අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සුන්දර ඉන්දුනිශියාවට සින්ගප්පුරු ගුවන් සේවයෙන් පියාසර කරමු

සුන්දර ඉන්දුනිශියාවට සින්ගප්පුරු ගුවන් සේවයෙන් පියාසර කරමු

(අශන්ති වරුනසුරිය) ඉන්දුනිසියාවේ නවතම සංචාරක පුරවරය වන "යෝග්‍යකර්තා" වෙත පහසුවෙන් පියාසර කිරීමේ වරම් ඔබට ලබා දීමට සිංගප්පුරු ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. සුන්දර ඉන්දුනිසියාවේ බෞද්ධ සිද්ධස්ථාන…

(අශන්ති වරුනසුරිය)

ඉන්දුනිසියාවේ නවතම සංචාරක පුරවරය වන "යෝග්‍යකර්තා" වෙත පහසුවෙන් පියාසර කිරීමේ වරම් ඔබට ලබා දීමට සිංගප්පුරු ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. සුන්දර ඉන්දුනිසියාවේ බෞද්ධ සිද්ධස්ථාන රැසකින් සමන්විත වන යෝග්‍යකර්තා බෞද්ධ මෙන්ම හිංදු සහ දමිළ ජනතාවටද තම ආගමික වටිනාකමක් රැසක් ලබා දෙන නගරයකි. ශ්‍රී ලාංකික සංචාරකයන්ට ෆ්‍රී විසා පහසුකමද යටතේ ඉන්දුනිසියාවට යාමට හැකියාව ඇති අතර මේ වන විට සිංගප්පුරු ගුවන් සමාගම මෙම අත්දැකීම් ලබා ගැනීමේ පහසුකම් වැඩි කරමින් තම ගුවන් වාරද පුළුල් කර ඇති බව එහි මහජන සම්බන්දතා කළමනාකාරිනී ශිහානා කාඩර් මහත්මිය සදහන් කරයි.

සිංගප්පුරු ගුවන් සමාගමේ අඩු මිළ ගුවන් සේවය වන සිල්ක් එයාර් ද සමග සිගප්පුරු ගුවන් සේවය ගෙන දෙන උපරිම ගුවන් ගමන් සේවාව සැබවින්ම අධි සුකොපොභෝගී පහසුකම් රැසකින් සමන්විතය. දැරිය හැකි මිල ගණන් යටතේ සියල්ල සම්පාදනය කර ඇති සිංගප්පුරු ගුවන් සමාගම ඔබට අවශ්‍ය පරිදි ඔබගේ රුචිකත්වය මත අහාර තෝරා ගැනීමේ පහසුවද ලබා දෙයි. මිත්‍රශීලි කාර්ය මණ්ඩලය , අගල් 15 පුළුල් තිරයකින් යුත් රුපවාහිනී යන්ත්‍ර පහසුකම් ආදී ලෙසින් ඇති නවීන තාක්ෂණික පහසුකම් රැසකින් තම පාරිභෝගික අවශ්‍යතා සම්පුර්ණ කිරීමට සිංගප්පුරු ගුවන් සමගම නිරතුරුව කටයුතු කරයි. සුකොපොභෝගී ආසන පහසුකම් මෙන්ම ව්‍යාපාර  පංතිය වෙනුවෙන් තවත් එක වන පහසුකම් රැසකි. සිගප්පුරුවේදී ලැබෙන ඊලග ගුවන් ගත වන කාලයට අනුව තම පාරිභෝගිකයන්ට නොමිලේ සිංගප්පුරුව නැරබීමටද  අවස්ථාව ඇත.  මෙලෙස ගන්න මහන්සිය නිසාම වසර 25 ක කාලය තුලදී වැඩිම සම්මාන දිනූ ගුවන් සමාගම ලෙසින්ද සිංගප්පුරු ගුවන් සමගම සටහන් වීම අරුමයක් නොවේ.

විශේෂයෙන්ම සිංගප්පුරු ගුවන් සමාගමේ ඉලක්කය වන්නේ තම පරිගොකයන් ගුවන් ගත වන කාලය තම නිවහන සේ රදවාලිමය.  2017 වසරේ මාර්තු මස සිට මෙරට ගුවන් වාර පුළුල් කරමින් මේ වන විට ගුවන් වාර  100 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් විවිද සැතපුම් බලා ගුවන් ගත කෙරෙන බව සිංගප්පුරු ගුවන් සමාගමේ ප්‍රධාන කළමනාකරු  හොං යොං හු      පවසයි. ඉන්දුනිශියාව සැබවින්ම සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් රටකි. ලොව විශාලතම පන්සල ලෙස හදුන්වන බොදුබොරෝබුදුර් පන්සල මෙන්ම ලොව විශාලතම හින්දු කෝවිල ලෙස හැදින්වෙන ප්‍රම්බනන් හින්දු පන්සල යෝග්‍යකර්තාහි සුවිශේෂී ස්ථාන වේ. නිරන්තරයෙන් ගිනිකදු පිපිර්ම් වලට ලක් වන ඉන්දු නිශියවේ එවන් සිදුවීම් වලට ලක්වූ නගරද අද සංචාරකයන්ට දැක බලා ගත හැකිය. මෙරාපි ලවා ටුවර් එවන් තැනකි. විශේෂිත ජීප් රථ මගින් සංචාරකයින්ට එම ස්ථාන කරා යාමේ පහසුකම් ඇත.  සංචාරකයන්ට අවශ්‍ය ප්‍රනීත කෑමබීම ,ඇදුම් පැළදුම් සුකොපොභෝගී හොටෙල් පහසුකම් සියල්ල යෝග්‍යකර්තා නගරයෙන්  ඔබට සලසා ගත හැකිය . මේ සියල්ල පහසු මිල ගණන් යටතේ ලබා ගත හැකිය.

එම ප්‍රාන්තයේ ප්‍රධානියාගේ සුල්තාන් මැදුර ලෙසින් හදුන්වන මන්දිරය, මනරම් මුහුදු වෙරළවල්, සත්ව උද්‍යාන, එරටට අවේනික වූ චරිත්‍රනුකුල විලාසිතා  නාට්‍ය මෙන්ම රැගුම් , ගිනිකදු ,දුර්ලභ ගනයේ ස්වභාව සෞන්ධර්යාත්මක ස්ථාන රැසක නැවුම් අත්දැකීම් රැසක්  යෝග්‍යකර්තා වෙතින් ඔබට ලබා ගත හැකිය. වරප්‍රසාද රාශියක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සලසවමින් ශ්‍රී ලංකික සංචාරකයන්ට උපරිම වින්දනීය සංචාරයක් ලබා දීමට එරට සංචාරක ආයතනය සමග කතා කර ඉඩ සලසා ඇති බව උප ප්‍රධානි ශ්‍රී ලංකා සංචාරකයන්ගේ සංගමයේ චන්න විජේමාන්න පවසයි.

එරට ප්‍රධාන පෙලේ  සංචාරය ආයතනද ශ්‍රී ලාකික සංචාරකයන් වෙනුවෙන් පහසුකම් ලබා දීමට සැදී පැහැදී සිටිති .සිගප්පුරු ගුවන් සමාගම සිල්ක් එයාර් සමගින් ඉන්දොනිශීය නගර  12කට සතියකට ගුවන් වර 60 ක් පියාසර කරයි. ඉන්දොනිශියාවේ මේ අළුත්ම සංචාරක අත්කිම් සිංගප්පුරු ගුවන් සේවය සමග විද ගන්න එක් වන ලෙසට ඔවුන් ඔබර ආරාධනා කරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
සුන්දර ඉන්දුනිශියාවට සින්ගප්පුරු ගුවන් සේවයෙන් පියාසර කරමු | Lanka Newsweek