩපණ කර විධායකය ශක්තිමත් කර අධිකරණය විධායකයේ වහලකු බවට පත් කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණය වන්නේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත් මෙය ප්‍රජාතන්ත්‍රවාදය හකුලවන ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ නැති කරන රට තුළ එක පක්ෂයක් පාලනය කරන ක්‍රමයක් ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් පවුල් 100කට නිවාස ලබා දීමේ අරමුණින් වත්තල මොනාර්ච් ශාලාවේදී සංවිධානය කර තිබු Rhythm of the Night අවස්ථාව අමතමිනි.

රටේ ඒකාධිපති ආඥාදායක පාලනයක් ස්ථාපිත කරන මේ උත්සාහය පරාජය කළ යුතු බවත් එසේ නොමැති නම් නිදහසේ දේශපාලනය කරන්න අදහස් ප්‍රකාශ කරන්න නොහැකි බවත් පුද්ගල නිදහස වැදගත් බවත් ලක්ෂ 220 ජනතාවගේ දේශපාලන සමාජ නිදහස මේ තුළින් තහවුරු වන බවත් සංවරණ හා තුලන ආරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වීම

පාර්ලිමේන්තුවේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරයා ලෙස තමා ඇතුළු සෙසු පාර්ශ්ව අප රටට මුහුණ දෙන්න ඇති දැවැන්ත අභියෝගයක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බවත් දේශගුණික හා කාලගුණික විශේෂඥයෝ පෙන්වා දෙන පරිදි එල්නීනෝ ලානීනා තත්ත්වය නිසා අප රටට විවිධ බලපෑම් එල්ල විය හැකි බවට අනතුරු අගවා ඇති බවත් නියගය සේම ගංවතුර නායයෑම් ඇතුළු කාලගුණික ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නියං තත්ත්වය නිසා ජල විදුලි ජනනය ඇතුළු ක්⁣ෂේත්‍ර රැසකට බරපතල තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අගවා ඇති නිසා අප රටට මීට වඩා සූදානමක් අවශ්‍ය බවත් දැනට ඇති ආපදා කළමනාකරණ යාන්ත්‍රණය යල්පැනගිය නිසා අලුතින් සිතා මේ අභියෝගවලට මුහුණ දිය හැකි නව වැඩපිළිවෙළක් ගොඩනගා ඛේදවාචකය සිදු වන්නට පෙර සිදුවිය හැකි බලපෑම අවම කිරීමේ වැඩපිළිවෙළක් කරා යොමුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සුනාමියෙන් දිට්වා ව්‍යවසනයෙන් පාඩම් ඉගෙන ගෙන නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ වගකීම බවත් මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
22 වැනි සංශෝධනය යනු දිට්වා වගේම තවත් දරුණු ව්‍යවසනයක් | Lanka Newsweek