හිර ගෙවල් ඇත්ත වීරයන්ට හයිය දෙනවා විතරයි

රටේ දේශපාලන තිබෙන තැන ලකුණු කරන්නේ රංජන් ගෝඨාට වගේ රංජන්ට චරිත දෙකක් නැහැ ජනතාව කඩේ යවන දේශපාලකයින්ට රංජන් අර්බුදයක් නිර්මාණය කළා (චින්තන ධර්මදාස) හරියටම රටේ දේශපාලනය තියෙන තැන ලකුණු කරන්නෙ රංජන්.…
රටේ දේශපාලන තිබෙන තැන ලකුණු කරන්නේ රංජන්
ගෝඨාට වගේ රංජන්ට චරිත දෙකක් නැහැ
ජනතාව කඩේ යවන දේශපාලකයින්ට රංජන් අර්බුදයක් නිර්මාණය කළා

(චින්තන ධර්මදාස)
හරියටම රටේ දේශපාලනය තියෙන තැන ලකුණු කරන්නෙ රංජන්. දේශපාලනයට උගත් බුද්ධිමත් අය ඕන කියන කතාව මිත්‍යාවක්. දේශපාලනයට ඕන හෘදයාංගම මිනිස්සු. ඒ අයට අවංකකමත් තියෙනවා නම් ඒක පෝසත්කමක්. රංජන් ලංකාවෙ දේශපාලනයට වටින්නෙම ඒකයි.
රංජන් තරම් විවෘත දේශපාලන චරිතයක් ලංකාවෙ නෑ. එයාගෙ සෙක්ස්වල ඉඳන් කන බොන අඳින හැටි හැමදෙයක්ම රටේම මිනිස්සු දන්නවා. ගෝඨාභයට වගේ රංජන්ට චරිත දෙකක් නෑ. රංජන්ට තියෙන්නෙ එක චරිතයයි. ඒක කියන දේ කරන, කරන දේ කියන කෙලින් චරිතයක්. ඒ ගෞරවය රංජන්ට හිමි වෙන්න ඕන.
දැන්වීම
දේශපාලනයේ මහා පතරංග දේවල් රංජන්ට තේරෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒත් රංජන්ට මිනිස්සුන්ව තේරෙනවා. මිනිස්සු වෙනුවෙන් කරන දේශපාලනය තේරෙනවා. බුද්ධිමතුන්ගේ කකුල් වෙවුලන කතා රංජන් කකුල් දෙකෙන් හිට ගෙන කියනවා. බය නැතුව ඕනම දෙයක් ප්‍රශ්න කරනවා. වෙන කිසිම චරිතයක නැති තරම් ඉන්ටග්‍රිටියක් රංජන්ට තියෙනවා.
රංජන්ව ඉවසන්න බැරි, රංජන්ට බය වෙන දේශපාලනය තේරුම් ගන්න අමාරු එකක් නෙමෙයි. ජනතාව කඩේ යවන දේශපාලකයන්ට ජනතාව වෙනුවෙන් කඩේ යන රංජන් අර්බුදයක් නිර්මාණය කරනවා. රංජන් හිරේ යන්නෙම ලංකාවෙ දේශපාලනයේ හරිම නිලයක් හයියෙන් අල්ලන හින්ද. රංජන් කියන්නෙ ඇත්ත වීරයෙක්. හිරගෙවල් ඒ වගේ වීරයන්ට තව හයිය දෙනවා විතරයි.
