අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

2028 සිට විදේශ ණය ගෙවීමට නම් ඉදිරි වර්ෂ තුනේ දී 5%ක ආර්ථික වර්ධනයක් අවශ්‍යයි

2028 සිට විදේශ ණය ගෙවීමට නම් ඉදිරි වර්ෂ තුනේ දී 5%ක ආර්ථික වර්ධනයක් අවශ්‍යයි

ඒ සඳහා සියලු දෙනා එකට එක් විය යුතුයි එසේ නොවුණොත් 2022තත්ත්වයට රට යළි ඇද වැටෙයි කෙසේ නමුත් රජය කරන්නේ බොරුව රජ කරවා රට-ජනතාව අන්දවීමයි -විපක්ෂනායක චෝදනා කරයි- 2028 වර්ෂයේ සිට විදෙස් ණය ගෙවීම ආරම්භ…

ඒ සඳහා සියලු දෙනා එකට එක් විය යුතුයි 

එසේ නොවුණොත් 2022තත්ත්වයට රට යළි ඇද වැටෙයි 

කෙසේ නමුත් රජය කරන්නේ බොරුව රජ කරවා රට-ජනතාව අන්දවීමයි 

-විපක්ෂනායක චෝදනා කරයි-


2028 වර්ෂයේ සිට විදෙස් ණය ගෙවීම ආරම්භ කිරීමට නම් 2025, 2026 සහ 2027 යන වර්ෂ තුන ඇතුළත දී රටේ අවම වශයෙන් 5%ක ආර්ථික වර්ධනයක් ඇති කළ යුතු බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

කෙසේ නමුත් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කරන පුරෝකථනවලට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය අඩු මට්ටමක පවතින හෙයින් රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා සියලු දෙනා අත්වැල් බැද ගෙන ක්‍රියා කළ යුතු බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. 

2028 සිට රටක් ලෙස ශ්‍රී ලංකාව වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක විදේශ ණය ගෙවිය යුතුව තිබෙන අතර  ඒ සඳහා 5% ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට නොහැකි වුවහොත් 2022 පැවති තත්ත්වය 2028 දී රටේ නැවත වරක් නිර්මාණය වී ජනතාව පීඩනයට පත්ව අසරණ වනු  බවද විපක්ෂ නායකවරයා පුරෝකථනය කරයි.  

දැන්වීම

එහෙයින් මේ සත්‍ය වටහා ගෙන මේ අභියෝග ජය ගනිමින් රටත් ජනතාවත් රැක ගැනීම සඳහා සියලු දෙනා එකට එක්ව ඇප කැප වී  යුතු ක්‍රියා කළ යුතුව ඇතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. 

ඒ කෙසේ නමුත් රජය කරන්නේ,මුදල් ගෙවා කුලියට විවිධ අසත්‍ය ප්‍රචාර සිදු කරමින් ඇති දේ නැති කර නැති දේ ඇති කර පෙන්වා පැය විසි හතර පුරාවටම බොරුවෙන් ජනතාව රවටා-අන්දවා බොරුව රජ කරවීම බවට ද සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න