අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ළමා - කාන්තා - තරුණ අයිතිවාසිකම් මුලික අයිතිවාසිකම් බවට පත් කරනු

සජිත් ප්‍රේමදාස

ඊට විපක්ෂයේ ද සහයෝගය දෙනවා

දැන්වීම

- විපක්ෂ නායක අවධාරණය කරයි -

දශක අටක් දරුවන්ගේ අයිතිය සුරක්ෂිත කිරිමට UNICEF ආයතනය ඉටු කළ කාර්ය ඇගයීමට ලක් කරන බවත් ජාත්‍යන්තර ළමා දිනය සැමරීම එක් දිනක පමණක් නොව දවස් 365ම ළමා දිනය සේ සැමරීම සියලු දෙනගේම වගකීම බවත් දරු පරපුර වසර පුරාම ආරක්ෂා විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දරුවන් 1200කගේ සාකච්ඡා තුළින් පස් වදැරුම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති බවත් මේ අදහස්වලට 1000% වාරයක් එකග බවත් එහි සදහන් සාධාරණ විවෘත රාජ්‍ය පාලනයක්, හරිත මාතෘභූමියක්,ඩිජිටල්කරණයට ලක්වු අධ්‍යාපන ක්ෂේත්‍රයක්, මත්ද්‍රව්‍ය සේම මත්පැන් හා දුම්පානයෙන් තොර රටක්, ශක්තිමත් ආර්ථිකයක් යන කරුණු රටක් තුළ ඉටු විය යුතු ප්‍රධානම ක්‍රියාදාමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

දරුවන් වෙනුවෙන් වෙන් වූ පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීම කාලෝචිතයි

දරුවන් ගැන පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීමට කතානායකවරයා කළ යෝජනාව වැදගත් බවත් ඒ සඳහා විපක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් දරුවන් ඉදිරිපත් කළ ප්‍රධාන කරුණු පහෙන් ක්ෂණික පියවර ගත හැකි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති මූලික අයිතිවාසිකම් තුළට ළමා කාන්තා හා තරුණ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙස එකතු විය යුතු බවත් ඒ සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂය ද සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාර්ලිමේන්තු උපදේශක සභාවලට දරුවන්ගේ නියෝජනත්වයද ලබා දෙන්න

ඊළග පක්ෂ නායක රැස්වීමේ දී පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාවලට යම් ප්‍රමාණයකින් හෝ දරුවන් ද සහභාගීකරවා දරුවන්ගේ අදහස්වලට තැනක් ලබා දී යම් නියෝජනත්වයක් ලබා දිය හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් යෝජනා කළේය.

අධ්‍යාපනයේ බෙදීම නැති කළ යුතුයි

ඩිජිටල් අධ්‍යාපනය ගැන කතා කරන විට සම්බන්දතාව ගැන ගැටලු ඇති නිසා මේ ගැටලු විසදිය යුතු බවත් රජය යටතේ ඇති පාසල් 10126 තුළ අධ්‍යාපනයේ ක්‍රියාත්මක විය යුතු සමානාත්මතාවය ගැන සෙවිය යුතු බවත් අදටත් අධ්‍යාපනයේ බෙදීමක් ඇති නිසා මෙය වෙනස් කළ යුතු බවත් ඒ යටතේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සුහුරු අධ්‍යාපනය සේම STEAM අධ්‍යාපනයට මුල් තැන ලබා දිය යුතු බවත් ඒ තුළින් මේ බෙදීම නැති කළ හැකි නිසා කතාවෙන් සේම ක්‍රියාවෙන්ද දායක විය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මතින් තොර රටක් බිහි කරන්න සියලු දෙනාම එක් වෙමු

මතින් තොර රටක් ක්‍රියාත්මක කරන්න නීතියේ ආධිපත්‍යය හා යුක්තිය පසිදලීම සිංගප්පූරුව තුළ භාවිත දඩුවමට යා යුතු බවත් අප වැනි රටක මේ මත්ද්‍රව්‍ය මර්දනකාරීව නැති කළ යුතු බවත් දරුවන් ද යුක්තිගරුක විනයගරුක මතින් තොර ශිෂ්ටසම්පන්න රටක් නිර්මාණය කළ යුතු බවත් සාර්ධර්ම ප්‍රතිපත්තිගරුකව කටයුතු කිරීමට අධිෂ්ඨානශීලිව කටයුතු කළ යුතු බවත් අද වන විට දිගු කාලයක් පුරා පාසල් පද්ධතිය මත් රකුසා වෙලා ගෙන ඇති නිසා එය මුදවා ගත යුතු බවත් ඊසි කෑෂ් ක්‍රම වැනි ක්‍රමවේද තුළ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සිදුවන නිසා 41 ලක්ෂයක් පාසල් දරුවන් ස්වයං විනයක් ඇති කර චරිතවත්ව ගතිපැවතුම් ක්‍රියාදාම පවත්වා ගනිමින් මත්රකුසාට හසු නොවි සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මන්දපෝෂණයෙන් දරුවන් මුදවා ගත යුතුයි

රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ දරුවන් සවිබල ගැන්විය යුතු බවත් පෝෂණය ගැන කතා කරන විට මන්දපෝෂණය අඩුබර කුරුවීම මාතෘ මන්දපෝෂණය වැනි ගැටලුවලට විසදුම් ලබා දී මේ මන්දපෝෂණ තත්ත්වයෙන් දරුවන් මුදවා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දරුවන් ආරක්ෂා කරන්න සියලු දෙනා එකට එක් වෙමු

හරිත විෂයන්ට මුල් තැන ලබා දෙන දරුවන් ඇගයිය යුතු බවත් එය ඉදිරියටත් කළ යුතු බවත් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරුවාට මුල්තැන ලබා දී පහළ තැන සිට ඉහළම තැනට යන්න අවස්තාව දිය යුතු බවත් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සියලු දෙනා දරුවන් ආරක්ෂා කළ යුතු බවත් දරුවන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන විට හිංසනයෙන් තොර සෞඛ්‍ය සම්පන්න නීරෝගිමත් දරුපරපුරක් දායාද කළ යුතු බවත් ඒ වෙනුවෙන් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සියලු දෙනාම එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 3
බෙදාගන්න
ළමා - කාන්තා - තරුණ අයිතිවාසිකම් මුලික අයිතිවාසිකම් බවට පත් කරනු | Lanka Newsweek