අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

22 ගැන ආණ්ඩුවේ මත ගැටුම් උග්‍ර වෙයි

22 ගැන ආණ්ඩුවේ මත ගැටුම් උග්‍ර වෙයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහය නැහැ 22 කොට උඩ යන ලකුණු..! පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ මත ගැටුමක් නිර්මාණය වී ඇති අතර, ශ්‍රී…

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහය නැහැ 

22 කොට උඩ යන ලකුණු..!

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ මත ගැටුමක් නිර්මාණය වී ඇති අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඊට සහාය නොදැක්වීමේ ස්ථාවරයකට පැමිණ සිටිති.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සඳුදා (03) රාත්‍රී පැවැති අතර, 22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්  පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එහිදි විරෝධය පළ කර ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් බී දිසානායක, ආචාර්ය සරත් වීරසේකර සහ සිසිර ජයකොඩි යන මහත්වරුන් ඇතුළු පිරිසක් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින්  අදහස් දක්වා තිබේ.

දැන්වීම

22 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කරන්නේ පක්ෂය අභ්‍යන්තරයේවත් සාකච්ඡා කිරීමෙන් තොරව බව පවසා ඇති එම මන්ත්‍රීවරුන් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කවුරුන්ගේ අවශ්‍යතාවයකට ඉදිරිපත් කර තිබෙන්නේ දැයි ප්‍රශ්න කර ඇත.  

එහිදී අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රශ්න කර  ඇත්තේ 19 වැනි සහ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලට සහය දුන් මන්ත්‍රීවරුන්ට රෙද්දක් ඇඳ ගෙන 22 වැනි  සංශෝධනයටත් ඡන්දය දිය හැකි ද යනුවෙනි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසි ගණනක් තමාට දුරකථනයෙන්  කතා කර, 22 වැනි සංශෝධනයට විරුද්ධව ඡන්දය ලබා දෙන  බව ප්‍රකාශ කළේ යැයි ද සාගර කාරියවසම්  මහතා එහිදී පවසා තිබේ. එහිදී අදහස් දක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා කියා ඇත්තේ ජනාධිපතිවරයා සතු විධායක බලය අත් නොහැරිය යුතු බවය. 

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා 88-89 භීෂණයට මුහුණ දුන්නෙත්, මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කළේත් මීට සති කිහිපයකට පෙර ඇතිවූ ගැටුම්වලදී පාරලිමේන්තුව බේරා ගත්තේත්  ජනාධිපතිවරයා සතුව විධායක බලය තිබුණු නිසා යැයි ද ඔහු පෙන්වා දී ඇත. 

මේ අතර අදහස් දක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා අවධාරණය කර ඇත්තේ ආණ්ඩුකාරවරුන් වරුන් සතු බලතල සහ පළාත් සභාවල බලතල එසේම තිබියදී ජනාධිපතිවරයා සතු බලතල අඩු කිරීම ගැටලුවක් බවය.

එහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අමතා කියා ඇත්තේ මේ කාරණය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙස ය. ඒ අනුව අදහස් දක්වා ඇති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමා ඉදිරිපත් කළ ද එම ව්‍යවස්ථා සංශෝධනය සකස් කළේ තමාගේ උවමනාට නොව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද අදහසකට අනුව බවය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
22 ගැන ආණ්ඩුවේ මත ගැටුම් උග්‍ර වෙයි | Lanka Newsweek