22 වැනි සංශෝධනය යනු රජය ජනතාව අමතක කර තනි පක්ෂ පාලනයක් වෙනුවෙන් කරන අරගලයක්

- විපක්ෂ නායක පෙන්වා දෙයි - වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ ජන වරම ලබා ගෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර ගරු අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක්…
- විපක්ෂ නායක පෙන්වා දෙයි -
වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ ජන වරම ලබා ගෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර ගරු අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක් එල්ල කිරීමේ ක්‍රියාදාමයක් සිදු කරමින් නීතියේ ආධිපත්‍යට දැවැන්ත අභියෝගයක් එල්ල කිරීම සේම යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය විනාශ කරමින් යන බවත් පෙත්සම්කාර පාර්ශ්වයක් ලෙස සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී තවත් පාර්ශ්ව ගණනාවක් සමඟ විධායකය ගන්නා මේ උත්සාහය අධිකරණයමය ක්‍රියාදාමයක් තුළින් පරාජය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ශ්‍රේෂ්ඨාධිකරණයේ දී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ පෙත්සම් විභාග කළ අවස්ථාව හා එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
ලෝකයේ විවිධ ක්‍රමවේද ක්‍රියාදාම සම්මුතීන් එකඟතාවන් දෙස බලන විට සෑම අතින්ම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධිනත්වය විනාශ කරන බවත් පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ඇතුළු නීතිඥ සංගම් රැසක් විවිධ නීතිඥ සංවිධාන පවා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් අප රටේ ගරු අධිකරණයේ ස්වාධිනත්වයට දැවැන්ත පහරක් එල්ල වන බව පිළිගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන්වීම
රජය හදන්නේ ගරු අධිකරණයට බලපෑම් කරන්න
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හිතමතාම විධායකය රටේ ගරු අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ ගරුත්වය කෙලෙසන්න ගෙන ආ සංශෝධනයක් බවත් ගරු අධිකරණයේ ස්වාධිනත්වය ගැන ජනතාව තුළ විශාල විශ්වාසයක් ඇති බවත් සාතිශය බහුතරයක් ජනතාව රටේ අධිකරණයට ගරු කරන බවත් ගරු විනිසුරුවන්ට ගරු කරමින් ඒ අය පිළිබඳ විශාල විශ්වාසයක් ඇති මුත් වත්මන් රජය ඒ අයගේ දේශපාලන අභිමතාර්ථ ඉටු කර ගැනීමට තනි පක්ෂ පාලනයක් රටේ ස්ථාපිත කරන්නට ක්‍රමානුකූලව යෞවන සමාජ නිලවරණවල සිට සිවිල් ආරක්ෂක කමිටුවල පත් කිරීම්වල සිට ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දමන්නට අධිකරණයේ නිදහස පලුදු කරන්න මේ සංශෝධන ගෙනවිත් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනමත විචාරණයක් අවශ්‍යයි
මෙවැනි දේවල් කරන විට එය ජනතා පරමාධිපත්‍යයට බලපාන බවට පූර්වාදර්ශ ගණනාවක් ඇති බවත් විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන 3 සංවරණ හා තුළන ඇති බවත් එම නිසා 22 වැනි සංශෝධනය ජනමත විචාරණයකට ලක්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ ප්‍රශ්නවලට රජය දෙන්නේ විහිලුකාර විසදුම්
මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පූර්වාදර්ශ හා දේශීය මෙන්ම විදේශීය නඩුතීන්දු රැසක් ඇති බවත් අධිකරණයේ ස්වාධිනත්වය සුරක්ෂිත කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක අත්‍යාවශ්‍ය දෙයක් බවත් ඉන් බැහැර විය නොහැකි බවත් මේ වන විට කර්මාන්ත කඩා වැටීම, විරැකියාව වැඩි වීම වැනි රටේ විශාල ප්‍රශ්න රැසක් ඇති බවත් මෙවැනි ප්‍රශ්න තිබියදී රජයට ඇති එකම ජාතික වැඩපිළිවෙළ වන්නේ විහිලුකාර විසදුමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජයට වරම ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න
රජය මේ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලා ප්‍රජාතන්ත්‍රවාදය සංකෝචනය කිරීම බවත් ගරු විනිසුරුවන් සම්බන්ධ විශ්වාසය පළුදු කිරීමක් බවත් මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් බවත් රජයට වරම ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
පුලුවන් නම් මුලික අයිතිවාසිකම් පරිච්ඡේදය තවත් පුළුල් කරන්න
22 වැනි සංශෝධනය වෙනුවට මූලික අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම රජයේ යුතුකම බවත් මේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් ලක්ෂ 220ක් ජනතාවටම රැකවරණය ලැබෙන බවත් රජය මේ උත්සාහ කරන්නේ ජනතාව ගැන සිතනවා වෙනුවට තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කිරීම බවත් එම නිසා පාර්ලිමේන්තුවේ 2/3ක් පමණක් නොව ජනමත විචාරණයක් සඳහා මේ අවස්ථාවේ යා යුතු බවත් විපක්ෂය ගරු අධිකරණයට යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.