හිටපු සහ වත්මන් ජනපතිට සිරිල් ගාමිණී පියතුමාගෙන් දැඩි ප්‍රහාරයක්

ඔහු ඒ ගැන දැන ගෙන හිටියා පාස්කු ප්‍රහාරයට හිටපු ජනපති වග කිව යුතුයි ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණය ගැන ඔහු විමර්ශනයක් නොකරන්නේ ඇයි..? හිටපු ජනපතිට විරුද්ධව නඩු නොපවරන්නේ ඇයි..? මේ අය මේ උත්සහ කරන්නේ…
ඔහු ඒ ගැන දැන ගෙන හිටියා
පාස්කු ප්‍රහාරයට හිටපු ජනපති වග කිව යුතුයි
ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණය ගැන ඔහු විමර්ශනයක් නොකරන්නේ ඇයි..?
හිටපු ජනපතිට විරුද්ධව නඩු නොපවරන්නේ ඇයි..?
මේ අය මේ උත්සහ කරන්නේ කවුරුන් රකින්න ද..?
සිරිල් ගාමිණී පියතුමා භිය නැතිව ප්‍රසිද්ධියේ චෝදනා කරති..!
(සුජිත් මංගල ද සිල්වා)
20219 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කල් ඇතිව දැන ගෙන සිටියේ යැයි සිරිල් ගාමිණී පියතුමා චෝදනා කර සිටිති.
කොළඹදී විශේෂ ජනමාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ සඳහන් කළේ පාස්කු ඉරිදා එල්ල කෙරුණු ඒ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාළ විමර්ශන වාර්තා කියවද්දි ඒ බව මනාව පැහැදිලි වන බවය.
එමෙන්ම එදා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට චෝදනාවක් එල්ල වූ නමුත් අද ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු නොවන බව ද උන්වහන්සේ කියා සිටියේය.
දැන්වීම
මේ ප්‍රහාරය සම්බන්ධයෙන් පළමු වතාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට ප්‍රසිද්ධියේම චෝදනා කරමින් එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමා මෙසේ ද කියා සිටියහ.
"ඇයි ඇත්ත හෙළිදරව් කර ගන්න උත්සහ නොකරන්නේ..? මේ සිද්ධියේ ඇත්ත වහන්න උත්සහ කරන්නේ ඇයි..? මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය නොකරන්නේ කවුරුන් ආරක්ෂා කරන්න ද..? අපි කියමු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට වග කිව කියලා. බොහොම පැහැදිලි නිර්දේශයක් තිබෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව අපරාධමය නඩුවක් පැවැරිය යුතුයි කියලා. ඒ එක නිර්දේශයක්. පළමු නිර්දේශය ඒ කොමිෂන් සභාවේ. ඊට පස්සේ රජයේ වග කිව යුතු අමාත්‍යවරයෙක් කියනවා, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ ප්‍රහාරයට වග කිව යුතුයි කියලා. ඒ අනුව ආණ්ඩුව සහ CID ය කළ යුත්තේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමයි. ඒ වගේම ආණ්ඩුව සහ නීතිපතිවරයා කළ යුත්තේ මේ ජනාධිපති කොමිෂන් සභාවේ තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමයි. ඉතිං එහෙම විමර්ශනයක් ආණ්ඩුව කරන්නේ නැහැනේ..! එවිට අපට හිතෙන්නේ මේ කිසිවක් නොකරන්නේ විවිධ සම්බන්ධතා තිබෙන නිසා කියලා."
