අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හැකි නම් මුඛ ආවරණ දෙකක් හා මුහුණු ආවරණයක් පළඳින්න

හැකි නම් මුඛ ආවරණ දෙකක් හා මුහුණු ආවරණයක් පළඳින්න

(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් පැතිරීම ඉතා වේගයෙන් සිදුවන හෙයින් මුව ආවරණ දෙකක් පළඳින මෙන් තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නිවෙසින් බැහැරට යන විට දී මුහුණු ආවරණයක් (ෆේස් ෂීල්ඩ් ) පැළඳීම වඩාත් සුදුසු…

(හේමන්ත තුසිත කුමාර)


කොවිඩ් පැතිරීම ඉතා වේගයෙන් සිදුවන හෙයින් මුව ආවරණ දෙකක් පළඳින මෙන් තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නිවෙසින් බැහැරට යන  විට දී  මුහුණු ආවරණයක් (ෆේස් ෂීල්ඩ් ) පැළඳීම වඩාත් සුදුසු බවත් ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

තවදුරටත් අදහස් දැක්වූ ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේද පැවසුවාය.

තම තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට තම තමන් කටයුතු කළ යුතුයි. වෙනත් අය තීරණ ගන්නා තුරු නොසිට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කළ යුතුයි.ළඟම ඇති සායනයට ගොස්, වර්ගය ජාතිය නොබලා කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක් කඩිනමින් ලබා ගන්න.

සමහරුන් විදේශගත වීමට විවිධ එන්නත් වර්ග සොයමින් සිටිනවා. විදේශගත වීමට නම් කවුරුත් ජීවත්වී සිටිය යුතුයි. එන්නත් තේරීම බොරු වැඩක්. හැම දෙනෙක්ම  හැකි තරම් නිවෙස්වලට වී කාලය ගත කිරීම වැදගත්.කොරෝනා පාලනය කරගැනීමට හුදෙකලා වීමත් වැදගත්.කොරෝනා වලින් ගැලවෙන්න නම්  මූලික සෞඛ්‍ය කරුණු අකුරටම පිළිපදින්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හැකි නම් මුඛ ආවරණ දෙකක් හා මුහුණු ආවරණයක් පළඳින්න | Lanka Newsweek