අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“2015 ජනවරම ආපසු හැරවීමට එජාපයෙන් ඉඩ නැහැ”

“2015 ජනවරම ආපසු හැරවීමට එජාපයෙන් ඉඩ නැහැ”

(නිලන්ති මානෙල්) උද්ගත වී තිබෙන දේශපාලන වාතාවරණය සමථයකට පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ස්වාධීනව ක්‍රියා කිරීමට අවකාශ සලසාදීම ඉතා වැදගත් බව එක්සත් ජාතික පක්ෂ උපනායක සහ කොළඹ දිස්ත්‍රික්…

(නිලන්ති මානෙල්)

උද්ගත වී තිබෙන දේශපාලන වාතාවරණය සමථයකට පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ස්වාධීනව ක්‍රියා කිරීමට අවකාශ සලසාදීම ඉතා වැදගත් බව එක්සත් ජාතික පක්ෂ උපනායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ පැවසීය.

ඔහු මේ බව පැවැසුවේ  පළාත්  පාලන මැතිවරණයෙන් උතුරු කොළඹ ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කළ නියෝජිතයින්ට  ප්‍රණාමය ඵල කිරීමේ උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

දැන්වීම

එහිදී රවී කරුණානායක මහතා කියා සිටියේ දේශපාලනයේ කුමන හැලහැප්පීම් තිබුණද   2015 ජනවාරි 08 වැනිදා සහ  2015 අගෝස්තු 17 වැනිදා  පැවති ජනාධිපතිවරනයෙදීත් මහා මැතිවරණදීත් ලබා දුන් ජනවරම ආපස්සට හැර වීමට එක්සත් ජාතික පක්ෂය ඉඩ නොදෙන බවයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පවතින වාතාවරණය සමථයකට පත් කිරීමට කඩිනමින් පියවර ගනු ඇති බවත්, සම්මුතිවාදී ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට පවත්වා ගෙන යාම නායකයින් දෙදෙනාගේ අභිප්‍රාය බවත් ඔහු පෙන්වා දුන්නේය.

"පළාත් පාලන මැතිවරණය අවසන් වීමත් සමඟ විවිධ අදහස් මතුවී තිබෙනවා.මැතිවරණයෙන් ආණ්ඩුවට කිසියම් රතු එළියක් ලබා දී තිබෙනවා. එවැනි අනතුරු ඇඟවීමක් පෙන්වීමට ද සාධාරණ හේතු  සාධක තිබෙන බව පිළිගත යුතුයි. 2015 ජනතාවට ලබා දුන්   ඇතැම්  පොරොන්දු  ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා.එහෙත් මෙම මැතිවරණය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොව සම්මුතිවාදී ආණ්ඩුවේ ඉදිරි වැඩ පිළිවෙළ ගමට ගෙන යන මැතිවරණයක් බව කිව යුතුයි. පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා වෙනස් කරන්නේ නම් මහ මැතිවරණයක් සහ ජනාධිපතිවරණයක් රටට  අවශ්‍ය නැහැ.

උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂ යෙන් ඉදිරි පත් වු සියලු අපේක්ෂකයින් ජයග්‍රහණය කර තිබෙනවා. සමහරුන්ගේ කතාව විතරයි... වැඩ නැහැ...ඒ බව ඒ අයගේ මැතිවරණ කොට්ඨාශවල ඡන්ද ප්‍රතිඵලවලින් පැහැදිලි වනවා. මම ගමක් ගානෙ ගිහින් පක්ෂයේ ප්‍රතිපත්ති සහ සම්මුතිවාදී ආණ්ඩුවේ වැඩ පිළිවෙළ  ජනතාවට පෙන්වා දුන්නා. ඒ උත්සහයේ ප්‍රතිඵල අද මල් ඵල ගැන්වී තිබෙනවා.

උතුරු කොළඹ ජනතාව ධනවතුන් නොවුණත් මේ ජනතාව බුද්ධිමත් පිරිසක් බව මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලි වුණා. මේ ජනතාවගේ ජීවනෝපාය ගැටලු, නිවාස ප්‍රශ්නය, අධ්‍යාපන පහසුකම් ,සෞඛ්‍යය පහසුකම් මෙන්ම ප්‍රදේශයේ යටිතල පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග කඩිනමින් ගන්නවා.”යැයි ද රවී කරුණානායක මහතා  එහිදී වැඩිදුරටත් පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
“2015 ජනවරම ආපසු හැරවීමට එජාපයෙන් ඉඩ නැහැ” | Lanka Newsweek