අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

21ක මහින්දත් නුගේගොඩට..?

21ක මහින්දත් නුගේගොඩට..?

නොවැම්බර් මස 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට සැලසුම් කර ඇති විපක්ෂයේ උද්ඝෝෂණ රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගීවන බව වාර්තාවේ.සිය උපන්දිනය නිමිත්තෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවර ශ්‍රී දළදා…

නොවැම්බර් මස 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට සැලසුම් කර ඇති විපක්ෂයේ උද්ඝෝෂණ රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගීවන බව වාර්තාවේ.සිය උපන්දිනය නිමිත්තෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මෙම රජයට එරෙහිව සංවිධානය කරනු ලබන විරෝධතා රැලියට තමන් සහභාගී වීමට අපේක්ෂා කරන බව තහවුරු කළේය.

පුවතක්.


■ රටේ රාළගේ සටහන.


මහින්ද මේ රැස්වීමට සහභාගී වෙනවා නම් ඒක ඓයිතිහාසික එකක් වෙයි. මහින්ද කාල්ටන් නිවසට කොටු කරලා තියන්න හදපු අනුරලාගේ උත්සාහය අසාර්ථකයි. අනුරලාගේ වෛරී දේශපාලනය හරහා මහින්ද නැවතත් අනුකම්පාව දිනාගෙන තිබේ.

දැන්වීම

මාලිමාව තබන තබන හැම මෝඩ පියවරක් පාසා නැවත රාජපක්ෂලා ශක්තිමත් වෙමින් සිටී. මහින්දගේ දේශපාලනය සහ අනුරගේ දේශපාලන අතර ගව් ගණනක වෙනස් ඇත.


- RRMC -
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න