අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හිටපු ජනපති බයිඩන්ගේ දරුවන්ගේ ආරක්ෂාව එක පෑන් පහරින් ඉවතට..!

හිටපු ජනපති බයිඩන්ගේ දරුවන්ගේ ආරක්ෂාව එක පෑන් පහරින් ඉවතට..!

(අශෝක ජයතුංග) ඇමෙරිකාවේ හිටපු ජනපති ජෝ බයිඩන් ගේ දරුවන්ට දී තිබූ නිළ ආරක්ෂාව එක පෑන් පහරින් ඉවත් කිරීමට ජනපති ට්‍රම්ප් තීන්දු කොට තිබේ. ඒ අනුව 55 හැවිරිදි හන්ටර් බයිඩන් හා 43 හැවිරිදි ඈෂ්ලි බයිඩන්ගේ…

(අශෝක ජයතුංග)

ඇමෙරිකාවේ හිටපු ජනපති ජෝ බයිඩන් ගේ දරුවන්ට දී තිබූ නිළ ආරක්ෂාව එක පෑන් පහරින් ඉවත් කිරීමට ජනපති ට්‍රම්ප් තීන්දු කොට තිබේ. ඒ අනුව 55 හැවිරිදි හන්ටර් බයිඩන් හා 43 හැවිරිදි ඈෂ්ලි බයිඩන්ගේ ආරක්ෂාව වහාම ඉවත් කොට තිබේ.

ජනමාධ්‍ය කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ට්‍රම්ප් මෙම තීන්දුව ගෙන ඇති අතර ඒ වනවිටආරංචි පළවූයේ හන්ටර් බයිඩන් සීක්‍රට් සර්විසස් ආරක්ෂකයින් 18 දෙනෙකු සමග විදේශ සංචාරයක නිරත වන බවය. ඇමෙරිකානු නීතිය අනුව හිටපු ජනපති හා බිරිදට ජීවිත කාලය පුරාවට මෙන්ම වයස 16 ට අඩු දරුවන්ට වයස පිරෙන තෙක් ආරක්ෂාව හිමිවේ.

බයිඩන්ගේ පුතෙකු වු බිවු බයිඩන් 2015 දී පිළිකාවකින් ජීවිතක්ෂයට පත් වූ අතර දියණිය නයෝමි ට අදාළ ආරක්ෂාව ගැන ආරක්ෂාවට අදාළ මෙම වාර්තාවේ සදහන්වී නොමැත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න