අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හරි කමක් නෑ සහෝදරයා ඒත් අපි මාලිමාවට

හරි කමක් නෑ සහෝදරයා ඒත් අපි මාලිමාවට

" මෙවර වත්කම් සහ බැරකම් ප්‍රකාශවල ගොඩක් විස්තර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. සමහර අඩුපාඩුකම් තියෙන්න පුලුවන්,මිල සම්බන්ධයෙන්,වටිනාකම් සම්බන්ධයෙන්.ඒවා නිවැරදිකර ගන්න පුළුවන්.ඒවායේ තාක්ෂණික…

" මෙවර වත්කම් සහ බැරකම් ප්‍රකාශවල ගොඩක් විස්තර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. සමහර අඩුපාඩුකම් තියෙන්න පුලුවන්,මිල සම්බන්ධයෙන්,වටිනාකම් සම්බන්ධයෙන්.ඒවා නිවැරදිකර ගන්න පුළුවන්.ඒවායේ තාක්ෂණික අඩුපාඩුකම් නිවැරදි කරගන්න පුළුවන් "

කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස.

කතාව ඇත්ත.

දැන්වීම

ඒවායේ තියන තාක්ෂණික අඩුපාඩුකම් හදන්න පූළුවන් නම් හදලා දෙන්න.

කෝට්ටේ පැත්තේ පර්චි එකක් මිලියන හතරට වඩා වැඩි වෙද්දී මාලිමාවේ ඇමතිට විතරක් පර්ච් එක ලක්ෂ තුනක් වුනේ අඟට බින්දුව දාන්න බෑරිවෙලා කියලා අපි හිත හදාගන්නම්.

විජිත හේරත් පර්චස් 104 ක්ම රුපියල් 7000 කට අරන්.සමහරවිට ඒකේ අඟට බින්දු කීපයක් දාන්න බැරි වෙන්න ඇති කියලා අපි හිත හදාගන්නම්.

මෙච්චරටම තෑගි හම්බවෙලා තියෙන්නේ ජවිපෙ සහෝදරවරුන්ට පුදුම පරිත්‍යාගශීලී යාළුවෝ ඉන්න හින්දා කියලා අපි හිත හදාගන්නම්.

ජවිපෙ අයට පරම්පරාවෙන් ලොකු බූදල් තියනවා. ඒවා පිය උරුමයෙන් හරි මව් උරුමයෙන් හරි ඇවිත් කියලා අපි හිත හදාගන්නම්.

එහෙම වත්කම් තියෙද්දිත් නිර්ධන පන්තිය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කරන සේවය දිහා බලලා අපි හිත හදාගන්නම්.

ලංකාවේ වානිජ බැංකු 24ක් විතර තියනවා ඒවායින් 15ක එකම කෙනා ගිණුම් ආරම්භ කිරීම අලුත් ධනේශ්වර ප්‍රතිසංස්කරණයක් කියලා අපි හිත හදාගන්නම්.

මේ වත්කම්වලට හිමි බදු නොගෙවීම බදු වංචාවක් නෙවෙයි පුංචි අතපසුවීමක් හෝ අමතක වීමක් කියලා අපි හිත හදාගන්නම්.

මෙයාලගේ මේ වත්කම්වලට විශේෂ කැබිනට් තීන්දුවකින් බදු සහන දෙනවා නම් ඒත් අපි හිත හදාගන්නම්.

හිත හදාගන්න බැරිම තැනක් ආවොත් අපට පාන් වෙන්න ඇති කියලා කොහොම හරි හිත හදාගන්නම්.

- RRMC -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හරි කමක් නෑ සහෝදරයා ඒත් අපි මාලිමාවට | Lanka Newsweek