අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට චක්‍රලේඛ ප්‍රකාරව ගෙවිය යුතු කෝටි 5ක මුදල ගෙවන්න ප්‍රමාද ඇයි..?

විපක්ෂ නායක ප්‍රශ්න කරයි

සජිත් ප්‍රේමදාස

ආසියානු තරග හා පොදුරාජ්‍ය මණ්ඩලීය තරගයේ හෙල්ල විසි කිරීම අංශයෙන් රුමේෂ් තරංග මහතා රටට විශාල කීර්තියක් ගෙන ආ බවත් මීටර් 92.62ක් හෙල්ල විසි කර ලෝකයේ අංක 1 බවට පත්ව ඇති බවත් දැන් මේ තරුණයාගේ ගෙදරට යන පාර ලක්ෂ 80ක් වියදම් කර හදනවා කියා වාර්තා වුවත් තවමත් ඒ පාර හදා නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන්වීම

මෙවැනි තරගාවලියන් ජයග්‍රහණය කරන විට රජයේ නියමිත චක්‍රලේඛ අනුව රු. කෝටි 5ක් ලැබිය යුතු වුවත් තවමත් මේ රු. කෝටි 5ක මුදල් නොලැබ ඇති බවත් මේ මුදල ගෙවන්නේ කවදාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් රටට විශේෂිත කීර්තියක් ලැබූ රුමේෂ් තරංගට ඔලිම්පික් පදක්කමත් ලබා ගත හැකිවේවා කියා ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විශේෂ චක්‍රලේඛයක් ගෙනවිත් ඔහුට ගෙවන්න ඇති ගාන අඩු කරන්න කියා කතාවක් ද යන නිසා ඔහුට ගෙවිය යුතු කෝටි 5ක මුදල කඩිනමින් ගෙවන ලෙසට යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට චක්‍රලේඛ ප්‍රකාරව ගෙවිය යුතු කෝටි 5ක මුදල ගෙවන්න ප්‍රමාද ඇයි..? | Lanka Newsweek