අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සෞඛ්‍ය සංගම් වෘත්තීය ක්‍රියා මාර්ගයකට සුදානමින්

සෞඛ්‍ය සංගම් වෘත්තීය ක්‍රියා මාර්ගයකට සුදානමින්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නොවැම්බර් 09 වනදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර ඇතැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන්…

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නොවැම්බර් 09 වනදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර ඇතැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය. 

අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිය සමිති 15කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා මෙසේද පැවසීය.

මාණ්ඩලික සේවා තත්ත්වය,  උසස්වීම් චක්‍රලේඛය නිකුත් කිරීම, දින සංශෝධනය කිරීම ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ට ලබා දුන් විශේෂ දීමනාව වර්තමානයට ගැළපෙන ලෙස සංශෝධනය කිරීම වැනි ඉල්ලීම් වහාම ක්‍රියාත්මක කළ යුතුයි යන බලපෑම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කරනවා.එම ඉල්ලීම් අපි දිගින් දිගටම සිදු කලත් කිසිදු පිළිතුරක් නෑ. අවසාන වතාවට අපි ඔක්තෝබර් 18 වෙනිදා සෞඛ්‍ය ඇමතිවරයාට ලිපියක් ලිව්වා සතියක් ඇතුළත අපිට පිළිතුරක් ලබා දෙන්න නැත්නම් අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යනවා කියලා. නමුත් අද වෙනකොට සාකච්ඡාවක් හෝ ලිපියට පිළිතුරක් හෝ ලබාදීලා නෑ. ඉදිරි සතිය තුළ නිශ්චිත විසඳුමක් මේ ප්‍රශ්නයට නැත්නම් නොවැම්බර් 9 වෙනිදා වෘත්තීයවේදීන් නියෝජනය කරන ආසන්න වශයෙන් සංගම් 15කට වැඩි ගණනාවක් එකතුවෙලා සංකේත වැඩවර්ජනයක් රට පුරා ක්‍රියාත්මක කරනවා. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සෞඛ්‍ය සංගම් වෘත්තීය ක්‍රියා මාර්ගයකට සුදානමින් | Lanka Newsweek