සුසිල් අස් කළා කියා ආණ්ඩුවේ පිපිරීම නවතනු බැහැ

ගෝඨාට එරෙහිව මෛත්‍රී සුසිල් වෙනුවෙන් පෙනී සිටියි හැට නව ලක්ෂය පොහොට්ටුවේ විතරක් නොවෙයි සුසිල්ට තැබූ අත ලංසාට නොතැබුවේ ඔහු සියලු රහස් දන්නා නිසයි මෛත්‍රී ගෝඨාට අභියෝග කරයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත…
ගෝඨාට එරෙහිව මෛත්‍රී සුසිල් වෙනුවෙන් පෙනී සිටියි
හැට නව ලක්ෂය පොහොට්ටුවේ විතරක් නොවෙයි
සුසිල්ට තැබූ අත ලංසාට නොතැබුවේ ඔහු සියලු රහස් දන්නා නිසයි
මෛත්‍රී ගෝඨාට අභියෝග කරයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ධූරයෙන් පහ කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළා කියා ආණ්ඩුවේ පිපිරීම වැළැක්විය නොහැකි වනු ඇතැයි හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.
හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ, මාතලේ "The Grand Mountain" හෝටලයේ පැවැති දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි.
දැන්වීම
සුසිල් ප්‍රේමජයන්ත මහතා කළ කතාවක් පදනම් කර ගනිමින් ඔහු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් පහ කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා ගෙවුණු සතියේ දී ආණ්ඩුව විවේචනය කරමින් ආණ්ඩුවට හයේ පහරවල් දෙකක් එල්ල කළත් ඔහු ධූරයෙන් පහ නොකළ බව පෙන්වා දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරමින් ඔහුට අත නොතැබුවේ කුමක් නිසාද යන්න පිළිබඳව තමා හොඳින්ම බව ද කියා සිටියේය.
හැට නව ලක්ෂයේ ඡන්ද පදනම ඒ අයගේ පමණක් යැයි ආණ්ඩුවේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමහර ලොක්කන් කියා සිටියත් යථාර්ථය එම තත්ත්වය නොවන බව පැවැසූ මෛත්‍රීපාල සිරිසේන මහතා එක ඇමතිවරයෙකු පමණක් අස් කර 2022 දී සිදු වන සිදු වීම වළක්වා ගැනීමට ආණ්ඩුවට නොහැකි වනු ඇතැයි ද සඳහන් කළේය.
ජනතාවගේ දුක, වේදනාව, ප්‍රශ්න සහ කඳුල හඳුනා ගෙන ආණ්ඩුව සිය වැරදි නිවැරදි කර ගත හොත් මේ පිපිරීම වළක්වා ගැනීමට ආණ්ඩුවට හැකි වනු ඇතැයි ද හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.
