අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“හේමාගේ කොලුවයි”-“ඛේමාගේ කොලුවයි” එජාපෙට එරෙහි ඉන්දු-ඇමරිකානු කුමන්ත්‍රණයක..!

“හේමාගේ කොලුවයි”-“ඛේමාගේ කොලුවයි” එජාපෙට එරෙහි ඉන්දු-ඇමරිකානු කුමන්ත්‍රණයක..!

ජනපතිත් කුමන්ත්‍රණයේම ගොදුරක්..! රට චන්ද්‍රිකාට-එජාපය සජිත්ට..! “මෛත්‍රී-රනිල්-මහින්ද” කපෝතියි..! සජිත්ට ගෝඨා කෙරෙහි ලොකු ගෞරවයක් තියෙනවාලු..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක…

ජනපතිත් කුමන්ත්‍රණයේම ගොදුරක්..!

රට චන්ද්‍රිකාට-එජාපය සජිත්ට..!

“මෛත්‍රී-රනිල්-මහින්ද” කපෝතියි..!

දැන්වීම

සජිත්ට ගෝඨා කෙරෙහි ලොකු ගෞරවයක් තියෙනවාලු..!

“හේමාගේ කොලුවයි”-“ඛේමාගේ කොලුවයි” එජාපෙට එරෙහි ඉන්දු-ඇමරිකානු කුමන්ත්‍රණයක..!

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ක්‍රියාත්මක කරමින් සිටින්නේ යැයි කියන  “ඉන්දු-ඇමරිකානු” දේශපාලන කුමන්ත්‍රණය පිළිබඳව එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු ශ්‍රී ලාංකිකයින් විවිධ ක්‍රමෝපායන් ඔස්සේ දැනුම්වත් කිරීම කෙරෙහි ලෝක ප්‍රසිද්ධ "තමිලර් ඉයක්කම්" සහ  “GLOBAL TAMIL RIGHTS ACTIVITIES” සංවිධානවල අවදානය යොමු වී තිබේ.

“lankanewsweek” හී ජාත්‍යන්තර සම්බන්ධීකාරකවරයා සමග මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති "තමිලර් ඉයක්කම්" සහ “GLOBAL TAMIL RIGHTS ACTIVITIES” සංවිධානයේ ප්‍රබල නායකයින් දෙදෙනෙකු තහවුරු කර තිබෙන්නේ සජිත් ප්‍රේමදාස සහ මංගල සමරවීර යන මහත්වරුන් මේ මොහොතේ ඍජුවම සිටින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග වන බවය.

විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා,හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඇති කර ගෙන තිබෙන දේශපාලන එකඟතාවයක් පිළිබඳ තොරතුරු ද ඒ අය සතුව තිබෙන අතර  ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ සජිත් ප්‍රේමදාස මහතාට විශාල ගෞරවයක් තිබෙන බව ද ඔහු තහවුරු කර ඇත.

මේ කුමන්ත්‍රණය පිටු පස සිටින්නේ ඇමරිකානු සහ ඉන්දියානු රජයන් නොව ඒ රටවල “පක්ෂ-විපක්ෂ” විවිධ දේපාලන,සමාජ සහ සිවිල් බලවේග වන අතර  මෙහි දේශපාලන උපාය මාර්ගික සැලසුම සහ අරමුණ වී තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන සාධකය පාවිච්චි කරමින් රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ යන දේශපාලන සාධක ජාතික දේශපාලනයෙන් ඉවත් කර, අවසානයේදී ජනාධිපතිවරයා ද එහිම ගොදුරක් බවට පත් කරමින්, 2020 දී කවුරුන් ජනාධිපති වුණත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය රටේ විධායක අගමැතිවරිය ලෙස පත් කර ගනිමින් ජාතික දේශපාලන කරළියේ ඇය යළි බල ගන්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීමය.

එවිට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ගෙන පක්ෂයේ බලය තහවුරු කර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකි වන අතර චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අගමැතිවරිය වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තහවුරු කර ගැනීමෙන් පසුව රටේ සහ එම පක්ෂයේ නොනිල නායකයා ලෙස තිරය පිටු පස සිටිමින් සියල්ල මෙහෙයවීමේ බලය මංගල සමරවීර මහතාට හිමි වේ.

“තවත් ගේමක් ද..? මංගල සිරස සමග ගනුදෙනුවක..! අද රාත්‍රී 10.30” යන ශීර්ෂය යටතේ “Sri Lanaka Mirror” වෙබ් අඩවියේ 2019 මාර්තු 18 වැනිදා පළ කෙරුණු පුවතේ “ඛේමාගේ කොලුවා,අලුත් දේශපාලන ගේමකට සුදානම් වන බවක් පෙනෙන්නට තිබෙන බව පසු ගිය සති කිහිපයේ ඔහුගේ හැසිරීමෙන් පෙන්නුම් කර ඇති බව  ද “සිරස” නාලිකාව සමග යළි මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමෙන් එය වඩාත් තහවුරු වන අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ සිරස නාලිකාවේ ප්‍රධානීන් අතර යම් මිත්‍රත්වයක් ගොඩනැගීමට එජාපයේ නියෝජය නායක සජිත් ප්‍රේමදාස මහතා මැදිහත් වී ඇද්දැයි සැකයක් මතු වන බව ද  ප්‍රවීණ දේශපාලන විචාරකයෙක් පැවසුවේ යැයි සඳහන් කර තිබුණේ මේ පසුබිම මතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සජිත් ප්‍රේමදාස,මුදල් ඇමති මංගල සමරවීර සහ “සිරස” නාලිකාවේ අයිතිකරු කිලී මහරාජා යන මහත්වරුන්  දේශපාලන වශයෙන් ද,රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ද එක්සත් ජාතික පෙරමුණේ බලය ඇල්ලීමේ කාරණයට අදාළව ද එකම ස්ථාවරයක එකට සිටින බව මේ තොරතුරු අනුව මානව පැහැදිළි වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම ඔහුගේ සමීපතමයින් සමග පවසා ඇති පරිදි අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය සිටින්නේ ද ඔහු සමගය.

සජිත් ප්‍රේමදාස සහ මංගල සමරවීර යන මහත්වරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කරමින් සිටින මේ විනිවිදභාවයකින් තොර සැකසහිත රහස් ගනුදෙනු සහ සාකච්ඡා පිළිබඳව එක්සත් ජාතික පෙරමුණේ උඩ සිට පහළට සියලු දෙනාගේ විශේෂ අවදානයට වගේම අතිශය විරෝධයට හේතු වී තිබේ.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකුගෙන් “lankanewsweek” කරුණු විමසා සිටී අවස්ථාවේදී ඔහු මේ ලියුම්කරු සමග පැවසුවේ අග්‍රාමාත්‍යවරයා මේ කුමන්ත්‍රණය පිළිබඳව සම්පූර්ණ තොරතුරු දන්නා අතර මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ මෑතක සිට නොව මීට අවුරුදු ගණනාවකට පෙර සිට බවය.

ඔහුට, "තමිලර් ඉයක්කම්" සහ “GLOBAL TAMIL RIGHTS ACTIVITIES” සංවිධානවලට අනුව මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ “DEMOCROTIC” පක්ෂයේ නායක බැරක් ඔබාමා ජනාධිපතිවරයා ලෙසත් හිලරි ක්ලින්ටන් මහත්මිය රාජ්‍ය ලේකම්වරිය ලෙසත් ඇමරිකාවේ  බලය හෙබවූ  කාලයේ සිට වන අතර, මේ පිටු පස එක්සත් ජාතීන්ගේ හිටපු ඇමරිකානු තානාපති සමන්තා පවර් මහත්මිය ඍජුවම සිටින්නීය.

මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ අතිශය සමීපතමියක වන ඇය ඔහුගේ දේශපාලන දිවියට තිස් වසරක් සැපිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ 2019.02 28 වැනිදා සවස පැවති උත්සවයට විශේෂ ආරාධිත අමුත්තියක් ලෙස ද සහභාගී වූවාය.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදරිපත් වන්නේ යැයි ද සහ ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කර ඔහු වෙත ඍජු ඉල්ලීමක් ඉදරිපත් නොකරන්නේ මන්දැයි යනුවෙන් අවස්ථා ගණනාවකදීම සිය කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතාගෙන් විමසන සෑම අවස්ථාවකදීම ඔහු එම පැනයට පිළිතුරු නොදී එමගින් පැන යන බව එක්සත් ජාතික පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් “lankanewsweek” සමග පැවසූහ.

එසේ තිබියදී රනිල් වික්‍රමසිංහ මහතා මහතා තමාට අවස්ථාව ලබා නොදෙන බවට මතයක් සමාජ ගත කරමින්, ජාතික මැතිවරණයක් අත ළඟ තිබියදී සුපුරුදු පරිදි නායකත්වයට එරෙහි කැරැල්ලට යළි පණ පොවා පක්ෂයේ ජයග්‍රහණය කඩාකප්පල් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා දරන මේ උත්සාහය තරයේ හෙළා දකින බව එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයෝ පෙන්වා දෙති.

ඒ වගේම විජාතික බලවේග ද,ජනාධිපතිවරයා සහ “සිරස” නාලිකාවත් එහි අයිතිකරු වන කිලී මහරාජාත් අල්ලා ගෙන එක්සත් ජාතික පෙරමුණ අභ්‍යන්තරයේ අර්බුද ඇති කරන අතර විද්‍යුත්,මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ද ගෙන යමින්  සජිත් ප්‍රේමදාස මහතා කරන මේ කුමන්ත්‍රණය පිළිකුල් සහගත බව ද ඔවුහූ අවධාරණය කළහ.

මේ කරුණු කාරණා මත සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන න්‍යාය පත්‍රය, අරමුණ සහ ඒ සඳහා වන කූට සැලසුම් ද හෙළිදරව් කරමින් ඔහුට එරෙහිව විශාල ව්‍යාපාරයක් රට පුරා ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ද මේ වන විට තීරණය කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ මේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ද පැමිණලි කරමින් ඉල්ලා ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන සංහිඳියාව,ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන්  ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙසය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ අතිශය රහස් ගනුදෙනු සහ සාකච්ඡා ද, ජනාධිපතිවරයාගේ මාර්ගයෙන් අගමැතිවරයාට බලපෑම් කර ඔහු  සංස්කෘතික කටයුතු අමාත්‍ය ධූරය ලබා ගත් ආකාරය ද  ඇතුළු පුළුල් හෙළිදරව්වක් “සජිත් ප්‍රේමදාස එජාපෙට එරෙහිව ජනපති වෙනුවෙන් යළි බෙල්ල දෙයි” යන ශීර්ෂය යටතේ “lankanewsweek” කණ්ඩායම ද 2019.03.04 වැනිදා පළ කළ බව ද සිහිපත් කර සිටිමු. සජිත් ප්‍රේමදාස,මංගල සමරවීර සහ චන්ද්‍රිකා කුමාරතුංග ත්‍රිත්වයේ භූමිකාවන් පිළිබඳව ද, මේ අය පිටු පස විවිධ අරමුණු ඇතිව විවිධ අයුරින් ක්‍රියාත්මක වන ලෝක දෙමළ ඩයස්පෝරා බලවේග වන  “GLOBAL TAMIL FORUM” සහ “CANADIAN TAMIL CONGROS” ඇතුළු සංවිධාන සම්බන්ධයෙන් ද තවත් හෙළිදරව් කිරීම් ගණනාවක් “lankanewsweek” වෙතින්  හෙට අනිද්දාම බලාපොරොත්තු වන්න.

“හේමාගේ කොලුවයි”-“ඛේමාගේ කොලුවයි” එජාපෙට එරෙහි ඉන්දු-ඇමරිකානු කුමන්ත්‍රණයක..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න
“හේමාගේ කොලුවයි”-“ඛේමාගේ කොලුවයි” එජාපෙට එරෙහි ඉන්දු-ඇමරිකානු කුමන්ත්‍රණයක..! | Lanka Newsweek