අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හන්තාන නීතිය ආරාමවලට වලංගු නැද්ද..?

හන්තාන නීතිය ආරාමවලට වලංගු නැද්ද..?

හන්තානයේ සිදු කර ඇති භාවනා කුටි යැයි කියන ඉදිකිරීම් මෙන්න..! භාවනා කුටි සංචාරකයින්ට කුලියට දෙනවාලු..! හන්තාන රක්ෂිතය සුරැකීමේ සංවිධානය නිහඬ ඇයි..? මහනුවර උල්පත් කන්ද ආරණ්‍ය සේනාසනයට අයත් භාවනා කුටි…

හන්තානයේ සිදු කර ඇති භාවනා කුටි යැයි කියන ඉදිකිරීම් මෙන්න..!

භාවනා කුටි සංචාරකයින්ට කුලියට දෙනවාලු..!

හන්තාන රක්ෂිතය සුරැකීමේ සංවිධානය නිහඬ ඇයි..?

හන්තාන නීතිය ආරාමවලට වලංගු නැද්ද..?

හන්තාන නීතිය ආරාමවලට වලංගු නැද්ද..?

මහනුවර උල්පත් කන්ද ආරණ්‍ය සේනාසනයට අයත් භාවනා කුටි යැයි කියන විශේෂ කුටි 15ක පමණ ප්‍රමාණයක් හන්තාන රක්ෂිතයේ ඉදි කර තිබෙන බවට "lankanewsweek" වෙත තොරතුරු හෙළිදරව් වී තිබේ.

දැන්වීම

හන්තාන රක්ෂිතයේ ඉදිකිරීම් සිදු කිරීම, හන්තානය සුරැකීමේ නීතියට අනුව සපුරා තහනම්ව තිබියදී මහනුවර උල්පත් කන්ද ආරණ්‍ය සේනාසනය මැදිහත් වී එම රක්ෂිතයේ මෙම ස්ථිර ඉදි කිරීම් සිදු කළේ කෙසේද යන ප්‍රශ්නය මතු වන අතර පාරිසරික නීති රීති උල්ලංඝණය කරමින් සිදු කර ඇති මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් හන්තාන රක්ෂිතය සුරැකීමේ සංවිධානය මුණිවත රකින්නේ මන්දැයි එම ප්‍රදේශවාසීහු ප්‍රශ්න කරති.

භාවනා කුටි ලෙස හුවා දක්වමින් මෙම විශේෂ කුටි ඉදි කර ඇතත්, ඇත්ත වශෙයන්ම සිදු වන්නේ විදේශීය සංචාරකයින් සඳහා එම කුටි කුලියට ලබා දීම යැයි ද, ගහ කොළ ආදියෙන් ආවරණය වන පරිදි එම කුටි එළියට නොපෙනෙන අයුරින් ඉදි කර තිබෙන්නේ ඉතා සූක්ෂම ලෙස යැයි ද, මෙවැනි ආරණ්‍ය සේනාසන ගණනාවක් හන්තාන රක්ෂිතය අවට පිහිටා ඇතැයි ද එම ප්‍රදේශවාසීහු "lankanewsweek" සමග පැවසූහ.

හන්තානය සුරැකීමේ නීතිය ඇතුළු පාරිසරික නීති රීති උල්ලංඝණය කරමින් මහනුවර උල්පත් කන්ද ආරණ්‍ය සේනාසනය, හන්තාන රක්ෂිතයේ එම ඉදිකිරීම් කර ඇති ආකාරය හොර රහසේ ඡායාරූප ගත කර ඇති එම ප්‍රදේශවාසීන් එම ඡායාරූප "lankanewsweek" වෙත යොමු කර ඇති අතර එම ඡායාරූප අපි මෙසේ පළ කරමු.   

    හන්තාන නීතිය ආරාමවලට වලංගු නැද්ද..?

හන්තාන නීතිය ආරාමවලට වලංගු නැද්ද..?

හන්තාන නීතිය ආරාමවලට වලංගු නැද්ද..?

හන්තාන නීතිය ආරාමවලට වලංගු නැද්ද..?

හන්තාන නීතිය ආරාමවලට වලංගු නැද්ද..?

හන්තාන නීතිය ආරාමවලට වලංගු නැද්ද..?

හන්තාන නීතිය ආරාමවලට වලංගු නැද්ද..?

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හන්තාන නීතිය ආරාමවලට වලංගු නැද්ද..? | Lanka Newsweek