අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

2025 FIFA The Best සම්මානයත් ඩෙම්බෙලේට..!

2025 FIFA The Best සම්මානයත් ඩෙම්බෙලේට..!

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය හෙවත් (FIFA) විසින් ලබාදෙන වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි FIFA The Best සම්මානය ජයග්‍රහණය කිරීමට පැරිස් සෙන්ට් ජර්මෙයින් ක්‍රීඩක, ප්‍රංශ ජාතික උස්මන් ඩෙම්බෙලේ ට හැකියාව…

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය හෙවත් (FIFA) විසින් ලබාදෙන වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි FIFA The Best සම්මානය ජයග්‍රහණය කිරීමට පැරිස් සෙන්ට් ජර්මෙයින් ක්‍රීඩක, ප්‍රංශ ජාතික උස්මන් ඩෙම්බෙලේ ට හැකියාව ලැබුණා.

ඩෙම්බෙලේ 2025 වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි බැලොන් ඩි'ඔර් සම්මානය ද ජයග්‍රහණය කිරීම විශේෂත්වයක්.

2025 වර්ෂයේ පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායම යුරෝපීය පාපන්දුවේ දැක්වූ විශිෂ්ට දක්ෂතා සහ එම විශිෂ්ට දක්ෂතා වෙනුවෙන් උස්මාන් ඩෙම්බෙලේ ලබාදුන් දායකත්වය මෙම සම්මානය ඔහුට ලැබීමට ප්‍රධාන හේතුව බව විශ්වාස කළ හැකියි.

දැන්වීම

ආබාධ රාශියකින් පීඩා විඳීමෙන් අනතුරුව බාසිලෝනා කණ්ඩායමෙන් නික්ම ගොස් පැරිස් සෙන්ට් ජර්මෙයින් සමග එක් වූ ඩෙම්බෙලේ පසුගිය තරගවාරයේ විශිෂ්ට අන්දමින් ක්‍රීඩා කළා. ඔහු පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායමේ ආක්‍රමණයේ ප්‍රධාන තරුව බවට පත් වී සිටියා.

2024-25 තරගවාරය තුළ තරග 48 කදී ගෝල 32 ක් සහ ගෝල ලබා ගැනීමට සහාය වීම් 13 ක් ඩෙම්බෙලේගේ වාර්තා වලට ඇතුළත්. එමෙන්ම ලීග් 1 ජයග්‍රහණය, කොපා ඩි ෆ්‍රාන්ස් ජයග්‍රහණය සහ චැම්පියන්ස් ලීග් ජයග්‍රහණයත් සමග යුරෝපීය කුසලාන ත්‍රිත්වයක් ද ඩෙම්බෙලේ ගේ ජයග්‍රහණ ලැයිස්තුවට ඇතුළත්.

මේ සියල්ලම සමගින් 2025 වර්ෂය තමන්ගේ අමරණීය පාපන්දු වර්ෂය බවට පත්කර ගත් ඩෙම්බෙලේ බැලොන් ඩි'ඔර් සම්මානය සහ ෆිෆා වසරේ පාපන්දු ක්‍රීඩකයා යන සම්මාන ද්විත්වයම ජයග්‍රහණය කළා.
ෆිෆා වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානයට අමතරව තවත් සම්මාන රාශියක්ම මෙම සම්මාන රාත්‍රියේදී ප්‍රධානය කෙරුණා ඒවා නමින්,

* ෆිෆා වසරේ පාපන්දු ක්‍රීඩකයා - ඔස්මාන් ඩෙම්බෙලේ (පැරිස් සෙන්ට් ජර්මෙයින්/ප්‍රංශය)
* ෆිෆා වසරේ පාපන්දු ක්‍රීඩිකාව - අයිටානා බොන්මාටි (බාසිලෝනා/ස්පාඤ්ඤය)
* ෆිෆා වසරේ හොඳම දැල් රකින්නා - ජියන්ලුයිජි දොනරුම්මා (පැරිස් සෙන්ට් ජර්මෙයින්/මැන්චෙස්ටර් සිටි/ඉතාලිය)
* ෆිෆා වසරේ හොඳම දැල් රකින්නිය - හැනා හැම්ප්ටන් (චෙල්සි/එංගලන්තය)
* ෆිෆා වසරේ හොඳම පුහුණුකරු - ලුයිස් එන්රිකේ (පැරිස් සෙන්ට් ජර්මෙයින්)
* ෆිෆා වසරේ හොඳම පුහුණුකාරිය - සරීනා වෙයිග්මාන් (එංගලන්තය)
* ෆිෆා වසරේ හොඳම ගෝලය (පුස්කස් සම්මානය පිරිමි අංශය) - සැන්තියාගෝ මොන්සියෙල් (ඉන්ඩිපෙන්ඩියෙන්ටේ/ආජන්ටිනාව)
* ෆිෆා වසරේ හොඳම ගෝලය (මාර්තා සම්මානය කාන්තා අංශය) - ලිසබෙත් ඔවාලේ (UANL/ඔර්ලැන්ඩෝ ප්‍රයිඩ්/මෙක්සිකෝව)
* ෆිෆා ප්‍රේක්ෂක සම්මානය - ඉරාකයේ සැකෝ පාපන්දු ක්‍රීඩා සමාජයේ ප්‍රේක්ෂකයන්
* ෆිෆා Fair Play සම්මානය - වෛද්‍ය හාර්ලස් නෙයුකින්ග්/SSV යාන් රෙගෙන්ස්බර්ග් පාපන්දු කණ්ඩායම ජර්මනිය
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
2025 FIFA The Best සම්මානයත් ඩෙම්බෙලේට..! | Lanka Newsweek