හොරුන් අල්ලන්න විශේෂ මහා අධිකරණයක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා ) මහා පරිමාණ දූෂණ,වංචා සහ අක්රමිකතා සම්බන්ධයෙන් ක්රියා කිරීම සදහා නව මහා අධිකරණයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. මේ මහා අධිකරණය පිහිටුවීමට රජය තීරණය කර තිබෙන්නේ රාජ්ය…
(සුජිත් මංගල ද සිල්වා )
මහා පරිමාණ දූෂණ,වංචා සහ අක්රමිකතා සම්බන්ධයෙන් ක්රියා කිරීම සදහා නව මහා අධිකරණයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. මේ මහා අධිකරණය පිහිටුවීමට රජය තීරණය කර තිබෙන්නේ රාජ්ය දේපොළ,මුදල් සහ වත්කම් අවභාවිතය සම්බන්ධයෙන් සිදු කෙරෙන නඩු කටයුතුවල දැනට තිබෙන ප්රමාදය වලක්වා ඊට අදාළ අධිකරණ ක්රියාවලිය කඩිනම් කිරීම සඳහාය. මේ විශේෂ මහා අධිකරණය අග විනිසුරුවරයා විසින් නම් කරනු ලබන විනිශ්චය මණ්ඩල තුනකින් සමන්විත වන අතර ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 105 (01 )( ඇ) වගන්තිය යටතේ මේ අධිකරණය පිහිටුවීමට නියමිතය.ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1