අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

2019 ලෝක කුසලානයට තරඟ කරන ඕස්ට්‍රේලියානු සංචිතය..!

2019 ලෝක කුසලානයට තරඟ කරන ඕස්ට්‍රේලියානු සංචිතය..!

එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්සං මේ වන විට නිවේදනය කර තිබේ. ඒ අනුව එම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වෙති. ආරම්භක…

එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්සං මේ වන විට නිවේදනය කර තිබේ.

ඒ අනුව එම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වෙති.

ආරම්භක පිතිකරු වන එරොන් ෆින්ච්ට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ නායකත්වය හිමි වී ඇත.

දැන්වීම

තව ද පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත තරග තහනමට ලක්ව සිටි හිටපු නායක ස්ටීවන් ස්මිත් හා හිටපූ උප නායක ඩේවිඩ් වෝනර් යළි ඔස්ට්‍රේලියානු සංචිතයට කැඳවා තිබේ.

ඒ අනුව එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට නම් කර ඇති ඕස්ට්‍රේලියානු සංචිතයේ ක්‍රීඩකයින් වන්නේ, ජේසන් බෙහෙරෙන්ඩොෆ් , ඇලෙක්ස් කේරි , නේතන් කෝලට්ර නයිල් , පැට් කමින්ස් , උස්මන් කාවාජා , නේතන් ලයන් , ශෝන් මාෂ් , ග්ලේන් මැක්ස්වෙල් , ජායි රචඩ්සන් , මිචෙල් ස්ටාක් , මාකස් ස්ටොයිනිස් හා ඇඩම් සැම්පා යන අයයි.

කෙසේ වෙතත් වර්තමානයේ ඔස්ට්‍රේලායානු එක්දින කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වු පීටර් හැන්ඩ්ස්කොම්බ් ,ජොෂ් හැසල්වුඩ්ට, ඇශ්ටන් ටර්නර් , මැතිව් වේඩ් හා ඩාර්සි ශෝට්ටද මෙවර ඔස්ට්‍රේලායානු ලෝක කුසලාන සංචිතයේ ස්ථාන හිමි නොවීම විශේෂත්වයකි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
2019 ලෝක කුසලානයට තරඟ කරන ඕස්ට්‍රේලියානු සංචිතය..! | Lanka Newsweek