සුරාසල් 4910න් 2000ක්ම මන්ත්‍රිවරුන්ගේ

රටේ ලියාපදිංචි සුරාසල් 4910ක් පමණ තිබෙන අතර ඒ සුරාසල්වලින් 2000කට වැඩි සංඛ්‍යාවක හිමිකාරිත්වය දරන්නේ වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින සහ මීට පෙර හිටපු මන්ත්‍රිවරුන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස්…
රටේ ලියාපදිංචි සුරාසල් 4910ක් පමණ තිබෙන අතර ඒ සුරාසල්වලින් 2000කට වැඩි සංඛ්‍යාවක හිමිකාරිත්වය දරන්නේ වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින සහ මීට පෙර හිටපු මන්ත්‍රිවරුන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා හෙළිදරව් කර සිටියි.
රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් සුරා වෙළෙඳුන් සහ මත් වෙළෙඳුන් බවට පත්වී ඇති විටෙක පාසල් ළමුන්ගේ බෑග් පරික්ෂා කිරීම වෙනුවට කළ යුත්තේ මත් වෙළෙඳුන්ගේ නිවෙස් පරීක්ෂා කිරීම බව ද ඔහු අවධාරණය කැඅ සිටියි.
ඩලස් අලහප්පෙරුම මහතා මේ බව කියා සිටියේ කොළඹ දී සඳුදා (26) නිදහස ජනතා සභාව විසින් පැවැත්වූ ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් වන අතර එහිදී ඔහු මෙසේ ද පැවසීය.
"මේ පිරිසගේ නම් කියන්න මම කවදාත් පැකිළෙන්නේ නැහැ. මම මේ පාපයට සම්බන්ධ නොවෙච්ච කෙනෙක්. අවශ්‍ය වෙලාවට ඒ සියලු දේ හෙළිදරව් කරන්නම්. මාධ්‍ය ආයතන විදිහට සහ ගවේෂණශීලී මාධ්‍යවේදීන් විදිහට මම ඔබටත් ආරාධනා කරනවා. එක්කෝ මම වැරැදි නම් මාව නිවැරැදි කරන්න. රටට කියන්න මේ කරපු ප්‍රකාශය වැරැදියි කියලා. එහෙම නැත්නම් ඒ තොරතුරු මත පදනම් වෙලා ඔබ ඉදිරියට යන්න. මම ඔබත් එක්ක එකතු වෙලා ඒ අවශ්‍ය තොරතුරු, සියලු දත්තයන් සමග සමාජ ගත කරන්න කටයුතු කරනවා"