අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හරීන්වයි-මල්ෂවයි බලන්න ජෙනරාල් දයා රත්නායක shangri-la ඇවිත්

හරීන්වයි-මල්ෂවයි බලන්න ජෙනරාල් දයා රත්නායක shangri-la ඇවිත්

හරීන් බදුල්ලෙන් ගම්පහට පනින්න යන ඇත්ත හේතුව මෙන්න ආණ්ඩුවෙන් රහස් පණිවිඩයක් දැයි එජාපය සැකයෙන් ශ්‍රී ලංකා වරයා අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක සහ බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු…

හරීන් බදුල්ලෙන් ගම්පහට පනින්න යන ඇත්ත හේතුව මෙන්න

ආණ්ඩුවෙන් රහස් පණිවිඩයක් දැයි එජාපය සැකයෙන්  

හරීන්වයි-මල්ෂවයි බලන්න ජෙනරාල් දයා රත්නායක shangri-la ඇවිත්

ශ්‍රී ලංකා වරයා අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක සහ බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් මේ දිනවල කොළඹ දී විටින් විට හමුවී විශේෂ සාකච්ඡාවක් සිදු කරමින් සිටින්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් "lankanewsweek" වෙත තොරතුරු වාර්තා වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිතවතෙකු වන ජෙනරාල් දයා රත්නායක මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිදු කළේ යැයි කියන මේ සාකච්ඡා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ විශේෂ අවදානය යොමු වී තිබෙන අතර මේ සම්බනධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද තොරතුරු වාර්තා වී තිබේ. 

දැන්වීම

ජෙනරාල් දයා රත්නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් මෙසේ හමු වී සාකච්ඡා පවත්වා ඇත්තේ කොළඹ,shangri-la හෝටලයේ හරීන් ප්‍රනාන්දු මහතා නවාතැන් ගෙන සිටින අති සුඛෝපභෝගී සුපිරි "Apartment" නිවස්නයේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍ හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ කොළඹ,shangri-la හෝටලයෙන් අති සුඛෝපභෝගී සුපිරි "Apartment" අති සුඛෝපභෝගී නිවස්නයක් කුලියට ගෙන මේ දිනවල නවාතැන් ගෙන සිටින්නේ ජනප්‍රිය නළු ජීවන් කුමාරණතුංග මහතාගේ දියණිය වන මල්ෂා කුමාරණතුංග මෙනවිය සමගය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් "lankanewsweek" සමග පැවසුවේ හරීන් ප්‍රනාන්දු මහතා මහ මැතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික්කය අත හැර ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණීමට උත්සහ කරන්නේ මල්ෂා කුමාරණතුංග සමග තිබෙන මේ සම්බන්ධයට ඔහුගේ මාමණ්ඩිය වන වින්සන් ඩයස්‌ සහ බිරිඳ  ඇතුළු පවුලේ අයගෙන් එල්ල වෙමින් පවතින විරෝධය මතය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හරීන්වයි-මල්ෂවයි බලන්න ජෙනරාල් දයා රත්නායක shangri-la ඇවිත් | Lanka Newsweek