අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හික්කඩුවේදී වැරදුනු කුරුමානම ගැන පරීක්ෂණ ඉදිරියට

හික්කඩුවේදී වැරදුනු කුරුමානම ගැන පරීක්ෂණ ඉදිරියට

(ජයකාන්ත ලියනගේ - බළපිටිය) හික්කඩුව, දොඩන්දූව වරායේදී ධීවර යාත්‍රා හිමිකරුවෙක් ඉලක්කකර ගනිමින් එල්ල කිරීමට උත්සාහ කරන ලද වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පැති කිහිපයක්ම ඔස්සේ පරික්ෂණ පවත්වන බවත් සත්‍ය ලෙසම…

(ජයකාන්ත ලියනගේ  -  බළපිටිය) 

හික්කඩුව, දොඩන්දූව වරායේදී ධීවර යාත්‍රා හිමිකරුවෙක් ඉලක්කකර ගනිමින් එල්ල කිරීමට උත්සාහ කරන ලද වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පැති කිහිපයක්ම ඔස්සේ පරික්ෂණ පවත්වන බවත් සත්‍ය ලෙසම පිස්තෝලයක් රැගෙන වෙඩි තැබීමට තැත් කළේද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමුව තිබෙන බවත් හික්කඩුව පොලීසිය අද (03) දහවල් ප්‍රකාශ කළේය.

සිද්ධිය ඇසින් දුටුබව කියන ධීවරයින් මුහුදු රස්සාවේ ගොස් තිබෙන බව පැමිණිලිකරු ප්‍රකාශ කරන බවත් ඔවුන් ගොඩබිමට පැමිණි පසු සාක්ෂි සටහන් කර ගැනීමට කටයුතු කරන බවත් හික්කඩුව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

පෙරේදා (01) පෙරවරුවේ හික්කඩුව, දොඩන්දූව වරාය පරිශ්‍රයේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් දෙදෙනෙක් විසින් පිස්තෝල ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කල බවත් පිස්තෝලය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔවුන් පලාගිය බවත් ධීවර ව්‍යාපාරිකයෙකු බව ඒ ඥාණරත්න (35) නැමැති අය හික්කඩුව පොලීසියට පැමිණිලි කර තිබේ. තුවක්කුකරුවන්ගේ ඉලක්කය වූ පැමිණිලිකරු දොඩන්දූව ධීවර වරායෙන් රස්සාවේ යන ධීවර යාත්‍රා කිහිපයකම හිමි කරුවෙක් බවද හික්කඩුව පොලීසිය කියයි.

දැන්වීම

මෙම ධීවරයා ධීවර ව්‍යාපාරික කටයුතු වල නිරතව සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන දෙදෙනෙක් විසින් ඔහු සමීපයටම පැමිණ වෙඩි තැබීමට උත්සාහ කර තිබෙන බවට පැමිණිල්ලේ සදහන් වන බවද පොලීසිය කියයි. වෙඩි තැබීමට අවස්ථා දෙකක්ම උත්සාහ කල බවත් එම අවස්ථා දෙකේදීම ගිනි අවිය පත්තු නොවූ බවත් පැමිණිලිකරු පොලීසියට ප්‍රකාශ කර තිබේ.

මෙම ධීවර ව්‍යාපාරිකයා වන පැමිණිලිකරු පෙර වැරදි කිහිපයක් සම්බන්ධයෙන්ම පොලිසීයේ සටහන් වූ අයෙක් බවද හික්කඩුව පොලීසිය කියයි. මුදල් ගණුදෙනුවක් සම්බන්ධයෙන් පැමිණිලිකරුට චෝචනා එල්ල වි තිබෙන බවත් මෙම වෙඩි තැබීමට උත්සාහ කිරීම ඒ හා සම්බන්ධ කාර්ණයක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් හික්කඩුව පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් අද (03) දහවල් වන විටත් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නොතිබූ බවද හික්කඩුව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

හික්කඩුව වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගිහාන් මහතා පුමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න