22 වැනි සංශෝධනය යනු ජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක්

- විපක්ෂ නායක - 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සංශෝධනය කරමින් කුමන්ත්‍රණකාරී ලෙස ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් බවත් මේ සඳහා ජනාධිපතිවරයා…
- විපක්ෂ නායක -
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සංශෝධනය කරමින් කුමන්ත්‍රණකාරී ලෙස ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් බවත් මේ සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ ජවිපේ රජය වගකිව යුතු බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කුමන්ත්‍රණයක් වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය හිතමතාම සකස් කළ ජනවරම පාගා දැමූ ජන මතය උල්ලංඝනය කළ ජනතා අයිතිය උල්ලංඝනය කිරීමක් නිසා බවත් මේ නිසා අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන වැදගත්ම කුළුණක් වන ගරු අධිකරණයට එරෙහිව ක්‍රියාත්මක වන විධායකයේ දැවැන්තම කුමන්ත්‍රණයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය අසල දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මේ 22 වැනි සංශෝධනය තුළ ගරු අධිකරණය ගැන ඇති විශ්වාසය පිළිගැනීම ජනතාව අපේක්ෂා කරන නිර්ව්‍යාජ යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය නීතියේ ආධිපත්‍යයට එල්ලවන මරු පහරක් බවත් මෙය ගරු අධිකරණය ගැන ඇති ගරුත්වය ගරු විනිසුරුවන් සම්බන්ධයෙන් ඇති යහපත් ප්‍රතිරූපය කෙලෙසන බවත් එම නිසා මේ සම්බන්ධයෙන් ගරු අධිකරණයේ දී කරුණු පැහැදිලි කළ බවත් වේදිකාවේ කතා කරනවා සේම ගරු අධිකරණය තුළත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන්වීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 83, 107 යන ව්‍යවස්ථාවන් දෙස බලන විට මේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතා පරාමාධිපත්‍යයට දැවැන්ත අභියෝගයක් එල්ල කරනවා සේම ගරු අධිකරණයේ ස්වාධිනත්වයට හා ශක්තිසම්පන්න භාවයට බරපතල සෘණාත්මක බලපෑමක් එල්ල කරන බවත් ජනතා පරාමාධිපත්‍යයට සේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනිවාර්ය වන පරිච්ඡේද සම්බන්ධ ව්‍යවස්ථාව සේම ගරු අධිකරණයේ ස්වාධිනත්වය යන කරුණු එකට කියවන විට මේ 22 වැනි සංශෝධනය ක්‍රියාත්මක වීමට නම් 2/3 පමණක් නොව ජනමත විචාරණයක් අත්‍යාවශ්‍ය බවත් මේ සම්බන්ධයෙන් අධිකරණයේ දී පෙන්වා දුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගරු අධිකරණය ගැන විශ්වාස බවත් ගරු අධිකරණයේ නිර්ව්‍යාජභාවය ස්වාධිනත්වය සේම ගරු විනිසුරුවන්ගේ ක්‍රියාදාම උසස් බවත් මේ ජනතා අයිතිය කෙලෙසන රජය විසින් දියත් කළ මේ ව්‍යවස්ථාමය සංශෝධන කුමන්ත්‍රණය ගරු අධිකරණයේ නිශ්චිත නිර්ව්‍යාජ නිගමන තුළ පරාජය කරන්න අපේක්ෂා කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ව්‍යවස්ථාදායක විධායකය සහ අධිකරණය සේම නිදහස් මාධ්‍ය මෙන්ම සිවිල් පුරවැසි සහභාගීත්වය ද වැදගත් බවත් මේ සිවිල් පුරවැසියන් අමතක කර 159කට අත්තනෝමතික තීන්දු ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.