අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

120ට ගන්නවා කිව්වට 90වටවත් දී ගන්න බෑ - අම්පාරේ ගොවියෝ අනාතයි

120ට ගන්නවා කිව්වට 90වටවත් දී ගන්න බෑ - අම්පාරේ ගොවියෝ අනාතයි

වී අලෙවි මණ්ඩලේ ගබඩා අරින නැකත තාම නෑ - තොග වෙළෙන්දෝ වී ටික ගත්තම ඇරලා වැඩක් නෑ අම්පාර දිස්ත්‍රික්කයේ මෙවර මහා කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වී ඇතත්, රජයේ වී අලෙවි මණ්ඩලයේ ගබඩා මෙතෙක් විවෘත නොකිරීම…

වී අලෙවි මණ්ඩලේ ගබඩා අරින නැකත තාම නෑ - තොග වෙළෙන්දෝ වී ටික ගත්තම ඇරලා වැඩක් නෑ  

අම්පාර දිස්ත්‍රික්කයේ මෙවර මහා කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වී ඇතත්, රජයේ වී අලෙවි මණ්ඩලයේ ගබඩා මෙතෙක් විවෘත නොකිරීම හේතුවෙන් තමන් දැඩි අසරණභාවයට පත්ව ඇතැයි ගොවීහු මැසිවිලි නඟනවා.

රජයේ මැදිහත්වීමක් නොමැති වීම නිසා පෞද්ගලික මෝල් හිමියන් සහ වෙළෙඳුන් වී කිලෝවක් රුපියල් 80 ත් 90 ත් අතර ඉතා අඩු මිලකට මිලදී ගන්නා බවත්, එම මිල තමන්ට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ඔවුන් පවසනවා.

පසුගිය කන්නයේ මිලදී ගත් වී තොග තවමත් රජයේ ගබඩා තුළ පවතින අතර, ඒවා නිකුත් කිරීමට හෝ නව අස්වනු මිලදී ගැනීමට ආණ්ඩුවට නිසි සැලසුමක් නොමැති බව ගොවි සංවිධාන නියෝජිතයෝ චෝදනා කරනවා.

දැන්වීම

අස්වනු නෙළන අවස්ථාව වන විට රජයේ මැදිහත්වීමක් නොමැති වීම තුළින් ආණ්ඩුව තම වගකීම පැහැර හැර ඇති බව ද ඔවුන් සඳහන් කරනවා.

මේ පිළිබඳව අදහස් දැක්වූ 21 තිස්සපුර ප්‍රදේශයේ ගොවියෙකු වන ඩබ්. පාලිත :

“අපි බොහොම අමාරුවෙන් වගා කරලා දැන් අස්වනු නෙළනවා. ඒත් විකුණගන්න විදියක් නැහැ. පෞද්ගලික වෙළෙන්දෝ ඇවිත් රුපියල් 80-90 ට කිරනවා. ඒක අපිට ලොකු පාඩුවක්. ගබඩා ඇරලා නැති නිසා අපිට කරන්න දෙයක් නැහැ.”

නවගම්පුර ප්‍රදේශයේ ගොවියෙකු වන එම්. නන්දන :

“මේ පාර වගාවට ලෙඩ රෝග ආවා, අලි කරදරත් තිබුණා. 120 ට ගන්නවා කිව්වට දැන් 80 ටවත් දෙන්න බැහැ. ගොවියට හරි තැන දෙනවා කියලා ආපු මේ ආණ්ඩුව යටතේ අපි අද අසරණ වෙලා.”

තිස්සපුර ප්‍රදේශයේම ගොවියෙකු වන ජී.එස්.පී. රංජිත්:

“දැන් ගොවිතැනට යන වියදම වැඩියි. තුට්ටු දෙකට වී දීලා අපිට ණය ගෙවන්න බැහැ. ආණ්ඩුව නියම මිලට ගන්නවා නම් අපිට කරදරයක් නැහැ. ඒත් වෙන්නේ බොරු පොරොන්දු දෙන එක විතරයි.”

කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි දිනෙන් දින වී මිල පහත වැටීම හේතුවෙන් කඩිමුඩියේ රජයේ වී ගබඩා විවෘත කර සාධාරණ සහතික මිලකට වී මිලදී ගැනීමට කටයුතු නොකළහොත්, අම්පාරේ ගොවීන් තවදුරටත් ණය උගුලක සිරවනු ඇති බව ගොවි නියෝජිතයෝ වැඩිදුරටත් අවධාරණය කරනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
120ට ගන්නවා කිව්වට 90වටවත් දී ගන්න බෑ - අම්පාරේ ගොවියෝ අනාතයි | Lanka Newsweek