අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හදිසි ජනාධිපතිවරණයක ලකුණු..!

හදිසි ජනාධිපතිවරණයක ලකුණු..!

පාක්ෂිකයින්ට ඕනෑ එජාප ජනපති අපේක්ෂකයෙක්..! ඒකාබද්ධය පක්ෂයක් නොවෙයි කල්ලියක්..! කතානායක තීන්දුව අභියෝගයට ලක් කරනු බැහැ..! (සුජිත් මංගල ද සිල්වා) “කවුරුන් කුමක් කිව්වත් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන්…

පාක්ෂිකයින්ට ඕනෑ එජාප ජනපති අපේක්ෂකයෙක්..!

ඒකාබද්ධය පක්ෂයක් නොවෙයි කල්ලියක්..!

කතානායක තීන්දුව අභියෝගයට ලක් කරනු බැහැ..!

(සුජිත් මංගල ද සිල්වා)

“කවුරුන් කුමක් කිව්වත් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂයේම අපේක්ෂකයෙක් යැයි සභානායක සහ රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කළේය.

පළාත් සභා මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් එන ලකුණු තිබෙන්නේ යැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අනාවැකි පළ කළේය.

ඔහු මේ බව පැවසුවේ මහනුවර දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින් සමග පැවැත් වූ විශේෂ සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ ද කීය.

“2019  ජනවාරි මාසයෙන් පස්සේ ජනාධිපතිතුමාට ජනාධිපතිවරණයකට යන්න හැකියාව තියෙනවා.ඒ නිසා පළාත් සභා මැතිවරණයකට කලින් ජනාධිපතිවරණයක් එන්නත් පුළුවන්.

කවුරුන් කුමක් කිව්වත් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න  ඕනෑ. අපිට අපේ ආණ්ඩුවක්  ඕනෑ. ගමේ ජනතාවට  අවශ්‍ය අපේම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්.

යහ පාලන ආණ්ඩුවට ලැබුණ ඡන්දවලින් 80% ඡන්ද අපේ. එක්සත් ජාතික පාක්ෂිකයන්ට යමක් කරන්න නම් අපිට තනි ආණ්ඩුවක් අවශ්‍යයයි. එක්සත් ජාතික පක්ෂයට මීළඟ ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරන්න පුළුවන්.  ඒ ගැන කල්පනා කරලා අපි අපේ පක්ෂය තවත් ශක්තිමත්  කරන්න  ඕනෑ.

පසුගිය පළාත් පාලන මැතිවරණය ගැන සමහර අය උදම් ඇනුවා.  හැබැයි ඒ ඡන්ද ප‍්‍රතිඵල අනුව පොහොට්ටුවට මුළු ශ්‍රී ලංකාවෙන්ම 44% ක් ලැබුණා කියලා ඒ අය කියනවා. ඒ වුණත් සියයට 56ක්  පොහොට්ටුවට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ ගැන අපි කල්පනා කරන්න  ඕන.  කලබල වෙන්න අවශ්‍ය නැහැ.

ඒකාබද්ධ කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය ලබාගැනීම පිළිබඳ නොයෙකුත් ප‍්‍රකාශයන් සිදු කරමින් සිටිනවා. නමුත් පාර්ලිමේන්තුවේ උත්තරීතර ප‍්‍රධානත්වය හොබ වනු ලබන්නේ ගරු කතානායක තුමා විසිනුයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව විපක්ෂ නායක තනතුර හිමි විය යුත්තේ පාර්ලිමේන්තුව පිළිගත් දේශපාලන පක්ෂයකටයි. ඒකාබද්ධය පිළිගත් පක්ෂයක් නොවේ කල්ලියක් පමණයි.

මේ සියලු කරුණු සලකා බලමින් ඒකාබද්ධ කණ්ඩායමට විරුද්ධ පක්ෂ නායකත්වය උදෙසා කිසිම අයිතියක් නොමැති බව කතානායකතුමා විසින් තීන්දුකර අවසන්. එම තීන්දුව කිසිඳු අධිකරණයක අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් නැහැ. හිටපු කතානායකවරයෙකු වන අනුර බණ්ඩාරනායක මහතා විසින්ද මීට පෙර එවැනිම පැහැදිලි තීන්දුවක් ලබාදී තිබෙනවා. ඒ නිසා ඒකාබද්ධය අද උසාවි යනවා කියමින් සිදු කරන්නේ ජනතාව උසි ගැන්වීමේ කුමන්ත්‍රණයක්. එහි කිසිම පදනමක් නැහැ. මේ අය මේ කතා  කියන්නේ ගැලරියට.

මෙම අවස්ථාවට පක්ෂ සාමාජිකයින්, ප‍්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ආසන සංවිධායකවරුන්, ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
හදිසි ජනාධිපතිවරණයක ලකුණු..! | Lanka Newsweek