2026 ජනතා නැගිටීමට පෙරවදනක්..!

රටේ රාළ දිගටම කියන අධි අර්බුදකාරී 2026 වර්ෂය උදාවෙන්න තව තියෙන්නේ දවස් කීපයක් විතරයි.ලබන අවුරද්දේ අපේ රටේ දැවැන්ත ජනතා නැගිටීමක් එන එක ස්ථිරයි.ඒක දැන් උපකල්පනයක් නෙවෙයි නියතයක්.ඒක සංවිධානාත්ම ජනතා…
රටේ රාළ දිගටම කියන අධි අර්බුදකාරී 2026 වර්ෂය උදාවෙන්න තව තියෙන්නේ දවස් කීපයක් විතරයි.ලබන අවුරද්දේ අපේ රටේ දැවැන්ත ජනතා නැගිටීමක් එන එක ස්ථිරයි.ඒක දැන් උපකල්පනයක් නෙවෙයි නියතයක්.ඒක සංවිධානාත්ම ජනතා නැගිටීමක් බවට පත්කර ගන්නේ කොහොමද කියන එක තමයි දැන් තියන ලොකුම ප්‍රශ්නේ.
හතර වටින් ජනතා නැගිටීමක පෙරනිමිති පහල වේගෙන එනකොට ඒක සංවිධානාත්මක ජනතා අරගලයක් බවට පත් කරගන්න විපක්ෂය දැනගන්න ඕනි.නැත්තං වෙන්නේ ගිය පාර වගේ අරගලය මතින් පාවෙලා ඇවිත් ආයෙත් මේ වගේම මෝඩ රැළක් බලයට එන එක විතරයි.නිර්මාණය වෙමින් තියන අරගලකාරී වටපිටාව ගැන ආණ්‌ඩුවට දැනටමත් බුද්ධි වාර්තා ලැබිලා තියෙන්න ඕනි.ඔයාලට මතක ඇති මීට අවුරද්දකට විතර උඩදී රටේ රාළ කිව්වා මාලිමා ආණ්ඩුව එලවන්න ගෝල්ෆේස් අරගලය වගේ අරගල රට පුරා නිර්මාණය වෙනවා කියලා.
හෙට දවසේ මේ සටනේ පෙරමුණු බවට පත්වෙන්නේ ගොවිබිම්, ධීවර වරායන්,රාජ්‍ය ආයතන,ආගමික සිද්ධස්ථාන,පාසැල්,රෝහල් සහ සුරක්ෂා මධ්‍යස්ථාන.දැන් ආණ්‌ඩුවටත් රටේ රාළ කියන යථාර්ථය පිලිගන්න සිද්ධවෙලා.ආණ්ඩුව සහ පැලවත්තේ කණ්ඩායම ඒ ජනතා නැගිටීමට මුහුණ දෙන්න පිඹුරුපත් සකස් කරමින් ඉන්නවා.පැලවත්ත පැත්තෙන් ජවිපෙ ද්‍රෝගීන්ගේ ලයිස්තුව ආයෙත් සමාලෝචනය කරලා එකතු කිරීම් අඩු කිරීම් කළා කියලා ආරංචියි.ආණ්ඩුව පැත්තෙන් ජනතා මර්ධනයත් වේගවත් කරමින් ඉන්නවා.
දැන්වීම
මේ වගේ අනාගත ජනතා නැගිටීමක ඉව වැටුන ගමන් පාලකයෝ ඒක වළක්වන්න හදන එක සාමාන්‍ය දෙයක්.පාලකයාගේ ස්වභාවය අනුව එයාලා ඒ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග එකිනෙකට වෙනස්.ඇත්තටම ජනතා නැගිටීමක් සිද්ධ වෙන්නේ නිකං නෙවෙයි.සල්ලි දීලා,අරක්කු දීලා ජනතාව පාරට ගන්න බෑ. ජනතාව නැගිටින්නේ තමන් මත පැටවිලා තියන පීඩනය දරාගන්න බැරි වෙනකොට.ජනතාව මත පැටවෙන පීඩනය වැඩිවෙන්න වැඩිවෙන්න ජනතා නැගිටීමත් ඉක්මන් වෙනවා.
ඒ වගේම පීඩනය වැඩිවෙද්දී ජනතා නැගිටීමේ ස්වභාවයත් වෙනස් වෙනවා.එතකොට අරගලය ප්‍රචණ්ඩ වෙනවා.අපි ඒක බංගලිදේශයේදී සහ නේපාලයේදී දැක්කා.ජනතා නැගිටීමකදී ජනතාව ඇවිත් නීතිය අතට ගන්නවා.ඒක තරම් නරක දෙයක් තවත් නෑ.ඒ වෙලාවේ නීතිය අතට ගන්නේ විවිධ සමාජ ස්ථරවලින් එන මිනිස්සු.එතන හොඳ සහ නරක මිනිස්සු දෙගොල්ලොම ඉන්නවා.උගතුන් සහ නූගතුන් ඉන්නවා.විවිධ කල්ලි කණ්ඩායම් ඉන්නවා.
ජනතාවට බලය අතට ගත්තම ක්‍රියාත්මක වෙන්නේ ඒ මොහොතේ එතන බලවතාගේ කැමැත්ත.ඒක නිසා ජනතා නැගිටීමක් හොඳ විදිහට වගේම නරක විදිහටත් කෙලවර වෙන්න පුළුවන්.ජනතා නැගිටීමක් වලක්වන්න කරන්න ඕනි හොඳමදේ තමයි ජනතාවට පටවලා තියන පීඩනය අහෝසි කිරීමයි.ඒක කරන්න ඕනි අඩුම ගානේ අරගලයක පෙර නිමිති පහල වේගෙන එනකොට.අරගලය පටන් ගත්තට පස්සේ පීඩනය අඩු කරන්න බෑ.
ඒ වගේ සමහර පාලකයෝ ජනතාව මර්ධනය කරලා නැගිටීම නතර කරන්න හදනවා.දැන් අනූර සහ පැලවත්තේ කට්ටිය කරන්න හදන්නේ ඒක.අයුක්තියට එරෙහිව නැගිටින ජනතාවට යුක්තිය දෙනවා වෙනුවට අයුක්තියෙන් උත්තර දෙන්නයි ආණ්ඩුව හදන්නේ.දැන් ත්‍රස්‌තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ඊටත් වැඩිය භයානක පනතක් ගේන්න හදනවා.
ඒ හරහා එයාලා ලෑස්ති වෙන්නේ ඒ ජනතා නැගිටීමට නායකත්වය දෙන්න පුළුවන් චරිත හදුනාගෙන එයාලා වධකාගාරවලට ගාල් කරන්න.ඊට අමතරව ජවිපෙ ද්‍රෝහීන් කියන අය රහසිගත මෙහෙයුම් හරහා වැලිගම යවන්න.දැන් ඒ මිනිස්සු පස්සේ පැලවත්ත අලුත් වටයකින් පන්නන්න පටන් අරන්.එයාලා ගන්න හදන අලුත්ම බිල්ලක් තියනවා.එයා කවුද කියලා හෙලි කරන්න එයාගේ අවසරය ඕනි.ඒ වගේම එයාට එයාගේ ආරක්ෂාව සලසගන්න ඉඩ දෙන්න ඕනි.
ආපදා තත්වය හමුවේ එයාට සෑහෙන කරදර ටිකක් මෙයාලා කළා.ඒ වෙලාවේ එයාගේ අද්දැකීම්වලින් වැඩ ගත්ත ජෙප්පෝ දැන් එයාගේ පස්සෙන් පන්නනවා.දැන් අපේ සහෝදරයා රටට කතා කරන්න ලෑස්තියි.ඒ හෙලිදරව්ව කරන්න රටේ රාළ ඉක්මන්වීමත් එයාගේ ජීවිතයට කර්ජනයක් වෙන්න පුළුවන්.
ඊට අමතරව ජනතා නැගිටීමක පෙර නිමිති විදිහට සමාජය තුල නිර්මාණය වෙන හුදකලා සිදුවීම්වලටත් ආණ්ඩුව දැඩි මර්ධනකාරී ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා.
රංවලගේ සිද්ධිය,ශාන්තගේ කසිප්පු පැකට් සිද්ධිය,ග්‍රාම නිලධාරීගේ කාර්යාලයට ප්‍රාදේශීය සභා මන්ත්‍රී බලෙන් ඇතුළ්වෙලා බඩු අරන් යෑම සිද්ධිය,ඊට පස්සේ අර මාලිමාවේ මන්ත්‍රිනියගේ ස්වාමි පුරුෂයා ඇවිත් කාන්තාවකට කුණුහරුපෙන් බැනලා ගුටි කාලා ගිය සිද්ධිය,මේවට හරියට සාධාරණය ඉෂ්ඨ වුනේ නැති බව බැලූ බැල්මට පේනවා.මේ වගේ සිද්ධි සිය ගණනක් තියනවා.ඒ වගේ හුදකලා සිදුවීම්වලට පවා යුක්තිය ඉෂ්ඨ නොකර ආණ්ඩුව හදන්නේ පොලිසිය මැදිහත් කරලා මාලිමාවේ බලහත්කාරයට ජනතාව යට කරන්න.
ආණ්ඩුව ඒවා කරන්නේ ජනතා නැගිටීමට බයේ.ආණ්ඩුව පොලිසිය පාව්චිචි කරගෙන අපේ රටේ ජනතාවගේ මානව හිමිකම් උදුරා ගනිමින් ඉන්නවා.පොලීසිය ඉතාමත් පහත් තත්වය වැටිලා අනීතික විදිහට නිතිය අවභාවිතාවේ යොදවනවා.මේ විදිහට ගියොත් මේ රට ඉතාමත් කෙටි කාලයක් ඇතුලත පොලිස් රාජ්‍යයක් බවට පත්වෙනවා.ඒක වහාම නතර කරන්න ඕනි.ඒක කරන්න පුළුවන් අපේ රටේ ජනතාවට විතරයි.මේ වෙලාවේ ජනතාව පෙරට එන්න ඕනි.
නැත්තං මේ රටට වෙන්න යන දැවැන්ත විනාශය නවත්තන්න බෑ. ජනතාව එලියට ගන්න ඕනි සංවිධානාත්මකව.රටේ රාළ මේ කතාව මීට කලිනුත් කියලා තියනවා.මෙතනදී ප්‍රමුඛ වෙන්න ඕනි කණ්ඩායම් ගණනාවක් ඉන්නවා.ආගමික සංස්ථාවට මෙතනදී ලොකු වගකීමක් පැවරෙනවා,විශේෂයෙන් සිංහල බෞද්ධ බලවේගය මුල් කරගෙන මේ මර්ධනය දියත් වෙන නිසා ඒකට බෞද්ධ භික්ෂුව පෙරට එන්න ඕනි.ඒ හරහා අනිකුත් ආගමික සංස්ථාවල සහයෝගය ගන්න ඕනි.
ඒ වගේම දේශපාලන පක්ෂ දැන්වත් ඒකාබද්ධ සටනක් පටන් ගන්න ඕනි.මේ සටන ජාත්‍යන්තර තලයට ගෙනියන්න දේශපාලන පක්ෂවලට පුළුවන්.පහුගිය දවස්වල පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර කිව්වා මේ සටන ජීනීවා දක්වා ගෙනියනවා කියලා. රටේ රාළ ඉන්නෙත් මේ සටනට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල සහය ගන්න ඕනි කියන ස්ථාවරයේ.රටේ රාළලාට හැකි මට්ටමින් ජාත්‍යන්තර සංවිධාන සහ තානාපති කාර්යාල දැනුවත් කරමින් ඉන්නවා.නැත්තං මෙයාලා බොරු හේතු හදලා පොලීසියත් පාවිච්චි කරගෙන ජනතා මර්ධනය වේගවත් කරනවා.
පොලීසියේ මේ අනීතික ක්‍රියාමාර්ගවලට එරෙහිව මානව හිමිකම් සංවිධාන දැනුවත් කිරීම සහ පොලියට එරෙහිව මානව හිමිකම් නඩු පැවරීම වේගවත් කරන්න ඕනි.ඒකට අපේ රටේ නිතිඥ කණ්ඩායමක් ප්‍රමුඛ වෙන්න ඕනි.රටේ රාළ විශ්වාස කරනවා ඒකට අවශ්‍ය කණ්ඩායම් මේ වෙලාවේ එකතුවෙමින් ඉන්නවා කියලා.ඊළඟට මෙතන ලොකුම කාර්යය පැවරෙන්නේ අපේ රටේ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට.ඒ පැත්තේ ලොකු වර්ධනයක් දැනුත් තියනවා.
ඇත්තටම මේ මොහොතේ ජනතාවගේ හඩ බවට පත්වෙලා තියෙන්නේ සිවිල් සමාජ ක්‍රියකාරීන්ගේ හඩයි.රටේ හඩ බවට සමාජ මාධ්‍ය පත්වෙලා.අණ්ඩුවේ හොරණෑවලට සමාජ මාධ්‍යයේ කට වහන්න බැරිවෙලා.ඒ වගේම තමයි අපේ රට ජනතාව බලවේග විදිහට සංවිධානය කරන්න ඕනි.ගොවියා,ධීවරයා,වතු කම්කරුවා,රාජ්‍ය සේවකයා,ත්‍රිවිධ හමුදාව,වෘත්තිකයන්... බලවේග විදිහට සංවිධානය කරන්න ඕනි.ඒ අය එලියට ගේන එක නෙවෙයි කරන්න ඕනි.එයාලා තමන්ගේ වැඩබිම්වල තියලා සටන එකතු කර ගන්න ඕනි.
ඒ වගේම අපේ රටේ විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් මේ සටනට අත දෙන්න ඕනි.එහෙම උනොත් මේ විපතින් රට මුදවා ගන්න පුළුවන්.හැබැයි අපි කරන සටන සංවිධානාත්මක එකක් වෙන්න ඕනි.ගෝල්ෆේස් අරගලය වගේ අවසානයේ දියාරුවෙලා ගිහින් ජවිපෙ වගේ තවත් නිකම්මු ටිකකට බලය අරන් දීලා නං වැඩක් බෑ.ඇත්තටම මේක නැගී එන ෆැසිස්ට්වාදයට එරෙහිව කරන සටනක්.ඒ සටන ඉක්මනට එනවාට රටේ රාළ නං කැමතියි.
මොකද අපේ ජීවිත කොයි වෙලේ උදුරා ගනිද කියන්න බෑ.අපිත් කැමතියි අවසන් සටනේ කොටස් කරුවෝවෙලා මැරෙන්න.අනික ජනතාව පරක්කු වෙන්න,පරක්කු වෙන්න ජවිපෙට සුදානම් වෙන්න කාලය ලැබෙනවා.ඒ කියන්නේ මර්ධනයට සූදානම් වෙන්න අවශ්‍ය කාලය අපිම ජවිපෙට දෙනවා.