සුදු වෑන් සංස්කෘතිය මගේ නොවෙයි

වඩා වැදගත් වන්නේ අතීතය ගැන කතා කිරීම නොව වර්තමානයත්, අනාගතයත් ගැන කතා කිරීම බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අඟහරුවාදා (15) පැවතී මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේය. මේ…
වඩා වැදගත් වන්නේ අතීතය ගැන කතා කිරීම නොව වර්තමානයත්, අනාගතයත් ගැන කතා කිරීම බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අඟහරුවාදා (15) පැවතී මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේය.
මේ මාධ්‍ය හමුව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වූ අතර ඒ සඳහා හිටපු ජනධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන දේශපාලන පක්ෂ නායකයින් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක්ස එක්ව සිටියහ.
එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ තමා කිසිදු දිනෙක සුදු වෑන් සංස්කෘතියක් ආරම්භ නොකළ බවය.