අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හරිනි එකවර ඇත්ත නොකියා ටික ටික ඇත්ත කියයි

හරිනි එකවර ඇත්ත නොකියා ටික ටික ඇත්ත කියයි

" සියලුම කුඩා පාසල් එකවර වසා දමන බවට වන මතය නිවැරදි නෑ,ඇතැම් පාසල් වසා දැමීමට සිදුවෙනවා." - අධ්‍යාපන ඇමතිනි හරිනි අමසූරිය අපේ රටේ පාසැල් පද්ධතිය මුහුණදී තිබෙන යථාර්ථය තමයි මේ. හරිනිගේ මේ ප්‍රකාශය…

" සියලුම කුඩා පාසල් එකවර වසා දමන බවට වන මතය නිවැරදි නෑ,ඇතැම් පාසල් වසා දැමීමට සිදුවෙනවා." - අධ්‍යාපන ඇමතිනි හරිනි අමසූරිය

අපේ රටේ පාසැල් පද්ධතිය මුහුණදී තිබෙන යථාර්ථය තමයි මේ. හරිනිගේ මේ ප්‍රකාශය හැපෙන්නේ එයාලගේ මැතිවරණ පොරොන්දුත් එක්ක. අනුර එදා කිව්වේ වැඩිම මුදල් වියදම් කරන්නේ අධ්‍යාපනයට කියලා.

හරිනිලා විපක්ෂයේ ඉන්නකොට කිව්වේ අධ්‍යාපන වෙනුවෙන් 6%ක මුදලක් වෙන් කරන්න ඕනි කියලයි. අපේ රටේ දළ ජාතික නිෂ්පාදනය සැලකෝවත්,අයවෑය ඇසාතමේන්තුව සැලකුවත් තවමත් අධ්‍යාපනයට දෙන්න ඕනි නිසි බර තියලා නෑ.

ඒක නිසා දවසින් දවස පාසැල් වැසීයාම වැඩිවෙනවා. එදා අනුර සහෝදරයා කිව්වේ ලමයින්ට යන්න පුලුවන් උපරිම දුර කිලෝමීටර් තුනයි. කිලෝමීටර් තූනෙන් තුනට අංග සම්පූර්ණ පාසැල් හදනවා කියලයි.

දැන්වීම

ඇත්තටම මේ ආණ්ඩුවට දැන් කරමින් තියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව අවසන් වැඩපිලිවෙලක් නෑ. අධ්‍යාපනයට ප්‍රතිසංස්කරණ ඕනි. ඒත් මොනවද කරන ප්‍රතිසංස්කරණ කියලා ඉදිරිපත් කරන්න අවසන් වාර්තාවක් ආණ්ඩුවට නෑ.

මේක හරිම භයානක තත්වයක්.

- RRMC -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න