අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

2026 විසර්ජන පනත් කෙටුම්පත

2026 විසර්ජන පනත් කෙටුම්පත

ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය බිලියන 8 කින් වැඩි කරලා මුදල් අමාත්‍යාංශයට බිලියන 634ක් 2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. ජාතික ජනබලවේග රජය සිය දෙවන අයවැය ලෙස…

ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය බිලියන 8 කින් වැඩි කරලා 

මුදල් අමාත්‍යාංශයට බිලියන 634ක්

2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

ජාතික ජනබලවේග රජය සිය දෙවන අයවැය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි.එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634ක් වේ.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 618ක් වෙන් කර ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 596ක් වෙන්කර ඇත.එළැඹෙන වසර වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 554කි.

දැන්වීම

ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 455ක් වෙන්කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබේ.එළඹෙන අයවැයෙන් ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය ලෙස වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 11ක් වේ.

එය 2025 වසරේ ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය ලෙස වෙන්කර තිබූ රුපියල් බිලියන 2.7ක මුදලට වඩා බිලියන 8ක පමණ වැඩිවීමකි.ප්‍රධාන වශයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් බිලියන 8.29ක මුදලක් වෙන්කර තිබීම මෙලෙස වැය ශීර්ෂය ඉහළ යාමට හේතු වී ඇත.

එමෙන්ම 2026 විසර්ජන පනත් කෙටුම්පතින් විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 488ක් වෙන්කර තිබේ.2026 වර්ෂය සඳහා වියදම් පියවා ගැනීමේදී දේශීය හා විදේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සීමාව රුපියල් බිලියන 3800ක් ලෙස දක්වා ඇති අතර එය නොඉක්මවිය යුතු බව අද දින ගැසට් පත්‍රයේ පළකළ විසර්ජන පනත් කෙටුම්පත මගින් දක්වා ඇත.

මේ අතර 2026 අයවැය පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ සැප්තැම්බර් 26 වැනිදාය.විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් මුදල් අමාත්‍යවරයා වශයෙන් අයවැය යෝජනා ඇතුළත් ජනාධිපතිවරයාගේ අයවැය කතාව නොවැම්බර් 7 වැනිදා සිදුකිරීමට නියමිතය.

- ada derana -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
2026 විසර්ජන පනත් කෙටුම්පත | Lanka Newsweek