හර්ෂ-ඉරාන් යන ආර්ථික ඔස්තාර්ලා සජිත්ව නොමඟ යවලා

සජිත් අගමැතිකම භාර නොගත්තේ ඒ නිසයි හර්ෂ-ඉරාන් ඉටු කළේ රනිල්ගේ කොන්ත්‍රාත්තුවක් ද..? සජිත්ගේ ආතතිය වැඩි වෙලාලු..! සජිත්ට උපදෙස් දෙන කේවට්ටයින්ගේ ඇත්ත තත්ත්වය මෙන්න අග්‍රාමාත්‍ය ධූරය භාර ගෙන නව…
සජිත් අගමැතිකම භාර නොගත්තේ ඒ නිසයි
හර්ෂ-ඉරාන් ඉටු කළේ රනිල්ගේ කොන්ත්‍රාත්තුවක් ද..?
සජිත්ගේ ආතතිය වැඩි වෙලාලු..!
සජිත්ට උපදෙස් දෙන කේවට්ටයින්ගේ ඇත්ත තත්ත්වය මෙන්න

අග්‍රාමාත්‍ය ධූරය භාර ගෙන නව ආණ්ඩුවක් පිහිටු වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ආරාධනය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතික්ෂේප කර තිබෙන්නේ සමගි ජන බලවේගයේ ආර්ථික ඔස්තාර්වරුන් ලෙස පෙනී සිටින ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මතය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල ලැබෙන තුරු රට ගෙන යාම සඳහා අවශ්‍ය ඩොලර් ජාත්‍යන්තරයෙන් සොයා ගත හැකි ද යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ගෙන් ඍජුව විමසා ඇති අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා තරයේ කියා තිබෙන්නේ එසේ ඩොලර් සොයා ගැනීමට කිසිසේත් නොහැකි අතර රටේ උද්ගත වී තිබෙන ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් නොමැති බවය ද.
දැන්වීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ගෙන් මෙම කරුණු විමසීම කර තිබෙන්නේ, ජනාධිපතිවරයාගේ ආරාධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කැඳවා තිබූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ය.
මේ ආරංචිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලැබී ඇති අතර ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේගය කිසිසේත් ආණ්ඩුව භාර නොගන්නා බව තේරුම් ගෙන ඇති ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය ධූරය භාර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කර ඇත්තේ එම පසුබිම යටතේය.
කෙසේ නමුත් සමගි ජන බලවේගයට අනුබද්ධිත ජාතික බුද්ධි මණ්ඩපය නියෝජනය කරන ආචාර්ය-මහාචාර්යවරුන් ගණනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවේ පෙන්වා දී ඇත්තේ රටේ උද්ගත වී තිබෙන ආරථික අර්බුදය විසඳිය හැකි බැවින් අග්‍රාමාත්‍ය ධූරය භාර ගෙන නව ආණ්ඩුවක් පිහිටු විය යුතු බවය.
එම විෂය ප්‍රාමාණික උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ උපදෙස් නොතකා ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන ආර්ථික ඔස්තාර්ලාගේ උපදෙස් සහ දැඩි අනතුරු ඇඟවීම් මත අග්‍රාමාත්‍ය ධූරය භාර නොගැනීම ගැන සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට සිටින්නේ දැඩි කලකිරීමකින්, මානසික කඩා වැටීමකින් සහ පසු තවිල්ලකින් බව සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේ, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන්, සජිත් ප්‍රේමදාස මහතාට වැරදි උපදෙස් ලබා දෙමින් ඔහු නොමඟ යැව්වේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුවකට අනුව ද යන සැකය සහ ප්‍රශ්නය සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ මේ වන විට උද්ගත වී තිබෙන බවය.
